Sinhala

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක්

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුර දායක කර ගැනීමේ අරමුණින් ලෙසින් හඳුන්වා දුන් වැඩසටහනකි.

TikTok විසින් හඳුන්වා දී ඇති “Challenge” විශේෂාංගය ප්‍රයෝජනයට ගනිමින් #BondWithHutch අභියෝගය හච් විසින් මෙරට තරුණ තරුණියන් වෙත ලබා දුන් අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් තරුණ පරපුරෙහි දායකත්වය TikTok මගින් ලබා ගනිමින් මෙරට සිදු කෙරුණු ප්‍රවර්ධනාත්මක වැඩසටහන් අතර මෙය පුරෝගාමී වෙයි. එමෙන්ම මෙම වැඩසටහන, කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා, ජනප්‍රිය බලපෑම්කරුවන් සමූහයක් යොදා ගනිමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ වැදගත්කම ජනතාවට සිහිපත් කරමින් සිදු කළ කාලීන ප්‍රවර්ධනාත්මක වැඩසටහනකි.   

මෙම හච් TikTok  අභියෝගය  ඉතාමත් ඉක්මණින් විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් TikTok භාවිත කරන බොහෝ පිරිසක් #BondWithHutch සංගීතයට අනුව සිය වීඩීයෝ නිර්මාණය කර තිබිණි. #BondWithHutch අභියෝගය, ශ්‍රී ලංකාවේ ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් සන්නාම ප්‍රවර්ධන වැඩසටහන ලෙසින් සලකුණු තබමින්, නැරඹුම් වාර මිලියන 2 ක් ළඟා කර ගැනීමට ඊට ගතව තිබුණේ දින දෙකක් පමණි. ඒ අනුසාරයෙන් පරිශිලකයින් 500 කට වැඩි පිරිසක් විසින් වීඩියෝ නිර්මාණය කිරීමේ ජයග්‍රහණය සමගින්, සතියක් තුළ ඊට ලැබුණු නැරඹුම් වාර ප්‍රමාණය මිලියන 3 ක් දක්වා වර්ධනය වී තිබේ.

#BondWithHutch ගීතය මුළුමනින්ම නිර්මාණය කරන ලද්දේ මෙම TikTok අභියෝගය සඳහා වන අතර, එමගින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන වගකිවයුතු පුරවැසියෙකුගේ භූමිකාව ඉටු කිරීම (මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම සහ මීටරයක පරතරය තබා ගැනීම වැනි) පිළිබඳ අර්ථවත් පණිවිඩයක් ඉදිරිපත් කෙරේ.  

#BondWithHutch අභියෝගය පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන අලෙවි නිලධාරිනී රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළේ මෙවැන්නකි.

“මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සමග, හච් වෙත අවශ්‍ය වුණේ, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තරුණ පරපුර විසින් භාර ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව යම් වෙනසක් සිදු කිරීමටයි. මෙමගින්, නිසි සෞඛ්‍යාරක්ෂණ උපදෙස් ජනතාව අතරට ගෙන යාමට පමණක් නොව, නිවෙස්වල සිර වී සිටින පිරිසගේ මුවගට සිනහවක් ගෙන ඒමට හැකිවීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.”

මෙම #BondWithHutch අභියෝගය, හච් නවතම සන්නාම තානාපතිනිය ගයත්‍රි ශාන් හා ජනප්‍රිය නිළියන්/නිර්මාණ ශිල්පිනියන් වන ශනුද්‍රි ප්‍රියසාද්, ඕෂධී හිමාෂා,‍් ටනාශා හතරසිංහ, දිල්කි උරේෂා මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ ජනප්‍රියත්වයක් හිමි කරගත්  සචිනි නිපුන්සලා ධනු ඉන්නසිදම්බි, සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය තරු වන රමෝද් මාලක, ආදිල් ඔස්මාන්, දේදුනු ආකර්ෂණී, ශෛනි නේතිකුමාර හා කාව්‍යා ඊරියගම ආදී ශිල්පීන් හා ශිල්පිනියන්ගේ අපූරු සහයෝගයෙන් ඉතාමත් සාර්ථකත්වයට පත්ව තිබිණි.

ඔවුන් #BondWithHutch අභියෝගය භාරගෙන තිබුණේ, කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමේ පණිවිඩය තමන්ටම ආවේණික TikTok  වීඩියෝවලින්, සවිස්තරාත්මකව ඉදිරිපත් කරමිනි. ඉතා පහසුවෙන් මතක තබා ගත හැකි ආකාරයට ඉදිරිපත් කෙරුණු මෙම නව අභියෝගයට ඊට එක්වූවන්ගේ ඉමහත් පැසසුම් හිමි විණි. කොවිඩ් වසංගතය පිළිබඳ රටපුරා දැනුවත් කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් තරුණ තරුණියන්ට සිය නිර්මාණාත්මක හැකියාවන් පහසුවෙන් ප්‍රදර්ශනය කිරීමටද එය මාහැඟි අවස්ථාවක් විය.

හොංකොං මූලස්ථානය කර ගත් CK හචිසන් සමාගම අනුබද්ධ දේශීය සමාගම වන හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, මෙරට සන්නිවේදන සේවා සමාගම් අතරෙහි කැපී පෙනෙන සමාගමකි. 2019 වසරේදී එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, 078 හා 072 අංක දරන හච් පාරිභෝගිකයින්  හට සේවාවන් පිරිනමිමින්, හච් ජාලය දීප ව්‍යාප්ත දැවැන්ත 4G ජාලයක් ලෙසින් ව්‍යාප්ත කෙරිණි. ඒ සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම හච් පාරිභෝගිකයින්ගේ ජාල අවශ්‍යතා සපුරාලීම පිණිස ‘දැවැන්ත හා සමීප’ සේවාවක් පිරි නැමීමට හච් වෙත හැකියාව සැලසී තිබේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *