Sinhala

E-City විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම Dell Concept Store දියත් කරයි

දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන E-City විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම Dell Concept Store බම්බලපිටිය යුනිටි ප්ලාසා හීදී විවෘත කරන ලදී.  ලොව ප්‍රමුඛ Dell සන්නාමයේ නිෂ්පාදන රැසක් මෙහි ප්‍රදර්ශනය කර   ඇති අතර, මෙම නවතම විශේෂ ප්‍රදර්ශනාගාරය හරහා දැන් පාරිභෝගිකයින්ට Dell තාක්ෂණික උපාංග රැසක් එකම වහලක් යටින් ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව හිමි වේ.  ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell විසින් මෙලෙස විවෘත කරන ලද Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු මිලකට මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ. 

මෙම නවතම Dell Concept Store පිළිබඳ සිය අදහස් දක්වමින් E-City හි සභාපති වසන්ත දිනුවන් මහතා මෙලෙස පැවසීය. “ Dell Concept Store යනු ඉහළම තත්ත්වයේ  Dell මාදිලියේ උපාංග රැසක් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන විශිෂ්ට ප්‍රදර්ශනාගාරයක්. 2013 වර්ෂයේ සිට DELL හා  අප අතර පැවතුණු හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට අපට හැකි වුණා.  අපගේ පළපුරුදු සේවක මණ්ඩලය හරහා දැන් ඔබට අවශ්‍ය ඕනෑම DELL උපාංගයක් මිලදී ගැනීමට යුනිටි ප්ලාසා හි පිහිටි  Concept Store වෙත පැමිණෙන ලෙස අප ආරාධනා කර සිටිනවා”

මේ පිළිබඳ අදහස් දක්වමින් Dell Technologies මාලදිවයින් සහ ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා මෙලෙස පවසා සිටියි.  “DELL සන්නාමය ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඉතාමත් සමීප ඔවුන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමයක්.   E-City සමඟ එක්ව පාරිභෝගිකයින්ට පහසුවෙන්ම සිය තාක්ෂණික අවශ්‍යතා සපුරාගැනීම සඳහා Dell concept store විවෘත කිරීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා. මේ හරහා Dell  උපාංග තෝරා ගැනීමේ අදියරේ සිට අලුත්වැඩියා කටයුතු සිදු කිරීම දක්වා වූ විවිධ සේවා රැසක් වගකීමක් සහිතව සිදු කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වනවා”

Dell Concept Store හි  සුහදශීලි සේවක මණ්ඩලය පාරිභෝගිකයින්ගේ ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවයක් කඩිනමින් ඉටු කිරීමටද කැපවී සිටිනවා.

“Dell නිෂ්පාදනයන් පිළිබඳ අප පාරිභෝගිකයින් තුළ පවතින විශ්වාසය තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන්ට වඩාත් උසස් සේවාවක් ලබා දීම අපගේ ඒකායන අරමුණයි. ශ්‍රී ලංකාව තුළ Dell Concept Store විවෘත කිරීම මෙම අරමුණ කරා යාමට අප ගත් එක් උත්සාහයක්. අපගේ  ගනුදෙනුකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා Dell හි අප සියලු දෙනා කැපවී සිටිනවා” Dell Technologies මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  බෙදාහැරීම්, සේවාලාභී සහ ව්‍යාපාර අංශ ප්‍රධානී ආබිඩ් අස්ලාම් මහතා පවසා සිටියේය. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *