Sinhala

Active Noise Cancellation (ANC) තාක්ෂණය සමඟ එන Huawei FreeBuds Pro

ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices ) අතර විශේෂ තැනක් ගන්න උපාංගයක් ලෙස  Huawei FreeBuds Pro හදුන්වාදිය හැකිය. වේගවත් ජීවන රටවත් සමග වෙනස්වන පරිශීලක අවශ්‍යතා  හදුනා ගනිමින් මෙම FreeBuds Pro නවතම ශ්‍රව්‍ය උපාංග  හදුන්වා දී ඇති බව නොරහසකි. Huawei FreeBuds Pro , Active Noise Cancellation (ANC) තාක්ෂණය සහිත රැහැන් රහිත headset එකක්වන අතර මෙමගින් සංගීතයකට සවන්දීමත් , පැහැදිලි ඇමතුම් ලබා දීමත් යනාදී  අද්විතීය විශේෂාංග රැසක් ලබාදේ.

Huawei FreeBuds Pro  ඉතා පහසුවෙන් පැලදී සිටිය හැකි අතර user-friendly විශේෂාංග රැසකින් සමන්විත වේ . ගමන් බිමන් යනවිට උසස් තත්ත්වයේ සංගීතයට සවන් දීම, එළිමහන් ව්‍යායාම වල  යෙදීම සහ ඇමතුම්වලට පිළිතුරු දීම දක්වා එදිනෙදා කාර්යයන් පහසු කිරීම සදහා උපකාරී වන උපාංගයකි.

Huawei FreeBuds Pro යනු තාක්ෂණයේ නවමානයන් සොයා යන උපාංගයක් බව තවදුරටත් සනිටුවහන් කරමින් intelligent Active Noise Cancellation (ANC)  ඉහල  තාක්ෂණයක් සමග  එන wireless earbuds තමන් සිටින පරිසරයේ ශබ්දයන් ස්වයංක්රීයව හදුනාගනිමින් පැහැදිලි  ශ්‍රවන  අත්දැකීමක් ලබා දීම සදහා ශබ්ද ත්‍රීවත්‍රාව වෙනස් කරමින් සුපැහැදිලි ශබ්ද සහ ඉහළ  තත්වයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලබාදේ . FreeBuds Pro හි විවිධ ස්ථාන වලට සරිලන පරිදි සුවිශේෂී ශ්‍රවණ  මාදිලින්  ඇත. තාක්ෂණිකව වැඩි දියුණු කරන ලද බාහිර ශබ්ද අවලංගු කිරීම් (noise cancellation) සහිත Ultra mode මගින් පරිශීලකයාට ගමන් කරන අතරතුර සංගීතයේ රසවිදීමට ඉඩ සලසයි. Cozy mode මගින් වැඩ කරන ස්ථානය, පුස්තකාලය සහ වෙනත් නිහඩ ස්ථානයන්හි සියුම් ශබ්ද අවලංගු කිරීමෙන් ඔබේ අවධානය නොකැඩි පවත්වා ගැනීමට උපකාරී වන අතර General mode මගින් ජනාකීර්ණ ස්ථානවල වුවත් උසස් තත්ත්වයේ සංගීතය රසවිදීමට සඳහා Active Noise Cancellation (ANC) තාක්ෂණය භාවිතාකරගනු ලබයි.

Huawei FreeBuds Pro යනු  බාහිර ශබ්දයන්ගේ බාධාවකින් තොරව සංගීතය ශ්‍රවනය  කිරීමට ඉඩ සලසන උපාංගයක් පමණක් නොවේ, එය ඔබට පැහැදිලි ඇමතුම් ලබා ගැනීමටත් , ඉතා ඝෝෂාකාරී පරිසර තත්වයේදී වුවත් තම සන්නිවේදනය සුපැහැදිලිව  පවත්වා ගැනීමටත් ඉඩ සලසයි. එහි නව new Hybrid Call Noise Cancellation තාක්ෂණය   3-mic ක පද්ධතියක් හා Bone voice sensor එකකින් සමන්විත අතර එමගින් පසුබිම් ශබ්ද අඩු කිරීමට සහ වඩා මිනිස් කටහඩ ත්‍රීව කරමින්  ඉතා  හොඳ ඇමතුම් අත්දැකීමක් ලබාදේ.

එහි සුළං ආරක්ෂිත ව්‍යුහය  සහ තරල යාන්ත්‍රික සැලසුම-  ඇවිදීම, ධාවනය සහ බයිසිකල් පැදීම අතරතුර වායු  ඝර්ෂණය නිසා ඇතිවන whistling ශබ්දය ඉවත් කිරීමට උපකාරී වේ. ඔබ ගමනක් යන විට, ව්‍යායාම  කරන විට සංගීතයේ ඉතා කුඩා ශබ්දයක් වත් ඔබට මග නොහැරී සවන්දීමේ හැකියාව මෙමගින් හිමිවේ . FreeBuds Proහි ද්විත්ව ඇන්ටෙනා සැලසුම මඟින් ස්මාර්ට් ජංගම දුරකථනය සාක්කුවේ / බෑගයේ හෝ වෙනත් පහසු ස්ථානයක තබා ගැනීමට පරිශීලකයාට ඉඩ සලසන අතර ඕනෑම අවස්ථාවක පහසුවෙන් දුරකථන ඇමතුම් වලට සවන් දීමේ හැකියාව හිමිවේ.

සැහැල්ලු බරින් යුක්ත වන Huawei FreeBuds Pro  පරිශීලකයින්ට ඉහළ මට්ටමේ සුවපහසුවක් ලබා දෙන අතර කිසිදු අපහසුතාවකින් තොරව මෙම උපාංගය ඔවුන්ට දවස පුරා පැළඳිය හැකිවේ . Huawei FreeBuds Pro තෝරා ගැනීමට Buds ප්‍රමාණ  තුනකින් යුක්ත වන අතර, Tip fit test ටෙස්ට් භාවිතයෙන් කනට වඩාත් සුදුසු ප්‍රමාණය හදුනාගත හැකිය.Huawei FreeBuds Pro එක charge කිරීමකින් පැය 8 ක් දක්වා භාවිතා කල හැකි අතර (ANC ක්‍රියා විරහිතව) Charging Case එක සමග පැය 36 ක් දක්වා පවත්වා ගත හැක. Active Noise Cancellation (ANC) සක්‍රීය  කර ඇති විට එක charge කිරීමකින් පැය  3.5 ක් දක්වා ඇමතීම් ලබාගැනීමේ හැකියාවද පවතී.

Huawei FreeBuds Pro ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ වෙනත් උපාංගයක් සමඟ සම්බන්ධ කිරීම  එක් ක්ලික් කිරීමක් මගින් සිදුකරගත හැක. Huawei FreeBuds Pro ද්විත්ව උපාංග සම්බන්ධතාවයටද සහය දක්වයි, එමඟින් ටැබ්ලටයේ චිත්‍රපටයක් නරඹමින්  සිටින විට ක්ෂණිකව ස්මාර්ට් ජංගම දුරකතනයට මාරු වී ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. Huawei FreeBuds Pro රු. 34,499.00 මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *