Sinhala

ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ස්වදේශී වෙතින්, ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කළ “කොහොඹ බේබි ඇවකාඩෝ” ළදරු සබන් වෙළෙඳ පොළට

සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. ළදරු සම තවත් සුසිනිදු කරන මෙම “ඇවකාඩෝ” ළදරු සබන් නිපදවා ඇත්තේ, කොහොඹ, අලිගැට පේර සාරය සහ අනෙකුත් ශාකසාර අමුද්‍රව්‍ය මිශ්‍රණයෙනි.

“වසර 80 කට වැඩි කාලයක් පුරා ශාකසාර සබන් නිෂ්පාදන සම්බන්ධයෙන් අනර්ඝ ඉතිහාසයක් ස්වදේශී කර්මාන්තායතනය සතු වෙනවා. ශ්‍රී ලාංකීය සන්නාමයක් ලෙසින් එම කාලය තුළ, සමෙහි ආරක්ෂාව සහතික කරන, ශාකසාර මහිමය රැගත් හොඳම නිෂ්පාදන පාරිභෝගිකයින් හට තිලිණ කිරීමට අපි  කැපවී සිටිනවා. ප්‍රධාන වශයෙන්, “කොහොඹ” ශාකසාරය පදනම් කරගත් නිෂ්පාදන සමග මෙලෙස අලිගැට පේර සාරය මුසු කරමින් අපගේ නිෂ්පාදන වැඩි දියුණු කර එකතු කිරීම, අපගේ නිෂ්පාදන පෙළ සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමක්. අපගේ සබන් නිෂ්පාදන සියල්ලම පර්යේෂණයන්ගෙන් අනතුරුව, 100% ශාකසාර අමුද්‍රව්‍ය භාවිතා කරමින්‍, නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම ඉහළම ගුණාත්මක තත්ත්වයක් පවත්වා ගනිමින් නිපදවන බවට විශ්වාසයෙන් යුතුව සඳහන් කළ හැකියි” ස්වදේශී කර්මාන්තායතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නව “කොහොඹ බේබි ඇවකාඩෝ සබන්” කොහොඹ, අලිගැට පේර සාරය  සහ ඔලිව් තෙල් ඇතුළත් වන අතර, ඒවායේ අඩංගු පිරිසිදුකාරක සංඝටක මෙන්ම, තෙතමනය හා පෝෂණය සුරකින සංඝටක හේතුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ, සම ස්වභාවික ලෙස ආරක්ෂා කිරීම සඳහා එම අමුද්‍රව්‍ය භාවිත කර තිබේ. අලිගැට පේර සාරය යනු ස්වාභාවික විටමින් ඒ, ඩී සහ ඊ සංඝටක මෙන්ම, සමෙහි තෙතමනය හා පෝෂණය සුරකින තවත් සංඝටක ඇතුළත් තෙතමනය හා පෝෂණය සුරකින හොඳම ශාකසාර වලින් එකකි. මීට අමතරව අලිගැට පේර තෙල්වල ඔමේගා-3 ද අඩංගු වේ. අලිගැට පේර පෝෂණයෙන් පොහොසත් බව ප්‍රකට කරුණක් වන අතර, සම කැසීම්වලින් හා වියළීමෙන් ආරක්ෂා කිරීමටද ඊට හැකි වේ. ස්වදේශී කොහොඹ බේබි නිෂ්පාදන සඳහා භාවිත කරන සියලුම විලවුන් සංඝටක,‍ ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ. ළදරුවන්ගේ සමට හිතකර පිරිසිදු කාරක සංඝටක ඇතුළත් Neem / Margosa යනුවෙන්ද හැඳින්වෙන කොහොඹ සාරය, සියලු කොහොඹ බේබි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්‍රධානතම සංඝටකයයි.

ස්වදේශී කොහොඹ බේබි සැමවිටම සොබාදහමේ වර්ණ සංකලන අනුකරණය කරමින් නිෂ්පාදනය කර ඇති අතර,‍ නවතම කොහොඹ බේබි ඇවකාඩෝ සබන් නිෂ්පාදනයද ලා කොළ පැහැති සබන් කැටයක් ලෙසින් නව ඇසුරුමකින් යුතුව එළි දක්වා තිබේ. එමෙන්ම, කොහොඹ බේබි ඇවකාඩෝ සබන් නිෂ්පාදන පහක් ඇතුළත්  (කොහොඹ බේබි 5 in 1 Eco Pack) එක් ලාභදායී ඇසුරුමක් ලෙසින්ද වෙළෙඳ පොළට නිකුත් කර ඇති අතර, පොලිතින් දුරලීම වෙනුවෙන් කැපවන ස්වදේශී කර්මාන්තායතනය මෙම නිෂ්පාදනය පාරිභෝගිකයින් අතට පත් කරනු ලබන්නේ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුමක් සමගිනි.

සබන් සිට කොලෝන්, ක්‍රීම් පවුඩර්, ඔයිල්, ෂැම්පූ සහ ගිෆ්ට් පැක් නිෂ්පාදන ඇතුළත් පුළුල් පරාසයක නිෂ්පාදන සහිත වෙළඳපොළේ ඇති එකම ශාකසාර ළදරු සත්කාරක වෙළඳ නාමය, ස්වදේශී කොහොඹ බේබි වේ. “කොහොඹ බේබි” සබන් සන්නාමයට අලුතින් හඳුන්වා දුන් “කොහොඹ බේබි ඇවකාඩෝ සබන්” සමග, දැන් සබන් ප්‍රභේද වර්ග හතරක් ඇතුළත් වන අතර, එම නිෂ්පාදන, කොහොඹ බේබි හ(ර්)බල් සබන්, කොහොඹ බේබි ෆ්ලෝරල් සබන් සහ කොහොඹ බේබි වෙනිවැල් සබන් ලෙසින් වෙළෙඳ පොළේ පවතී.

ශාකසාර සබන් නිශ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), ලේඩි, බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර ඇතුළත්  පාරම්පරික සබන් සන්නාමය වන කොහොඹ  සහ රූ වඩන සබන් සන්නාමය වන “රාණි සඳුන්” නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කරන්නේද, ස්වදේශී කර්මාන්තායතනයයි.

සෑම කොහෙඹ බේබි නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කළ නිෂ්පාදන පෙළකි. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම,‍ ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ. ළදරු සම විෂබීජවලින් හා ඉරිතැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා මෘදු සුසිනිදු පිරිසිදු කාරක ගුණාංගවලින් යුත් කොහොඹ ශාකසාරය, ස්වදේශී කොහොඹ බේබි සබන් නිෂ්පාදනවල අඩංගු ප්‍රධාන සංඝටකය වෙයි. පර්යේෂණවලින් අනතුරුව නවීනතම යන්ත්‍රානුසාරයෙන් නිපදවනු ලබන නවතම සබන් වර්ග, ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබේ. 

ඉහළම තත්ත්වයේ ගුණාත්මක බවින් යුතු ස්වදේශී නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීම, සංවර්ධන හා පර්යේෂණ සඳහා සමාගම කරන ලද ආයෝජන මැනවින් පිළිඹිබු කරන්නක් වන අතර,  ISO 9001 – 2015 ප්‍රමිතින් යටතේ සහතික කරන ලද අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක්ද ස්වදේශී කර්මාන්තායතනය සතු වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *