Sinhala

කාර්යබහුල ජිවන රටාවට සරිලන Huawei Watch GT 2 Pro සහ Huawei FreeBuds Pro

ගෝලීය ස්මාර්ට් ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් හදුන්වාදුන් නවතම උපාංග අතර විශේෂ තැනක් ගන්නා උපාංගයන් ලෙස Huawei Watch GT 2 Pro සහ Huawei FreeBuds Pro හදුන්වාදිය හැක. වේගවත් ජිවන රටවත් සමග වෙනස්වන පරිශීලක අවශ්‍යතා හදුනාගනිමින් මෙම උපාංගයන් නිපදවා ඇති නිසා ඉතා ඉහල ඉල්ලුමක් මේ වන විටත් මෙම උපාංගයන් වෙත ලැබී ඇත.

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ.   සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ.  

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද  මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත ව්ශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro සිය නව ගොල්ෆ් මාදිලිය මගින් පුද්ගලික ගොල්ෆ් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් golf ක්‍රීඩාවේ යෙදෙන්නන්ගේ  swing posture ,swing speed, frequency වැඩි දියුණු කිරීම සඳහා යෝජනා ලබා ගන්නා අතරම පරිශීලකයන්ට එම ඉරියව්ව විශ්ලේෂණය කරමින් දුර්වල හා සාර්ථක හැකියාවන් පිළිබද නිගමනයන් ලබාදේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Golf Pro බවට පත්වීමට අවශ්‍ය සහය ඔබට ලබාදේ.

AI ඇල්ගොරිතම සමඟ බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruSleep තාක්‍ෂණය සමඟින් GT2 ස්මාර්ට් ඔරලෝසුවට හොඳ නින්දක් සඳහා යෝජනා සපයන අතරම පොදු නින්දේ ගැටළු විද්‍යාත්මකව සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවස්ථාව සපයයි.  Huawei TruRelax තාක්‍ෂණයේ සහාය ඇතිව එහි ආතතිය අධීක්‍ෂණය කිරීමේ අංගය අධික වැඩ බරක් ඇති පරිශීලකයින්ට ආතතිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන අතර එය ආතති මට්ටම් මුදා හැරීම සඳහා හුස්ම පුහුණුව වැනි යෝජනා සපයයි. Huawei Watch GT2 Pro හි GPS විශේෂාංගය ගමන් මාර්ගය ඉතා නිවැරදිව සටහන් කරන අතර නැවත එම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය විට ඒ සදහා අවශ්‍ය සහය ලබාදේ.

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ . එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය  හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් චායාරුප ගැනීමද මෙමගින් පාලනය කල හැක .

Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී.

ගමන් බිමන් යනවිට උසස් තත්ත්වයේ සංගීතයට සවන් දීම, එළිමහන් ව්‍යායාම වල යෙදීම සහ ඇමතුම්වලට පිළිතුරු දීම දක්වා එදිනෙදා කාර්යයන් පහසු කිරීම සදහා උපකාරී වන  Huawei FreeBuds Pro යනු දවස කාර්යක්ෂමව ගත කිරීමට ඔබට ඉඩ සලසන ස්මාර්ට් උපාංගයකි.

Huawei FreeBuds Pro යනු තාක්ෂණයේ නවමානයන් සොයායන උපාංගයක් බව තවදුරටත් සනිටුවහන් කරමින් intelligent Active Noise Cancellation (ANC)  ඉහල  තාක්ෂණයක් සමග  එන wireless earbuds තමන් සිටින පරිසරයේ ශබ්දයන් ස්වයංක්රීයව හදුනාගනිමින් පැහැදිලි  ශ්‍රවණ අත්දැකීමක් ලබා දීම සදහා ශබ්ද තීව්රතාව වෙනස් කරමින් සුපැහැදිලි ශබ්ද සහ ඉහල තත්වයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලබාදේ .FreeBuds Pro හි විවිධ ස්ථාන වලට සරිලන පරිදි සුවිශේෂී ශ්‍රවණ මාදිලින්  ඇත: තාක්ෂණිකව වැඩි දියුණු කරන ලද බාහිර ශබ්ද අවලංගු කිරීම්(noise cancellation) සහිත Ultra mode මගින් පරිශීලකයාට ගමන් කරන අතරතුර සංගීතයේ රසවිදීමට ඉඩ සලසයි. Cozy mode මගින් වැඩ කරන ස්ථානය, පුස්තකාලය සහ වෙනත් නිහඩ ස්ථානයන්හි සියුම් ශබ්ද අවලංගු කිරීමෙන් ඔබේ අවධානය නොකැඩි පවත්වා ගැනීමට උපකාරී වන අතර General mode මගින් ජනාකීර්ණ ස්ථානවල වුවත් උසස් තත්ත්වයේ සංගීතය රසවිදීමට සඳහා Active Noise Cancellation (ANC) තාක්ෂණය භාවිතා කරගනු ලබයි.

Huawei FreeBuds Pro යනු  බාහිර ශබ්දයන්ගේ බාධාවකින් තොරව සංගීතය ශ්‍රවණය කිරීමට ඉඩ සලසන උපාංගයක් පමණක් නොවේ, එය ඔබට පැහැදිලි ඇමතුම් ලබා ගැනීමටත් , ඉතා ඝෝෂාකාරී පරිසර තත්වයේදී වුවත් තම සන්නිවේදනය සුපැහැදිලිව  පවත්වා ගැනීමටත් ඉඩ සලසයි. එහි නව new Hybrid Call Noise Cancellation තාක්ෂණය   3-mic ක පද්ධතියක් හා Bone voice sensor එකකින් සමන්විත අතර එමගින් පසුබිම් ශබ්ද අඩු කිරීමට සහ වඩා මිනිස් කටහඩ ත්‍රීව කරමින් ඉතා  හොඳ ඇමතුම් අත්දැකීමක් ලබාදේ.

Huawei Watch GT2 Pro රු. 54,999.00 මිළකට සහ Huawei FreeBuds Pro රු. 34,499.00 මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *