Sinhala

Huawei අවුරුදු තිලිණ සමග මෙම උත්සව සමය සතුටින් සමරන්න

සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා විශේෂ අවුරුදු ත්‍යාගයන් ලබාදීම මේ වන විටත් ආරම්භ වී ඇත .

වඩාත් ජනප්‍රිය හා ඉතා ඉහළ ඉල්ලුමට ලක්වූ ස්මාර්ට්ෆෝන් දෙකක් වන Huawei Nova 7 SE සහ Huawei Nova 7i යන වර්ගයේ සෑම මිලදී ගැනීමකටම ආකර්ෂණීය ත්‍යාගයන් ලබාදීමට Huawei ආයතනය විසින් කටයුතු කර ඇත. තවද මෙම අවුරුදු සමයේ තවත් එක් ප්‍රතිලාභයක් ලෙස ස්මාර්ට් ෆෝන් මිළදී ගැනීම් සදහා පහසු ගෙවීම් ක්‍රමද හදුන්වාදී තිබේ,

අවුරුදු තෑගි පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Huawei  උපාංග  ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය. “අලුත් අවුරුද්ද යනු තෑගි සහ සතුට බෙදාගන්නා සමයකි. එය අපව නව බලාපොරොත්තුවලින් පුරවන අතර අපගේ ජීවිතයට නව ආරම්භයක් ලබා දෙයි. නව ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට බලා සිටින අයට සහ නව වසර සඳහා ස්මාර්ට් ජංගම දුරකතනයක්  තිලින කිරීමට කැමති අයට, Huawei අවුරුදු  ත්‍යාග මගින් විශේෂ වරප්‍රසාද ලබා දෙමින් මෙම උත්සව සමය සතුටින් සැමරීමට දායක වන්නෙමු. තවද සුබ සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්දක් වේවා යැයි අප ප්‍රර්ථනා කරමු.”

Huawei Nova 7 SE සහ Huawei Nova 7i සමග විශේෂ ත්‍යාගයන් ලැබන අතර Huawei Y7A ද වඩාත් ආකර්ශනීය ජනාදරයකට පත්ව ඇත.

Nova පවුලේ ප්‍රථම 5G ස්මාර්ට් දුරකථනය වන Huawei Nova 7 SE  කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ  Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනේදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් සුභදායක ආරංචියක් වනු ඇත.  

Huawei විසින්  powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද විශේෂාංග සමඟින් mobile photography වලදී පැන නගින විවිධ ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට Huawei Nova 7 SE හරහා කටයුතු කර ඇත.  Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP (High resolution Lens, f/1.8 aperture) Quad Camera,  Main Camera, 8 MP (Ultra Wide Angle Lens, f/2.4 aperture), 2 MP (bokeh lens, f/2.4 aperture) සහ  2 MP (Macro lens, f/2.4 aperture), දවසේ ඕනෑම වෙලාවක ඉතා පැහැදිළි තත්වයේ අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ.

Autofocus සහ Huawei AI image stabilization සඳහා Huawei NOVA 7SEහි rear camera සහය දක්වන අතර 960 fps slow motion 4K වීඩියෝ පටිගත කිරීමට ඒවා උපකාරී වේ. 16 MP (f/2.0 aperture) shooter සමගින් එන Nova 7 SE හරහා ඉහළ ගුණත්වයෙන් යුත් ස්වභාවික සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම පහසු කරයි.තවද රාත්‍රී කාලයේ වුවද ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ඡායාරූප ලබා ගැනීම පහසු කරන BM3D denoising algorithm විශේෂාංගය මෙහිදී සුවිශේෂී වේ.  මේ හේතුවෙන්  මොබයිල් ෆොටෝග්‍රෆි සඳහා ප්‍රිය කරන, වීඩියෝග්‍රෆි සිදු කරන සියලුම දෙනා සඳහා Huawei NOVA 7SE කදිම  ස්මාර්ට් දුරකථනයක් වනවා නොඅනුමානයි. 

Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. EMUI 10.1 (Android 10) මත පදනම් වූ Huawei Nova 7 SE, Kirin 820 7nm 5G chipset මඟින් බලගන්වා ඇති අතර මේ තුළින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ස්මාර්ට් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. 

Huawei Nova 7 SE හි 40W Huawei SuperCharge පහසුකම දැන් අවම වෙලාවක් තුලදී දුරකථනය charge කරගැනීමේ හැකියාව ලබා දෙන අතර එහි 4000 mAh දිගු කාලීන බැටරි ධාරිතාවය දිනකටත් වඩා වැඩි කාලයක් දුරකතනයේ කාර්යන් සිදු කිරීම පහසු කිරීමද විශේෂත්වයකි.  

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ. 

ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.  තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.

අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙන Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.    තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ.

Huawei  විසින්  ගිය වසරේ අග භාගයේදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි:

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටගේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත.48MP High Resolution ප්‍රධාන කැමරාව විචිත්‍රවත් පැහැදිලි ඡායාරූප ග්‍රහණය කර ගන්නා අතර අනෙක් කාච තුනේ සංයෝජනය මඟින් පරිශීලකයින්ට අතිශය පුළුල් කෝණික, පැහැදිලි විශාලනය සහ අනන්‍ය ගැඹුර  මගින් දර්ශන ග්‍රහණය කර ගනී. අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක .punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහස පරිශීලකයින්ට හිමිවේ .  Huawei Y7a 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Huawei Y7a හි එක් පැත්තක ඇති  ඇඟිලි සලකුණු කියවනය සහිත බලගැන්ව්මේ බොත්තම පරිශීලකයින් හට නැවුම් අත්දැකීමක් ලබාදෙන අතර එමගින් මෙම ස්මාර්ට් දුරකතනයේ ආරක්ෂාවද ඉහළ නැංවීමට සමත් විශේෂාංගයක් ලෙස හැදින්විය හැක.මෙම විශේෂාංගය පරිශීලක භාවිතය පහසු කිරීම ට යොදාගත් තවත් එක් අංගයකි.

Huawei Nova 7i රු. 52,999.00 මිළකට සහ Huawei Nova 7SE රු. 68,999 මිළකට හා  Huawei Y7A රු. 57,999  සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි අතර විශේෂ ගෙවීමේ ක්‍රමද සහිතයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *