Sinhala

vivo, 2020 සිව්වන කාර්තුවේ ආසියාව තුළ වැඩිම නැව්ගත කිරීම් සිදුකල සන්නාමය බවට පත්වේ

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, Counterpoint වාර්තා අනුව 2020 සිව්වන කාර්තුවේ ආසියානු ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ වැඩිම නැව් ගත කිරීම් සිදු කල සන්නාමය ලෙස ප්‍රමුඛස්ථානය හිමි කර ගෙනඇති අතර එය සමස්ථ වෙළඳ පොළ කොටසින් සියයට 15ක තරම් ප්‍රමාණයකි. මෙම ශ්‍රේණිගත කිරීම ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි වෙළඳ පොළවල ප්‍රබල ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ලැබූ ප්‍රශංසාවක් බඳු වන අතර එම කාර්තුව තුළ සියලුම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර vivo ඉදිරියෙන් සිටියේය.

එලෙසින්ම ආසියාවේ ප්‍රබල ක්‍රියාකාරිත්වයට අමතරව, vivo ගෝලීය වෙළෙඳපොළ තුළ ආකර්ෂණීය ඉහළ අගයක් වාර්තා කළේය. 2020 දී ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන නැව්ගත කිරීම් වලදී vivo පස්වන ස්ථානයට පත්ව ඇති අතර එහි වෙළඳපල කොටස සියයට 8.6 ක් ලෙස වාර්තා වීය. vivo 2014 දී ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසි දින සිට ආසියානු වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරය තහවුරු කර ගෙන ඇති අතර ලොව පුරා ගෝලීයකරණය වේගවත් කිරීමට පෙරමුණ ගෙන සිටී.

Counterpoint හි සතිපතා චීන ස්මාර්ට් ජංගම දුරකථන පිරික්සීම් අනුව අප්‍රේල් 14 වනදා වාර්තාව අනුව පළමු වරට vivo  චීන වෙළඳපොළේ ඉහළම ස්ථානයට පැමිණ තිබේ. එලෙසම මේ වසරේ 11 වන සතියේ (මාර්තු 8-14), පාරිභෝගික හිතකාමී නිෂ්පාදන පෙළක් හේතුවෙන් vivo වෙනත් වෙළඳ නාම අභිබවා ඉදිරියට පැමිණියේය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *