Sinhala

ප්‍රොපර්ටි ගුරු, ආසියා- පැසිෆික් සම්මාන උළෙලේ දී දේපොළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන කලාපීය සමාගම් රැසක් සම්මානයෙන් පිදුම් ලබයි

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රොපර්ටි ගුරු විසින් 15 වැනි වරට පවත්වන ලද ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල පසුගියදා කලාපයේ ප්‍රමුඛතම සමාගම් රැසක් සහභාගි කර ගනිමින්, පසුගියදා දුරස්ථ සම්මාන උළෙලක් ලෙසින් පැවැත්විණි. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් කැපී පෙනෙන සමාගම් රාශියක් එහිදී සම්මානයට පාත්‍ර විණි.

ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල,‍් වසර 15 ක් අඛණ්ඩව පැවත්වෙන කීර්තිමත් සම්මාන උළෙලක් වන අතර, මෙවර දුරස්ථව පැවැත්වුණු උළෙල වෙනුවෙන්, විශේෂ ගුවන් විදුලි විකාශනයක් ද සිදු කෙරිණි. මෙවර පැවති සම්මාන උළෙලේදී, අග්නිදිග ආසියානු කලාපයේ ඉදිකිරීම් හා දේපොළ වෙළෙඳ පොළ 14 කින් සංවර්ධකයින්, සහ ව්‍යාපෘති සම්මානයට පාත්‍ර වූ අතර, චීන කලාපය (චීනය, හොංකොං හා මැකාවූ) මෙන්ම, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන රටවල සමාගම් විසින්, ස්වකීය කාලාපයේ අනෙකුත් සමාගම් පරයමින්,  “හොඳම” වර්ගීකරණය යටතේ ඉහළම ඇගයීමට පාත්‍රවන සම්මාන දිනා ගන්නා ලදී.   

‍් ආරාධිත රටවල්වලින්, සමාගම් 87 ක් ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල සඳහා තරග වැදී තිබුණු අතර, හොඳම මිශ්‍ර භාවිත සංවර්ධක (ආසියා); හොඳම කාර්මික සංවර්ධක (ආසියා); හොඳම ජීවන රටා සංවර්ධක (ආසියා); හොඳම තිරසාර සංවර්ධක (ආසියා ); හොඳම වාණිජ සංවර්ධක (ආසියා); සහ හොඳම පෙරළිකාර සංවර්ධකයා (ආසියා) ආදී වශයෙන් මින් පෙර භාවිත නොවුණු කාණ්ඩ ඇතුළත්ව සම්මාන කාණ්ඩ 35 ක් යටතේ සමාගම් සඳහා සම්මාන පිරි නැමිණි.

එහිදී සිංගප්පූරුව සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමත් සමග, 15 වසරක ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙලෙහි වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත් රට බවට පත්විය. සම්මාන රාත්‍රියෙහි පිරි නැමුණු ඉහළම සම්මානය වන Best Developer (Asia) සම්මානය දිනා ගත් GuocoLand එම රාත්‍රිය වර්ණවත් කර තිබුණේ, එහි Guoco Midtown හා Wallich නිවාස ව්‍යාපෘති සඳහා පිළිවෙළින් හොඳම මිශ්‍ර භාවිත සංවර්ධක (ආසියා) සම්මානය හා හොඳම ආසියානු කොන්ඩෝ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා හිමි සම්මානය දිනා ගනිමිනි. හොඳම බුටික් සංවර්ධකයාට (ආසියා) හිමි සම්මානය, Aurum Land පුද්ගලික සමාගම වෙත හිමි වුණු අතර, එම සමාගමේ නිර්මාණයක් වන Hyde ව්‍යාපෘතිය සඳහා හොඳම මහල් කොන්ඩෝ ගෘහ නිර්මාණ සැලසුම වෙනුවෙන් සම්මානය පිරි නැමිණි. කලාපයේ සමාගම් 7 ක් පරදා, Wing Tai Asia සමාගම විසින් ආසියාවේ හොඳම ජීවන රටා සංවර්ධක සම්මානය දිනා ගන්නා ලදී. එමෙන්ම, Soilbuild Group Holdings හි ව්‍යාපෘතියක් වන Solaris @ Tai Seng කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා ගැනීමට සමත් ව තිබේ. ඒ ආසියාවේ හොඳම කාර්මික සංවර්ධක හා  ආසියාවේ හොඳම වාණිජ හරිත සංවර්ධක යන සම්මාන ද්විත්වයයි. Qingjian Perennial (Bukit Timah) Pte Ltd විසින් ඉදිරිපත් කළ Forett at Bukit Timah ව්‍යපෘතිය වෙනුවෙන් හොඳම උසින් අඩු කොන්ඩෝ ව්‍යාපෘතියට හිමි සම්මානය පිරි නැමීමත් සමග සිංගප්පුරුව විසින් දිනා ගත් කලාපීය සම්මාන ප්‍රමාණය නවයකි.

හොඳම කාර්මික සංවර්ධකයා (ආසියාව) ලෙස සම්මානයට පාත්‍ර වූ PT Jababeka Tbk නායකත්වයෙන් යුත් ඉන්දුනීසියාව කලාපීය පදක්කම් 8 ක් දිනා ගත් අතර, PT Urban Jakarta Propertindo, Tbk විසින්, හොඳම පෙරළිකාර සංවර්ධක සම්මානය දිනා ගනු ලැබිණි. Agung Sedayu Group හිමි කරගත් සම්මාන ද්විත්වය, Best Township Masterplan Design (Asia) සම්මානය හා හොඳම හෝටල් අභ්‍යන්තර අලංකරණ සැලසුම සඳහා වන සම්මානයයි. පිළිවෙළින්,  PIK 2 Sedayu Indo City හා HARRIS Suites Puri Mansion සඳහා එම සම්මාන ද්විත්වය හිමි විණි.

ඉන්දුනීසියාවේ Bali and Lombok’s හි හොඳම ව්‍යාපෘති කිහිපයකටද මෙහිදී  සම්මාන හිමි විණි.  හොඳම ආගන්තුක සත්කාර සංවර්ධනය (ආසියා) සම්මානය Invest Islands හි ව්‍යාපෘතියක් වන Torok Hill Resort වෙත පිරිනමන ලද අතර හොඳම මිශ්‍ර භාවිත ගෘහ නිර්මාණ සැලසුම් (ආසියා) PT Indonesian Paradise Property Tbk හි Sahid Kuta Lifestyle Resort සඳහා හිමි විය. භූ දර්ශන ගෘහ නිර්මාණ සැලසුම් ක්ෂේත්‍රයේ විශේෂඥභාවයන් විදහා දක්වන බවට ඉන්දුනීසියානු ව්‍යාපෘති පිළිගැනීමට ලක්ව තිබෙන අතර, SwanCity and Mitsubishi Estate Residence හි ඉදිකිරීමක් වන Daisan ආසියාවේ හොඳම නිවාස භූ දර්ශන ගෘහ නිර්මාණ සැලසුම ලෙසින් සම්මානයට පාත්‍ර වෙද්දී, ආසියාව් හොඳම වාණිජ භූ දර්ශන ගෘහ නිර්මාණ සැලසුම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය, Ariobimo Laguna Perkasa හි  Senayan Park වෙත හිමි විය.

LPN Development සමාගම තායිලන්තයවෙනුවෙන් කලාපීය ජයග්‍රහණ පහෙන් එකක් වන හොඳම තිරසාර සංවර්ධකයා සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, හොඳම උසින් අඩු මහල් නිවාස යටතේ පිරිනැමුණු සම්මාන දෙකෙන් අනෙක් සම්මානය Habitat Group හි නිර්මාණයක් වන Walden Thonglor 8 වෙතද, හිමි විණි. Idea Development සමාගම විසින් කළ Istani Villas වෙත හොඳම ගෘහ අභ්‍යන්තර අලංකරණය වෙනුවෙන් සම්මාන හිමි වද්දී, Kasemsubsiri Co. Ltd. හි ඉදි කිරීමක් වන The PARQ විසින් ආසියාවේ හොඳම කාර්යාල සංවර්ධක සම්මානය දිනා ගන්නා ලදී.

15 වැනි ප්‍රොපර්ටි ගුරු සම්මාන උළෙලෙහි වාර්ෂික ප්‍රොපර්ටි ගුරු ආදර්ශ සම්මානය 2012 වසරේදී, “වසරේ තායිලන්ත, Real Estate Personality” ලෙසින් සම්මානයෙන්ද පුද ලද,‍් DTGO, MQDC හි විධායක කමිටු සභාපති හා බුද්ධාරක්ෂ පදනමෙහි සභාපති, Thippaporn Ahriyavraromp (Chearavanont), හට හිමි විය.

ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවැන්නකි. “MQDC සඳහා, ආසියානු ප්‍රොපර්ටි ගුරු සම්මාන උළෙල මගින්, ‘සියලු දෙනාගේයහ පැවැත්ම සඳහා ’යන අපගේ ආදර්ශ පාඨය අනුව, ඉදි කිරීම්වල උසස් තත්ත්වය සහතික කිරීම වෙනුවෙන් සුවිශේෂී මිණුම් ලකුණක් ලබා දී තිබෙනවා. මෙමගින් පෙන්නුම් කරන්නේ, පෘථිවියේ සියලු ජීවීන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා වූ අපගේ කැපවීමයි. යහපැවැත්ම සහ තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ සංවර්ධනයන් සිදු කරන අතර, එමගින් පදිංචිකරුවන්ගේ අභිවෘද්ධිය පමණක් නොව අවට ප්‍රජාව, සමාජය හා ස්වාභාවික පරිසර පද්ධතීන්ද විශාල වශයෙන් වර්ධනය වෙනවා.” එමෙන්ම, දේපළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවතම ක්‍රමවේද හඳුන්වා දෙමින්, මිනිස් වර්ගයා ස්වාභාවික පරිසරය හා කරා මුසු කිරීමේ සමාගමේ අභිලාෂයන් පිළිබඳව ෙව්‍යාපාරික හවුල්කරුවන් හට තහවුරු කිරීමට එම ජයග්‍රහණය රුකුළක් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළාය.

සම්මාන උළෙලේදී, Ecopark Corporation Joint Stock සමාගම කලාපයේ හොඳම ව්‍යාපෘති 7 ක් පරදා ආසියාවේ හොඳම නගර සංවර්ධක සම්මානය දිනා ගැනීමට සමත් විය. එම සම්මානය සමගින් වියට්නාමයට කලාපීය ජයග්‍රහණ තුනක් හිමි විය. Kien A Corporation හා Gamuda Land HCMC JSC යන සමාගම් විසින් හොඳම ආගන්තුක සත්කාර ගෘහ නිර්මාණ සැලසුම හා හොඳම මහල් නිවාස භූ දර්ශන ගෘහ නිර්මාණ සැලසුමට හිමි සම්මාන පිළිවෙළින් දිනා ගන්නා ලදී.

පසුගියදා අවසන් වූ සම්මාන උළෙලේදී, ආසියාවේ හොඳම මිශ්‍ර භාවිත සංවර්ධක සම්මානය Shimao Group Suhu Branch වෙත හිමි විය. Bluetown Architects වෙත හොඳම නිවාස, ගෘහ නිර්මාණ සම්මානය පිරිනැමුණේ චීනයට සම්මාන ද්විත්වයක් එක් කරමිනි. Henderson Land Group හි ඉදි කිරීමක් වන 2 Murray Road ව්‍යාපෘතිය වෙත හොඳම කාර්යාල ගෘහ නිර්මාණ සැලසුමට හිමි සම්මානය හිමි විණි. හොඳම වාණිජ සංවර්ධක සම්මානය මියන්මාර සමාගමක් වන Capital Development Ltd විසින් දිනා ගනිද්දී, Meeyahta Development Limited හි ඉදිකිරීමක් වන Yoma Central හොඳම රීටේල් සංවර්ධනය වෙනුවෙන් වන සම්මානය දිනා ගති.

එමෙන්ම, කාම්බෝජයට කලාපීය සම්මාන දෙකක් හිමි වුණු අතර, Urban Hub (Cambodia) Co., Ltd හි ව්‍යාපෘතියක් සඳහාද, හොඳම සහ-කාර්යාල පරිශ්‍රය සඳහා සම්මානයද,  Peng Huoth Group වෙත හොඳම රීටේල් ගෘහ නිර්මාණ සැලසුම සඳහා එම සම්මාන ද්විත්වය පිරි නැමිණි.

ඕස්ට්‍රෙලියාව, මැලේසියාව හා පිලිපීනය යන රටවල් සඳහාද මෙහිදී කලාපීය සම්මාන හිමි විය. THIRDi Group පිදුම් ලැබුවේ‍, හොඳම ගෘහ සංවර්ධන සම්මානයෙන් වන අතර, මැලේසියාවේ IPark Development Sdn. Bhd හොඳම කර්මාන්ත දේපළ සංවර්ධක සම්මානය හිමි විය. Damosa Land, Inc හි ව්‍යාපෘතියක් සඳහා හොඳම හරිත නිවාස සංවර්ධන සම්මානය හිමි විය.

ප්‍රොපර්ටි ගුරු, ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙලෙහි අවසන් සම්මාන උළෙල පැවැත්වූයේ, ඉන්දියාවේ ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල හා ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි (Greater Niseko) සම්මාන උළෙල යන සමාරම්භක සම්මාන උළෙලවලින් අනතුරුවය.

ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි (ඉන්දියානු සම්මාන) උළෙලේදී, Brookfield Properties සමාගම, හොඳම පෙරළිකාර සංවර්ධකයාට හිමි සම්මානය ඇතුළු ජයග්‍රහණ තුනක් හිමි කර ගැනීමට සමත් විණි. ගුරුගම් හි වර්ධනය වන IT කලාපයක් වන Candor TechSpace ව්‍යාපෘතිය විසින් හොඳම කාර්යාල සංවර්ධනය වෙනුවෙන් හා හොඳම හරිත සංවර්ධනය වෙනුවෙන් සම්මාන දිනා ගන්නා ලදී.

ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි (Greater Niseko) පළමු සම්මාන උළෙලද , ජපානයේ ලෝක ප්‍රසිද්ධ ඇල්පයින් නිකේතන පරිශ්‍රයේ වඩාත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. Niseko Alpine Developments Co Ltd හොඳම සංවර්ධකයාට හිමි සම්මානය සමගින් හොඳම හෝටල් සංවර්ධනයට හිමි සම්මානය The Vale Rusutsu ව්‍යාපෘතිය වෙනුවෙන් දිනා ගනු ලැබීය. Greater Niseko හි පිහිටි තවත් සංවර්ධන සමාගමක් වන Temak Treehouse KK සමාගම හොඳම බුටික් සංවර්ධකයා ට හිමි සම්මානයට හිමිකම් කීමට සමත් විය.

ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන අවසන් උළෙල, චීනයේ සිට අන්තර්ජාලය මගින් පැවැත්වෙන, සම්මාන උළෙලට සමගාමීව, ඉකුත්දා පැවති 2020 ප්‍රොපර්ටි ගුරු සතියෙහි කූට ප්‍රාප්තියෙන් අනතුරුව පැවත්විණි. එමෙන්ම, ඒෂියා ප්‍රොපර්ටි රියල් එස්ටේට් සමුළුවෙහි 6 වැනි සැසිවාරයද මේ හා සමග පැවැත්වුණු අතර, එය දේපොළ හා දේපොළ තාක්ෂණයෙහි,‍් ප්‍රමුඛ පෙළේ විද්වතුන් හා ව්‍යාපාරිකයින් මෙන්ම තීරකයින්ද ඇතුළත් කර ගනිමින් පැවැත්වෙන සමුළුවකි.  

ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල 2005 වසරේදී දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ දේපළ හා ඉදිකිරීම් සමාගම් ඒකරාශි කර ගනිමින් මුල් වරට පැවැත්විණි. එතැන් පටන් දේපොළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 15වසරක අභිමානය විදහා දක්වමින්,මෙවර වැනි සම්මාන උළෙල වන විට, චීනය, හොංකොං, මැකාවූ, ඕස්ට්‍රේලියා, දකුණු ආසියා හා ජපානය (Greater Niseko)  ආදී ලෙසින් කලාපීය වශයෙන් ව්‍යාප්ත වුණු සම්මාන උළෙලක් බවට පත්ව තිබේ.

උළෙල පිළිබඳව අදහස් දක්වමින්, ප්‍රොපර්ටි ගුරු සමූහ ව්‍යාපාරයෙහි ප්‍රධාන විධායක නිලධාරී හැරී වී. ක්‍රිෂ්ණන් මෙලෙස සඳහන් කළේය. “වසර 15 කට පෙර, ඉහළම පිළිගැනීමට හා විශ්වාසයට පාත්‍ර වුණු සම්මාන උළෙලක් ලෙසින් ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල ආරම්භ කළේ, ආසියා-පැසිෆික් කලාපයේ දේපොළ හා ඉදිකිරීම් සමාගම් හි න‍වතම නිර්මාණ හා ජයග්‍රහණ විදහා දැක්වීමේ අරමුණින් යුතුවයි. මෙවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක, ක්ෂේත්‍රයේ සමාගම් අඛණ්ඩව කාර්යයන්වල හා අන්තර්ක්‍රියාකාරකම්වල නිරත වීම පමණක් නොව, ඉකුත් 15 වසරක කාල සීමාව තුළ අග්නිදිග ආසියාවෙන් බැහැර නව ආකරෂණීය වෙළෙඳ පොළ දක්වාද ව්‍යාප්තව පවතිනු දැකීම සතුටට කාරණයක්. ඒ සියල්ලට වඩා, මෙම සම්මාන උළෙල මගින්, ‘සෑම අයකුටම නිවහනක් තිබිය යුතු යැ’යි වන අපගේ විශ්වාසය හැබෑවක් කරමින්, ආසියානු රටවල ජනතාවට ඉහළම තත්වයේ නිවාස හා ඉදිකිරීම් තෝරා දීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බරයට පත් වෙනවා”

මෙම වසරේ කලාපීය හා රටවල් සම්මානයට පාත්‍ර වුණු සමාගම් හා ව්‍යාපෘති තෝරා ගැනීම පිණිස දායක වූ විනිශ්චය මණ්ඩලය පහත පරිදි වේ. පිලිපීනයේ Jones Lang LaSalle සමාගමේ පිලිපීන ප්‍රධානී Christophe Vicic, ඉන්දුනීසියාවේ PTI Architects හි කළමණාකාර අධ්‍යක්ෂ, Doddy A. Tjahjadi, සිංගප්පූරුවේ SPARK Architects සමාගමේ හවුල්කරු Lim Wenhui, ඔස්ට්‍රේලියාවේ Inhabit Group හි බටහිර ඔස්ට්‍රේලියා කලාප කළමණාකරු Lui Violanti, ඒ සඳහා සහභාගි වූහ. එමෙන්ම විනිශ්චය මණ්ඩලයේ ඉතිරි සාමාජිකයින් ලෙසින්, හොංකොං හා මැකාවූ හි Macao Association of Building Contractors and Developers සමාගමේ, අධ්‍යක්ෂ මණ්ඩල සභාපති Paul Tse, මැලේසියාවේ Jones Lang Wootton සමාගමේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රේම් කුමාර්, මියන්මාරයේ Emerson Real Estate හි කළමණාකාර අධ්‍යක්ෂ Richard Emerson, කාම්බෝජයේ Key Real Estate Co., Ltd හි නිර්මාතෘ හා අධ්‍යක්ෂ Sorn Seap, චීනයේ Tospur Real Estate Consulting සමාගමේ සභාපති Sun Yigong, තායිලන්තයේ JLL Thailand හි කළමණාකාර අධ්‍යක්ෂ Suphin Mechuchep හා වියට්නාමයේ Transform Architecture සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Thien Duong ඒ සඳහා සහභාගි වී තිබිණි.

15 වැනි ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය Kohler විසින් දරනු ලබන අතර, නිල ගුවන් ගමන් අනුග්‍රාහකත්වය, Thai Airways වෙතින් හිමි වේ. නිල වෙබ් සහකරු ලෙසින් PropertyGuru, නිල සඟරා අනුග්‍රාහකත්වය PropertyGuru Property Report වෙතින්ද, නිල PR සහකරු ලෙසින් Artemis Associatesද නිල සුභසාදන සහකරු ලෙසින් Right to Play, නිල ESG සහකරු ලෙසින් Baan Dek Foundation හා  නිල අධීක්ෂණ සහකරු ලෙසින් BDO ද කටයුතු කරයි.

වැඩිදුර විස්තර සඳහා [email protected] යන ඊමේල් ලිපිනය හා AsiaPropertyAwards.com වෙබ් අඩවිය විවෘතය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *