Sinhala

‘කුමාරිකා’ SLS සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම Hair Oil සන්නාමය ලෙසින් ඉතිහාස ගත වෙයි.

හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර  විසදුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ලබා ගත් ප්‍රථම Hair Oil සන්නාමය බවට පත් වූයේ, විශිෂ්ට ජයග්‍රහණයකට මං පෙත් විවර කරමිනි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස්  මැනුෆැක්චරින් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, හේමාස් මැනුෆැක්චරින් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ සහ හේමාස් මැනුෆැක්චරින් කණ්ඩායමේ සහභාගිත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දී මෙම සහතිකය කුමාරිකා වෙත උත්සවශ්‍රීයයෙන් ප්‍රදානය කරන ලදි.

මෙම SLS සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති සුවිශේෂීතාවයන්ට අනුකූලව  සිදු කරන නිෂ්පාදන වෙනුවෙන් ලබා දෙන ඉහළම සහතිකයයි. කුමාරිකා සතු උසස් ගුණාත්මකභාවයෙන් යුත් පාරිභෝගික හිතකාමී නිෂ්පාදනයන් පිළිබදව මෙම සහතිකය සාක්ෂි දරයි. නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය ලබා ගැනීමේ සිට ඇසුරුම්කරණය දක්වාත්  ඉන් ඔබ්බටත් විහිදුනු සමස්ත ක්‍රියාවලියත් හැකි උපරිමයෙන් උසස් ප්‍රමිතියෙන් ‍යුතුව සිදු කිරීමට කුමාරිකා කටයුතු කරයි.

හේමාස් මැනුෆැක්චරින් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ මෙම ජයග්‍රහණය පිළිබදව සිය අදහස් දැක්වූයේ මෙසේය. “SLS සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම හිසකෙස් තෛලය බවට පත් වීම අපට සැබැවින්ම ගෞරවයක් මෙන් ම අපගේ දිගු ගමනේ වැදගත් සංධිස්ථානයක් ද වනවා. මෙම ජයග්‍රහණය, අප කෙරෙහි මහත් විශ්වාසයක් තබා ඇති අපගේ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙත වඩාත් අවධානයක් යොමු කරමින් නිරෝගී හිස කෙස් සත්කාර විසඳුම් ලබා දීමේ අපගේ කැපවීම වෙත වටිනාකමක් එක් කරනවා. ස්වභාවික අමුද්‍රව්‍යයන්ගේ යහ ගුණය සමගින් අපගේ පාරිභෝගිකයන්ගේ සුන්දරත්වයේ අභිලාසයන් දිනා ගැනීමට සහය වෙමින් වඩාත් සුදුසු විසදුම් අඛණ්ඩව සැපයිමට අපි කටයුතු කරනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා “SLS සහතිකය දිනා ගත්  ශ්‍රී ලංකාවේ ප්‍රථම හිස තෙල් සන්නාමය ලෙස කුමාරිකා ලබා ගත් මෙම ජයග්‍රහණයට අපි සුභ පැතුම් එක් කරනවා. නිෂ්පාදනයන් හි ගුණාත්මක බව, නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතිය සහ  කුමාරිකා විසින් සියලුම අංශයන්ගේ නියමිත අවශ්‍යතාවයන් සපුරාලීම අධීක්ෂණයෙන් අනතුරුව මෙම SLS සහතිකය ප්‍රදානය කළා. ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන් කුමාරිකා මෙලෙස උසස් ප්‍රමිතීන් සැකසීමෙන් හා ආදර්ශයෙන් ඉදිරියට යාම පිළිබදව අපි සැබැවින්ම ආඩම්බර වනවා” යනුවෙන් සිය අදහස් එක් කරන ලදි.

Hair oil හි වෙළෙද පොළ ප්‍රමුඛයා වන කුමාරිකා hair oil ප්‍රවර්ග හතරකින් සමන්විත 100% දේශීයව නිෂ්පාදිත සන්නාමයක් වේ. එනම් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් නිපද වූ හිස කෙස් ශක්තිමත් කර කෙස් වැටීම පාලනය, හිස්සොරි පාලනය, කෙස් අග පැලීම පාලනය සහ කුමාරිකා හි නවතම නිෂ්පාදනය වන හිසකෙස් තුනී වීම වළකා පිරිපුන් කරවන Kumarika Hair Thinning Control Nourishing Hair Oil වේ. Hair Oil, Hair Serum, Shampoo සහ Conditioner යන කුමාරිකා හි සියලු නිෂ්පාදන ස්වභාවික අමුද්‍රව්‍යයන්ගේ සාරයෙන් යුක්ත වන අතර සෞඛ්‍යමත්, දිගු සහ කළු කෙස් කළඹක් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය සපයමින් කාන්තාවන්ගේ හිස කෙස් සත්කාර අවශ්‍යතාවන් සපුරාලයි.

ශ්‍රී ලංකාවේ Home care and Personal care අංශයේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන හේමාස් මැනුෆැක්චරින්, හේමාස් හෝල්ඩින්ග්ස් PLC හි ISO  9001 සහතිකලත් අනුබද්ධ සමාගමකි.  පවුල්වලට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට සහය වීමේ සරල අභිප්‍රායෙන්  1948 දී හේමාස් ස්ථාපිත කරන ලදි. අද වන විට  4500කට අධික සේවකයන් පිරිසක් සමගින් ප්‍රමුඛ පෙළේ පොදු සමාගමක් ලෙසින් පාරිභෝගික, සෞඛ්‍යාරක්ෂාව හා ජංගම අංශයන්ගේ ලෝක මට්ටමේ නිෂ්පාදන හා සේවා සම්පාදනය තුළින් සුවදායී ජීවිතයක් ගෙන දෙයි.  හේමාස්,  බංග්ලාදේශය, බටහිර බෙංගාලය හා මියන්මාරයේ කලාපීය වශයෙන් සිය මෙහෙයුම් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික ව්‍යුහය ශක්තිමත් කරයි. 

අපගේ ඉදිරි ගමනේ දී විවිධත්වයෙන් හා උද්‍යෝගයෙන් ‍යුත් කණ්ඩායම් සදහා ආයෝජනය කිරීම, අර්ථවත් පිරිනැමීම් නිර්මාණය කිරීම, විශ්වාසනීය සහයෝගීතාවන් වර්ධනය කිරීම සහ වඩාත් ඇතුළත් ලෝකයක් දිනා ගැනීම සදහා අඛණ්ඩව කටයුතු කරන්නෙමු. එබැවින් අපගේ සියලුම පාර්ශවකරුවන් වෙත ධනාත්මක බලපෑමක් නිර්මාණය කිරීමට අපට හැකිය. 

Photo Caption


1. (වමේ සිට දකුණට) T.S සේනාරත්න මිය – SLSI අලෙවි හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ, S.U නාරංගොඩ මිය – SLSI නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, SLSI සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස් මැනුෆැක්චරින් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, හේමාස් මැනුෆැක්චරින් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ, ජ්‍යෙෂ්ට රසායනවේදී හිමාලි රණසිංහ SLS සහතිකය සමග

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *