Sinhala

හච්, ලොව සුපතල Audio streaming subscription සේවාව වන Spotify සමඟ අත්වැල් බැඳගනී

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify හා එක්ව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත අද්විතීය විනෝදාස්වාදයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන්  ප්‍රචලිත ගීත රැසක් දැකගත හැකිය.

මෙම හවුල්කාරිත්වය මඟින් මසකට  රු 579 ක් වැනි සුළු මුදලකට Spotify’s හි ගීත සඳහා ප්‍රවේශය හිමි කරගත හැකි අතර හච්හි සියලු පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයින් හට අඛණ්ඩ රසාස්වාදන අත්දැකීමක් සඳහා  Spotify Premium සේවාව subscribe කරගත හැක. 

මේ පිළිබඳව අදහස් දක්වමින් හච්හි අලෙවි සාමාන්‍යධිකාරී හම්ඩි හසන් මහතා සඳහන් කළේ ” Spotify හා එක්ව ගෝලීය විනෝදාස්වාදන අත්දැකීමක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට ලබා දීමට ලැබීම අපට ඉමහත් සතුටක්. ඒවගේම අපගේ සියලු පාරිභෝගිකයන්ට credit හෝ debit කාඩ්පත් භාවිතයෙන් තොරව Spotify වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් හච් විසින් සපයා දී තිබෙනවා.” යනුවෙනි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *