Sinhala

උත්සව සමය වෙනුවෙන් සිංගර් වෙතින් ඇදහිය නොහැකි වට්ටම් සමඟින් ලොකුම වාසි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුම පාරිභෝගිකයින් සඳහා 25% දක්වා වට්ටම් ඇතුළුව තෝරාගත් භාණ්ඩ සඳහා වසර තුනක කාලයක සුවිශේෂී වගකීම් කාලයක් හිමි වේ. 

තවද දිවයින පුරා පිහිටි ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයක් වෙත පැමිණ ඔබගේ ආදරණීයයන්ට මේ උත්සව සමයේ ඔවුන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙමින් විවිධ වටිනාකම් රැසකින් යුත් වවුචර පත් මිලදී ගැනීමේ හැකියාවද හිමි වේ. 

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන හරහා නවතම රුපවාහිනී යන්ත්‍ර සඳහා රුපියල් 30,000 දක්වා වූ වෙළඳ වට්ටම්, නවතම රෙදි සෝදන යන්ත්‍ර සඳහා රුපියල් 26,000ක් දක්වා වූ වෙළඳ වට්ටම්, නවතම වායු සමීකරණ යන්ත්‍ර සඳහා රුපියල් 15,000ක් දක්වා වූ වට්ටම්, ශීතකරණ සඳහා සුවිශේෂී වට්ටම්, ඇතුළුව  පොළී රහිත වාරික ගෙවීමේ වරප‍්‍රසාදද හිමි වේ. තවද   හොට් වෝටර් ෂවර් සඳහා 10% වට්ටම්,  Prestige  ඉවුම් පිහුම් උපකරණ සඳහා 25% විශේෂ වට්ටම් ඇතුළුව ත්‍යාග ද සූදානම් කර ඇත.  

නිවසට නව පෙනුමක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම පාරිභෝගිකයින් වෙනුවෙන් තෝරාගත් ගෘහ භාණ්ඩ සඳහා  20% දක්වා වූ වට්ටම්, ක්‍රෙඩිට් කාර්ඩ් හරහා මාස  60ක්  දක්වා ගෙවීමේ පහසුකම් සහ මාස 18ක් දක්වා වූ  පහසු ගෙවීම් ක්‍රමද මෙම වැඩසටහන හරහා හිමි වේ. 

තාක්ෂණික උපාංග රැසක් සඳහාද මෙවර විශේෂ වට්ටම් රැසක් ලබා දීමට සිංගර් කටයුතු කර ඇති අතර,  එහිදී තෝරාගත් Samsung ජංගම දුරකථන සඳහා රුපියල් 50,000ක් දක්වා වූ වට්ටම්, Dell i3 ලැප්ටොප් සඳහා විශේෂ දීමනා ඇතුළුව වසර තුනක සුවිශේෂී වගකීම් කාලයක් ද හිමිවේ. 

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළද පොළ ප්‍රමුඛයා වන සිංගර්  වෙතින් Samsung, Panasonic, Kenwood, Huawei, Dell, Beko, Sisil සහ  Asus ඇතුළු පුළුල් පරාසයක විසිරුණු විශිෂ්ඨ සන්නාම රැසක තත්වයෙන් උසස්, ඉහළ වගකීම් කාලයක් සහිත භාණ්ඩ තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වේ.

මෙම නවතම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා,”සෑම වසරකම අපගේ වටිනා පාරිභෝගිකයින්ට උත්සව සමය වෙනුවෙන් වට්ටම් ඇතුළු විවිධ ප‍්‍රතිලාභ ලබා දීමට අප කටයුතු කළා. මෙම වසර ඇත්තෙන්ම ආර්ථිකමය වශයෙන් විශාල අභියෝගාත්මක වසරක් වූ නිසාම, ඉහළම ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට අපට අවශ්‍ය වුණා.

ඒ අනුව මේ වසරේ සිංගර් ලොකුම වාසි වැඩසටහන මඟින් ගනුදෙනුකාරභවතුන්ට අඩුම මුදලකට ඉහළම ගුණත්වයෙන් යුත් භාණ්ඩ රැසක් මිලදී ගැනීමේ හැකියාව අප හිමිකර දී තිබෙනවා. මේ වසරේ අප පාරිභෝගිකයින්ට නිදහසේ ඉතා පහසුවෙන්  භාණ්ඩ තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙමින් www.singer.lk වෙබ් අඩවිය සඳහාද අප අලුත් මුහුණුවරක් ලබා දුන්නා. මේ හරහා බොහෝ පාරිභෝගිකයින් මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බවද අපට පෙනී යනවා. විශේෂ අඩු මිලක්‌ මෙන්ම ආකර්ෂණීය වට්‌ටම් සමඟ හෝ නොමිලේ ලබාදෙන වාසි රැසකින් සමන්විත සුපිරි සාප්පු සවාරියක අත්දැකීම  අත්විඳින්නට සිංගර් ප්‍රදර්ශනාගාර වෙත හෝ  www.singer.lk  වෙබ් අඩවිය වෙත පැමිණෙන මෙන් ඔබ සියලු දෙනා ගෙන්  අප ඇරයුම් කර සිටිනවා” යනුවෙන් පැවසුවේය.

නවතම  www.singer.lk වෙබ් අඩිවිය ඕනෑම තාක්ෂණික  උපාංගයක් මගින් කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් හා වේගවත්ව භාවිත කිරීමේ හැකියාව පවතී. එමෙන්ම,  මෙම  වෙබ් අඩවියට කඩිනම් හා කාර්යක්ෂම ක්‍රමවේදයක් ඇතුළත් කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් ප්‍රිය කරන සිංගර් මාදිලිවලින් තෝරා ගන්නා භාණ්ඩ පහසුවෙන් සහනදායී ගෙවීම් රටාවන් ඇතුළත්ව,  ක්‍රෙඩිට්/ ඩෙබිට් කාර්ඩ් මගින් ගෙවීම් සිදු කිරීම මගින් ඇණවුම් කිරීමේ ඉඩකඩ සලසා තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය ඔස්සේ, සිය පාරිභෝගිකයින් හට ජාත්‍යන්තරව පිළිගත් උසස් තත්ත්වයේ සන්නාමයන්හි නිෂ්පාදන ලබා දීමට සිංගර් පෙරමුණ ගෙන සිටියි. අලෙවිසැල් 430 කට අධික සංඛ්‍යාවක්, වේගවත්, නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ලබා දෙන www.singer.lk වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තරව පිළිගත් කීර්තිමත් වෙළඳ නාම 50 කට වැඩි ප්‍රමාණයක විහිදුණු,  600කට අධික විද්‍යුත් උපකරණ, 1200කට අධික ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වේ. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *