Sinhala

Huawei Y7a සහ Huawei FreeBuds Pro සමඟ ඉහළ ඵලදායිතාවයෙන් යුතු නවමු තාක්ෂණික අත්දැකීමක්

Huawei, ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා හදුනාගනිමින් පරිපුර්ණ AI ජීවන තත්ත්වය උදෙසා තම නවතම උපාංගය රැසක් හදුන්වා දෙමින් පවතී. නවතම තාක්ෂණික විසඳුම් ලබා දෙමින්  ස්මාර්ට් උපාංගයන් අතර සම්බන්ධතාවය හරහා  වඩා විශිෂ්ට පරිපුර්ණ අත්දැකීමක් තම පරිශීලකයාට ලබාදීමේ අරමුණු පෙර දැරිව මෙම උපාංග නිපදවා ඇති බව නොරහසකි.

කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ බොහෝ දෙනාගේ ජීවන තත්ත්වයන් සළකා බලමින් ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඵලදායිතාවකින් යුතුව එදිනෙදා කටයුතු කිරීම සදහා ස්මාර්ට්ෆෝන් සිට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් වොච් ,  රැහැන් රහිත ear buds  සහ Huawei share වැනි තාක්ෂණයන් හදුන්වාදී තිබේ. 

Huawei Y7a ස්මාර්ට් දුරකථනය Huawei FreeBuds Pro සමඟ ඉතා පහසුවෙන් එක ටැප් කිරීමක් මගින් සම්බන්ද කල හැකි අතර තම දුරකතනයට එන ඇමතුම් ලබාගැනීමත් , දුරකතනයේ ඇති ප්‍රියතම සංගීතයන්ට සවන්දීමත් යනාදී පහසුකම් අත්විදීමේ හැකියාව පරිශීලකයාට හිමිවී ඇත. තවද FreeBuds Pro වල ඇති ශ්‍රවන මාදිලින් (Modes) ක්‍රියාත්මක කිරීමෙන් තමන් සිටින පරිසරයට සාපේක්ෂව වඩා සුදුසු ශ්‍රවන අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.

Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටමේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ.  අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක. Punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහස පරිශීලකයින්ට හිමිවේ .  Huawei Y7a 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Huawei Y7a හි එක් පැත්තක ඇති  ඇඟිලි සලකුණු කියවනය සහිත බලගැන්ව්මේ බොත්තම පරිශීලකයින් හට නැවුම් අත්දැකීමක් ලබාදෙන අතර එමගින් මෙම ස්මාර්ට් දුරකතනයේ ආරක්ෂාවද ඉහළ නැංවීමට සමත් විශේෂාංගයක් ලෙස හැදින්විය හැක.මෙම විශේෂාංගය පරිශීලක භාවිතය පහසු කිරීම ට යොදාගත් තවත් එක් අංගයකි.

Huawei FreeBuds Pro යනු දවස කාර්යක්ෂමව ගත කිරීමට ඔබට ඉඩ සලසන ස්මාර්ට් උපාංගයකි. Huawei FreeBuds Pro යනු තාක්ෂණයේ නව මානයන් සොයායන උපාංගයක් බව තවදුරටත් සනිටුවහන් කරමින් intelligent Active Noise Cancellation (ANC)  ඉහල  තාක්ෂණයක් සමග  එන wireless earbuds තමන් සිටින පරිසරයේ ශබ්දයන් ස්වයංක්‍රීයව හදුනාගනිමින් පැහැදිලි  ශ්‍රවන අත්දැකීමක් ලබා දීම සදහා ශබ්ද ත්‍රිවතාව  වෙනස් කරමින් සුපැහැදිලි ශබ්ද සහ ඉහල තත්වයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලබාදේ .FreeBuds Pro හි විවිධ ස්ථාන වලට සරිලන පරිදි සුවිශේෂී ශ්‍රවණ මාදිලින්  ඇත: තාක්ෂණිකව වැඩි දියුණු කරන ලද බාහිර ශබ්ද අවලංගු කිරීම් (noise cancellation) සහිත Ultra mode මගින් පරිශීලකයාට ගමන් කරන අතරතුර සංගීතයේ රසවිදීමට ඉඩ සලසයි. Cozy mode මගින් වැඩ කරන ස්ථානය, පුස්තකාලය සහ වෙනත් නිහඩ ස්ථානයන්හි සියුම් ශබ්ද අවලංගු කිරීමෙන් ඔබේ අවධානය නොකැඩි පවත්වා ගැනීමට උපකාරී වන අතර General mode මගින් ජනාකීර්ණ ස්ථානවල වුවත් උසස් තත්ත්වයේ සංගීතය රසවිදීමට සඳහා Active Noise Cancellation (ANC) තාක්ෂණය භාවිතා කරගනු ලබයි.

Huawei Y7A රු. Rs. 35999.00 මිළකට සහ Huawei FreeBuds Pro රු. 34,499.00 මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *