Online Media Highlights

Mahindra Powerol” විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා අයිඩියල් මෝටර්ස් වෙතින් අලෙවියෙන් පසු අද්විතීය සේවාවක්

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම,‍් මහින්ද්‍රා මෝටර් රථ, යතුරු පැදි හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදා හරින්නා වන අයිඩියල් මෝටර්ස්, අලෙවියෙන් පසු පාරිභෝගිකයින් හට සලසන විශිෂ්ට සේවාව හේතුවෙන් ඉතා කෙටි කලකින් වෙළෙඳ පොළ ආධිපත්‍යය නතු කර ගැනීමට සමත් වී තිබේ. 2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම, Mahindra Powerol ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදා හරින්නා බවට පත් විණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ කුඩා හා මහා පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් Mahindra Powerol ශ්‍රී ලංකාවේ බලමෙවලම් වෙළෙඳ පොළ තුළ ප්‍රධාන තැනක් උසුලමින් සිටියි. Mahindra Powerol ජෙනරේටරයක් යනු මහින්ද්‍රා එන්ජිමක් සමග ක්‍රියා කරන ප්‍රබල විදුලි උත්පාදක යන්ත්‍රයක් වන අතර එය අවම ඉන්ධන පරිභෝජනයක් සහිත, කල්පැවැත්ම අතින් ඉහළ මෙන්ම, ඝෝෂාකාරී ශබ්දයෙන්ද අවම ඉතාමත් කාර්යක්ෂම විදුලි උත්පාදන යන්ත්‍රයකි.

Mahindra Powerol ජෙනරේටර් යන්ත්‍ර විදුලි උත්පාදනය අතින්, 5 KVA සිට 320 KVA දක්වා ලබා ගත හැකි අතර මාදිලි 22 ක් යටතේ ඉතා ආකර්ෂණීය මිලකට, දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදී ගත හැකිය. මෙම ජෙනරේටර් යන්ත්‍ර කාණ්ඩ දෙකක් යටතේ වෙළෙඳ පොළට නිකුත් වේ. එනම්,‍් තැනින් තැන ගෙන යා හැකි, 5 KVA සින්ගල් පේස් පෝටබල් ජෙනරේටර් යන්ත්‍ර කාණ්ඩය හා 10KVA 1P/3P to 320KVA, ත්‍රී පේස් විදුලි උත්පාදනයක් සහිත, කර්මාන්ත ජෙනරේටර් කාණ්ඩයයි.

Mahindra Powerol, ඩීසල් ජෙනරේටර් යන්ත‍්‍රවල ජාත්‍යන්තර ප‍්‍රමුඛයා වන අතර එය ලොව පුරා බලමෙවලම් පාරිභෝගිකයින් ආදරයෙන් වැලඳ ගත් සන්නාමයක්. Mahindra Powerol ජෙනරේටර් යන්ත්‍ර සන්නිවේදන ප්‍රමුඛයින්, කර්මාන්තශාලා, හෝටල්, බැංකු සහ වාහන සේවා ස්ථානයන්හි පළමු තේරීම වන අතර අයිඩියල් මෝටර්ස් හි අපි විවිධ ස්ථානවලට ගැලපෙන ජෙනරේටර් යන්ත්‍ර ගණනාවක් ඉදිරිපත් කරනවා.” අයිඩියල් මෝටර්ස් හි Powerol නිෂ්පාදන මෙහෙයුම් කළමනාකරු ජනක කුලතුංග මහතා පැවසීය.

අයිඩියල් සමූහය විසින් මෑතකදී 5KVA ජෙනරේටර් යන්ත්‍ර 7 ක් විශේෂ වට්ටම් සහිතව තිස්සමහාරාමයේ බහුකාර්ය සමුපකාර සමිතියේ (MPCS) ස්ථාපනය කරන ලදී. Powerol ජෙනරේටර් යන්ත්‍ර බෙදා හැරීමේ බලයලත් හිමිකාරිත්වය ලැබීම මත,‍් අයිඩියල් මෝටර්ස් විසින් මෙම ජෙනරේටර් යන්ත්‍ර ඒවා නිරන්තරයෙන් අවශ්‍ය කර්මාන්තශාලා, හෝටල්, බැංකු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ටෙලිකොම් සහ ඔටෝ මිරාජ් වැනි ආයතන වෙත අඛණ්ඩව සපයා තිබේ.

“Mahindra Powerol ජෙනරේටර් යන්ත්‍රවල සුවිශේෂී ලක්ෂණ ලෙසින් සඳහන් කළ හැක්කේ, ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් සුදුසු අඩු ඉන්ධන පරිභෝජනය සහ අඩු ශබ්ද මට්ටම යි. අද වන විට, පාරිභෝගිකයින් Mahindra Powerol ජෙනරේටර් යන්ත්‍ර කෙරෙහි විශ්වාසය තබා තිබෙන අතර අයිඩියල් මෝටර්ස් විසින් පිරිනමනු ලබන අලෙවියෙන් පසු හොඳම සේවාව පිළිබඳව ඉතාමත් තෘප්තිමත්. අලෙවියෙන් පසු අද්විතීය සේවාවක් සඳහා අයිඩියල් මෝටර්ස් ප්‍රසිද්ධියක් උසුලන අතර, දිවයින පුරා පිහිටි එහි ශාඛා ජාලය මගින් පාරිභෝගිකයින් හට බාධාවකින් තොරව අලෙවියෙන් පසු විශිෂ්ට සේවා අත්දැකීම් ලබා දීමේ හැකියාව පවතිනවා. පාරිභෝගිකයින්ගේ පහසුව අපගේ සැලසුම්වල ප්‍රධාන අංගයක්. ඔවුන්ට අවශ්‍ය සියලු සේවාවන් සඳහා ළඟම ඇති අයිඩියල් මෝටර්ස් නියෝජිතයා සමග සම්බන්ධ වීමට හැකියි.” කුලතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා ස්ථාන 15 මගින්, දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාරිභෝගිකයින් හට අලෙවියෙන් පසු කාර්යක්ෂම සේවාවන් සපයයි. පාරිභෝගිකයින් මිලදී ගන්නා Mahindra Powerol ජෙනරේටර් යන්ත්‍රයක් සම්බන්ධයෙන්ම අලුත්වැඩියා සේවාවන් ගැන හෝ අමතර කොටස් ගැන කරදර වීමට හෝ කාලය හා මුදල් නාස්ති කිරීමට අවශ්‍ය නොවන බව අයිඩියල් මෝටර්ස් සහතික කරයි.

අයිඩියල් මෝටර්ස් සතුව,පාරිභෝගික ඉල්ලුම පරිදි සැපයුම ලබා දීමට සූදානම්, 400 කට අධික දීප ව්‍යාප්ත අමතර කොටස් අලෙවිකරුවන්ගේ ජාලයක් පවතී. ඒ හැරුණු විට, Mahindra Powerol ජෙනරේටර් යන්ත්‍රයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් හට අවශ්‍ය නම් ලීසිං පහසුකම් වුව ලබා ගත හැකිය. කෙටියෙන් සඳහන් කළහොත්  අයිඩියල් මෝටර්ස් මගින් මිලදී ගැනීමේදී, යන්ත්‍රය සවි කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම, සේවාවන් හා අමතර කොටස් පිළිබඳ උපදෙස්, ඇතුළුව සමස්ත ක්‍රියාවලිය පිළිබඳව අයිඩියල් මෝටර්ස් වග බලා ගනියි. එහි ඉහළම සුදුසුකම් සැපිරූ ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ සහයෙන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට සරිලන ජෙනරේටර් යන්ත්‍රයක්  මිලදී ගැනීමේ හැකියාව පවතී.

Mahindra Powerol ජෙනරේටර් සඳහා 2014 වසරේදී‍, ජපාන විද්‍යාඥයින්ගේ එකමුතුව (JUSE) මගින් Deming Prize සම්මානය හිමි වුණු අතර, Total Quality Management (TQM) වෙතින් ද සම්මාන හිමි වී තිබේ.  එමෙන්ම,‍් 2017 වසරේදී, නව දිල්ලියේ පැවැත්වුණු Glittering Awards Ceremony සම්මාන උළෙලේදී,‍් ‘’Super Brand in the World’’ සම්මානය හිමිකර ගැනිමටද Powerol සන්නාමය සමත් විය.

ඡායාරූප විස්තරය-

  1. ඔටෝ මිරාජ් පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති Mahindra Powerol ජෙනරේටරය
  2. Hilldale Retreat හෝටල් පරිශ්‍රයේ Mahindra Powerol ජෙනරේටරය
  3. Lakme Export Co (Pvt) Ltd හි සවි කර ඇති Mahindra Powerol ජෙනරේටරය
  4. Janaka Kulathunge, Manager – Operation of Powerol නිෂ්පාදන සඳහා මෙහෙයුම් කළමණාකරු- ජානක කුලතුංග මහතා
Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *