Sinhala

Beat of One Nation (BOON) – දෙවන අදියර

කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ අභියෝග රාශියක් මධ්‍යයේ වුවද, Beat of One Nation (BOON) – දෙවන අදියර සාර්ථක අයුරින් පවත්වන්නට එක්වෙමු ශ්‍රී ලංකා (SLU) සමත් විය. නව සාමාන්‍යයට අනුගත වෙමින් සහ සෞඛ්‍ය පූර්වාරක්ෂාවන්ට අනුකූලව වෙමින් මෙම ප්‍රසංගය ෆේස්බුක් සහ යූ ටියුබ් හරහා සජීවීව විකාශය කිරීමට එක්වෙමු ශ්‍රී ලංකා නිර්මාණශීලී විය. Beat of One Nation (BOON) – දෙවන අදියර වෙනුවෙන්ම අලුතෙන් නිර්මාණය වූ ගීත නිර්මාණ හයක් මේ ප්‍රසංග දිනයේදී එළිදක්වන ලදී. මෙම සජීවී ප්‍රසංගය හා එක් එක් නව්‍යය ගීත නිර්මාණයන් ඔවුන්ගේ ෆේස්බුක් පිටු හරහා නරබන්නට අපි ඔබට ආරාධනා කර සිටින්නෙමු.

මෙම ප්‍රසංගය සදහා ආරාධිත අංගයන් ඉදිරිපත් කරමින් උළෙලේ මෙහෙයවීම් කටයුතු සිදුකල දනු ඉන්නසිතම්බි හා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ ඉදිරිපත් කිරීමක් සිදුකල Singing Potatoes පළමුව සිහිපත් කිරීමට කැමැත්තෙමු. ප්‍රසංගයේදී අංගයක් ඉදිරිපත් කිරීමට අමතරව එක්වෙමු ශ්‍රී ලංකා සංගීත අධ්‍යක්ෂක වශයෙන් අපගේ සංගීත අංශයේත් මෙම ප්‍රසංගයේත් ප්‍රධානියා වශයෙන් කටයුතු කරන රන්දීර් විතාන, මෙහි ගීත ඇල්බමය නිෂ්පාදනයෙන් හා සජීවී ප්‍රසංගයේ ඉදිරිපත් කිරීම් වෙනුවෙන් තරුණ කලාකරුවන් හා කලාකාරිනියන් පුහුණු කිරීම වෙනුවෙන් තම කාලය වැයකල කෙන් ලප්පෙන් පිළිබදවද විශේෂයෙන් සිහිපත් කල යුතුය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් රාජ්‍යයෙහි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරනු ලබන කුඩා හා විශේෂ අරමුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහන් වන බීට්ස් ඔෆ් වන් නේෂන් Beat of One Nation එහි ස්වභාවය අනුව සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් එකට ගෙන ඒමේ හැකියාව සංගීතයට ඇති බව එක්වෙමු ශ්‍රී ලංකා හි අප විශ්වාස කරනු ලබයි. වසර 14ක් පුරා දිස්ත්‍රික්ක 25 ක ශිෂ්‍ය නායක නායිකාවන් 3500 කට අධික සංඛ්‍යාවක් අපගේ එක්වෙමු ශ්‍රී ලංකා වාර්ෂික සමුළුවේදී ඒකරාශී කරගැනීම පිලිබදව ඇති අත්දැකීම් අපගේ ඉහත විශ්වාසයන් සාක්ෂාත් කරගැනීම සදහා අනර්ඝ පසුබිමක් නිර්මාණය කර ඇත. එක්වෙමු ශ්‍රී ලංකා වාර්ෂික සමුළුවට සහභාගී වූ විවිධ පසුබිම්වල තරුණ තරුණියන් සදහන් කරන්නේ විවිධ ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායම් සමග සිය පළමු ධනාත්මක අත්දැකීම ලැබූයේ අපගේ සමුළුවේ සංගීත හා කලා අංශයේ ක්‍රියාකාරකම් සමග සම්බන්ද වීම හරහා බවයි.

ප්‍රතිසංධානය පිළිබද වැඩසටහනකට සාමාන්‍යයෙන් සහභාගී නොවන නව ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ජනප්‍රිය සංගීතවේදීන් හා දක්ෂතා වලින් පිරිපුන් දේශීය නිර්මාණකරුවන්/ නිර්මාණකාරිනියන් ගෙන් යුත් Beat of One Nation වැනි පුලපිරීම් හරහා හැකියාව ලැබෙනු ඇතැයි එක්වෙමු ශ්‍රී ලංකා අප විශ්වාස කරන අතර, ලංකාව පුරා විහිදුනු පුළුල් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සමග තවදුරටත් සම්බන්දවිමට අප බලාපොරොත්තු වෙයි. එමගින් ප්‍රචණ්ඩ අන්තවාදය කරා යොමුවීමට වැඩි අවදානමක් ඇති තරුණ තරුණියන් වෙත ළඟාවීමේ හැකියාව අපට ලබා දෙයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල දෙමාපියන් ප්‍රධාන වශයෙන් වාණිජ, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ නීතිය වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර හරහා ශාස්ත්‍රීය හා වෘත්තීය තෝරාගැනීම් වෙත වැඩි අවධානයක් යොමු කරන අතර සංගීතය හා කලාව වැනි ක්ෂේත්‍ර පිළිබද වැඩි උනන්දුවක් නොදක්වයි. කලාව වෘත්තීයයක් ලෙස තෝරාගැනීමට ඇති හැකියාව පිලිබදව සහභාගිවන්නන්ට අත්දැකීම් ලබාදෙන මුලපිරීම් හරහා සමාජයට ධනාත්මක බලපෑමක් අත්වන බව අප විශ්වාස කරයි.

Beat of One Nation සදහා එක් පළාතකින් එක් තරගකරුවෙකු බැගින් තෝරාගනු ලබන අතර එහෙයින් Beat of One Nation සෑම අදියරකදීම අප දිවයින පුරා විසිරි සිටින තරුණ තරුණියන්ට ඒ සදහා ඉල්ලුම් කරන ලෙස ආරාධනා කර සිටියි. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පිහිටා තිබෙන එක්වෙමු ශ්‍රී ලංකාහි කාර්යාලයන් හරහා පැවැත්වුණු තෝරාගැනීම් තුලින් දිවයිනේ පළාත් නවයම නියෝජනය වන තරගකරුවන් 178 දෙනෙකු අතරින් සියලුම ජනවර්ග හා ආගමික කණ්ඩායම් නියෝජනය වන පරිදි දක්ෂ තරුණ තරුණියන් හත් දෙනෙකු අවසන් වශයෙන් තෝරාගන්නා ලදි.

විවිධ නිර්මාණාත්මක මුලපිරීම් තුළින් විවිධ ජනවාර්ගික හා ආගමික කොටස්හි  තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වීමට එක්වෙමු ශ්‍රී ලංකා අඛණ්ඩව කටයුතු කරන අතර තම කාලය හා දක්ෂතාවන් ස්වේච්ඡාවෙන් ලබාදීමට කැමති ඕනෑම අයෙකුට අප හා එක්වන ලෙසද ආරාධනා කර සිටීමට අපි කැමැත්තෙමු.!

එක්වෙමු ශ්‍රී ලංකා හි මුලපිරීම් හා වැඩසටහන් පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා srilankaunites.org වෙබ් අඩවියට පිවිසෙන්න; නැතහොත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා අප හා සම්බන්ද වන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *