Sinhala

VIVO, ගෙනෙන අවුරුදු වාසි තුළින් V සහ Y මාදිලි මිලදී ගෙන තෑගි දිනාගන්න

ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම වඩාත් සමීප කරවමින් ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සන්නාමයක් වන vivo, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ටී-ෂර්ට් හා තවත් වටිනා vivo තෑගි රැසක් හිමි කර ගැනීමට අවස්ථාව උදාවේ. පාරිභෝගිකයින්ට vivo ස්මාර්ට් ජංගම දුරකථන V20, V20 SE, Y12s, Y20, Y20s, සහ Y51 යන මාදිලි වලින් තෝරා ගත හැකි අතර දිවයින පුරා බලයලත් vivo අලෙවි නියෝජිතයින් සහ වෙළඳසැල් වලින් මෙම දීමනාවන් ලබා ගත හැකිය.

vivo ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා අවුරුදු වාසි පිරිනැමීම පිළිබඳව මෙසේ පැවසීය. “මෙම ‘අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට තෑගි සහ දීමනා ලබා දීමටත්, ජිවිත පොහොසත් කරවන ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණය ඔවුන් වෙත සමීප කර වීමටත් බලාපොරොත්තු වනවා.”

vivo හී  Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මාලාවේ නවතම හඳුන්වා දීම වන්නේ Y51 වන අතර Y12s, Y20, Y20s ලෙස ප්‍රබල ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි රැසක් හඳුන්වා දී තිබේ. මෙම Y ශ්‍රේණිය හරහා ආකර්ශනීය මිල ගණන් යටතේ  camera, long-lasting battery life, flash charge technologies, සහ නව්‍ය විලාසිතා වලින්  හැඩවූ පෙනුමක්  සහිත අදහාගත නොහැකි ආකර්ශනීය විශේෂාංග රැසක් හිමිකර දී ඇත. එපමණක් නොව V20 ශ්‍රේණියේ slim look, light weight, සහ strongly reflect සහිත අද්විතීය වර්ණ මාලාව, ඉහළම පෙළේ කැමරා විශේෂාංග මගින් ප්‍රබල ලෙස පිළිබිඹු කරන්නේ පරිශීලක අත්දැකීම් ඉහළ නංවමින් අද්විතීය ජීවන රටාවක් සහ සුඛෝපභෝගී හැඟීමක් සිය පාරිභෝගික ජනතාවට අත්විඳීමට අවස්ථාව සලසා දීමට vivo දක්වන කැමැත්තයි.

Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම සුවදායී ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් ලබා දෙන අතර, V ශ්‍රේණිය මගින් වැඩි දියුණු කරන ලද කැමරා විශේෂාංග සහ අද්විතීය පෙනුමක් සහ විශිෂ්ඨ සෙල්ෆි අත්දැකීම් ලබා දෙයි. මීට අමතරව, V ශ්‍රේණිය Super Night mode, Ultra Stable video යනාදී විවිධ අංගයන්ගෙන් සමන්විත වන අතර  වීඩියෝ නිර්මාණකරුවන්ට සහ ඡායාරූප ලෝලීන් සඳහා වූ තවත් සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විතය.

මෙම වාසි සහ දීමනා තොග අවසන් වන තුරු සීමිත කාලයක් සදහා පමණක් වලංගු වේ. වැඩි දුර තොරතුරු සඳහා  www.vivo.com/lk වෙත හෝ vivo Sri Lanka Facebook පිටුවට පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *