Sinhala

Study Group, ශ්‍රී ලාංකික සිසුන් සඳහා බ්‍රිතාන්‍යයේ රැකියා සූදානම් කිරීමේ වැඩසටහන දියත් කරයි

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සංවිධානය විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා දීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරයි.

ඒ අනුව Study Group හී  හවුල්කාර බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ඒ අතරතුර සිය කුසලතා හඳුනා ගැනීමටත් රැකියාවකට මුලපිරීම පිළිබඳව මුලික දැනුමක් ලබාගැනීමටත් අවස්ථාව ලබා දෙන ආකාරයේ   වැඩසටහනක් දියත් කර ඇත. එහිදී UK International Study Centre හී හෝ ජාත්‍යන්තර පාසලක තම ස්ථානය තහවුරු කරන සියලුම සිසුන්ට මේ සඳහා වන සේවා පිරිවැය Study Group සංවිධානය විසින් ආවරණය කරනු ලබයි.

මෙම රැකියා සූදානම් කිරීමේ වැඩසටහන විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික සිසුන්ට අර්ධ කාලීන රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා වේ.  පරිවර්ථනීය කුසලතා වර්ධනය කර ගැනීමටත්, ඔවුන් ඉගෙන ගන්නා අතරතුරම මුදල් උපයා ගැනීමටත්, විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ගෝලීය රැකියා අවස්ථා ලබා ගැනීමටත් හැකිවන පරිදිත් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.

Study Group හි වෘත්තීය සංවර්ධන හවුල්කරුවන් විසින් වැඩසටහනේදී සිසුන් සඳහා CV සකස් කිරීම සහ profile presentation කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික මෙවලම් සහ සහාය ලබා දෙයි. එසේම සම්මුඛ පරීක්ෂණ සහ ආදේශක සම්මුඛ පරීක්ෂණ හරහා සිසුන්ට විශාල ප්‍රතිලාභ හිමිවන අතර වැඩසටහන අවසන් වූ පසු අනාගත සේවා යෝජකයන් සමඟ රැකියා සඳහා වූ සම්මුඛ පරීක්ෂණ තුනකට සහභාගී වීමට සිසුන්ට අවස්ථාව සලසා තිබේ. එම සම්මුඛ සාකච්ඡා සිසුන් තෝරාගත් UK International Study Centre හෝ ජාත්‍යන්තර පාසලට ආසන්නව පිහිටි සමාගම් සමඟ පවත්වනු ලැබේ.

Study Group හි කළමණාකාර අධ්‍යක්ෂ ජේම්ස් පිට්මන් මහතා රැකියා සූදානම් කිරීමේ වැඩසටහන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “මෙම වසංගතය ශ්‍රී ලංකාවේ අපගේ ජාත්‍යන්තර සිසුන් බොහෝ දෙනෙකුගේ පවුල්වලට දරුණු ලෙස බලපා තිබෙනවා. ඉතින්, මේ වසරේ Study Group  අපි රැකියා සූදානම් කිරීමේ වැඩසටහනක් හඳුන්වා දෙන්නේ සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරතුර ඔවුන්ගේ රැකියා හැකියාව වැඩි දියුණු කිරීමට උපකාර කිරීම සඳහා යි. CAS / iCAS සිසුන්ට සම්මුඛ පරීක්ෂණ අවස්ථා තුනක් ලබා දීමට අප කැපවී සිටින අතර උපාධි පාඨමාලා සාර්ථකව නිම කිරීමෙන් පසු ශ්‍රී ලංකා සිසු සිසුවියන් සිය වෘත්තීය ජීවිතය සඳහා සූදානම් වන අවස්ථාවේදී ඔවුන්ට සහාය වීමටද කැපවී සිටිනවා.”

 එසේම මේ පිළිබඳව ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු ආසියානු Study Group  කලාපීය අධ්‍යක්ෂ ශ්‍රීනි බණ්ඩාර මෙසේ පැවසීය. “ Study Group හී විශිෂ්ට වැඩසටහනක් වන රැකියා සූදානම් කිරීමේ වැඩසටහන ශ්‍රී ලාංකික සිසුන් උසස් අධ්‍යාපන පාඨමාලාව සිදු කරන අතරතුර ඔවුන් රැකියා කිරීමට සූදානම් බව සහතික කිරීම සඳහා දියත් කරනු ලබන වැඩසටහනක්. ශ්‍රී ලාංකික සිසුන් බ්‍රිතාන්‍යයට පැමිණි විගස ඔවුන්ගේ මූලික රැකියා අපේක්ෂාවන් ඉහළ නංවමින්, ඔවුන් තෝරා ගත් වෘත්තීය අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා දීමට මෙමගින් හැකිවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ නිපුණතා අවකාශය පිරවීමට ඔවුන් ශක්තිමත්ව සිටිනු ඇතැයි මා විශ්වාස කරනවා.”

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *