Sinhala

මුළුතැන්ගෙයි උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමකට සිංගර් සමඟින් Anoma’s Kitchen අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර් විසින් ජනප්‍රිය ඉවුම් පිහුම් හා සම්බන්ධ YouTube නාලිකාවක් වන Anoma’s Kitchen හි නිර්මාතෘ වන අනෝමා විජේතුංග මහත්මිය සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට පැමිණ ඇත. මෙම හවුල්කාරීත්වය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුම  අත්සන් තැබීම පසුගියදා කොල්ලුපිටිය සිංගර් මෙගා ශාඛා පරිශ්‍රයේදී  සිදු විය.

මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස  සිදු කෙරෙන විශේෂ වීඩියෝ මාලාවක්  තුළින් ලොව ප්‍රමුඛ සන්නාම රැසක  මුළුතැන්ගෙයි උපකරණ  රැසක් පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීමට නියමිත අතර,  මේ හරහා ප්‍රේක්ෂකයින්ට මුළුතැන්ගෙයි උපකරණ නිසි ලෙස භාවිතය සිදු කරන්නේ  කෙසේද,  ඒවායේ නඩත්තුව හා වෙනත් අදාළ ප්‍රයෝජනවත් කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. 

450,000 කට අධික ග්‍රාහකයින් පිරිසක් සිටින Anoma’s Kitchen හි YouTube නාලිකාව හා දෙස් විදෙස් රසිකයින් රැසක් එක්ව සිටී.  විජේතුංග මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඉවුම් පිහුම් වට්ටෝරු ප්‍රේක්ෂකයින් රැසක් විසින් ප්‍රසංශා කරනුයේ එම නිර්මාණ වල ඇති අන්තර්ගතය සහ වීඩියෝවල භාවිතා කරන මුළුතැන්ගෙයි උපකරණවල ඉහළ ගුණාත්මකභාවය හේතුවෙන්ය. 

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙලෙස පැවසීය.  “ලොව ප්‍රමුඛ මුළුතැන්ගෙයි උපකරණ සන්නාම රැසක නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කරන වීඩියෝ මාලාවක් දියත් කිරීම සඳහා Anoma’s Kitchen  සමඟ හවුල්කාරීත්වයකට පැමිණීමට ලැබීම ගැන අප සතුටු වෙමු. තවද Anoma’s Kitchen  හා එක්ව සිදු කරන මෙම වීඩියෝ මාලාව තුළින් දැන් විශාල ප්‍රේක්ෂක පිරිසකට සිංගර් මුළුතැන්ගෙයි නිෂ්පාදන පිළිබඳ වඩාත් හොඳ, පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ යැයි අප අපේක්ෂා කරමු.”  

මේ පිළිබඳ අදහස් දක්වමින් විජේතුංග මහත්මිය මෙලෙස පැවසීය.  “සිංගර් හා අත්වැල් බැඳ ගැනීමට හැකි වීම  සතුටට කරුණක්.  මේ හරහා ගෘහණියන් ඇතුළු අහාරපාන සැකසීමට උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මාගේ YouTube චැනලය හා සම්බන්ධ වී සිංගර් මුළුතැන්ගෙයි උපකරණ රැසක් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා.  බොහෝ පිරිස්  විසින් මුළුතැන්ගෙයි උපකරණ මිලට ගත්තද, ඒවායේ ප්‍රයෝජන පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා ඔවුන්ට ඒවායේ සම්පුර්ණ භාවිතය ලබා ගත නොහැකි වේ. මෙම වීඩියෝ මාලාව ඔවුන්ගේ බොහෝ ගැටළු වලට විසඳුම් ගෙන එනු ඇති අතර නවීන මුළුතැන්ගෙයෙහි දක්ෂයකු වීමට අපේක්ෂා කරන සැමට මෙම වීඩියෝ මාලාව නිර්දේශ කිරීමට මා කැමතියි.” 

මෙම වීඩියෝ මාලාව තුළදී, විජේතුංග මහත්මිය විසින්, මුළුතැන්ගෙය සඳහා අත්‍යවශ්‍ය කරුණු කාරණා රැසක් පිළිබඳ සිය දැනුම බෙදා ගැනීමට අපේක්ෂාවෙන් පසුවේ. තවද  Singer, Sisil, Prestige, Panasonic, Tefal, Moulinexසහ Kenwood ඇතුළු ලොව  ප්‍රමුඛ සන්නාම වල  එයාර් ෆ්‍රයර්, ඉන්ඩක්ෂන් කුකර්, මල්ටි කුකර්, ඉලෙක්ට්‍රික් ග්‍රිල්, සුප් සහ ස්මූතී මේකර් ඇතුළු බොහෝ උපකරණ පිළිබඳ දැනුම බෙදා ගැනීමට නියමිතයි.  

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *