Sinhala

කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International අත හිත

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Evoke Internationalවිසින් කෝවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ පවුල් 50ක සුරක්ෂිතභාවය  සහතික කරමින්  වියළි සලාක පරිත්‍යාගයක් පසුගිය දා සිදු කරන ලදි.  අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගං වතුරෙන් පීඩාවට පත් වූ මෙන් ම සංචරණ සීමා කිරීම හේතුවෙන් ආදායම් අහිමි වූවන් වෙනුවෙන් මෙම වියළි සළාක පරිත්‍යාග කරන ලදි. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින්  එවෝක් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව සිදු කරන ලද මෙම පරිත්‍යාගය, Evoke International විසින් මෙම ගිණුම් වර්ෂය සදහා දියත් කරන ලද පළමු සමාජ සත්කාරක වැඩසටහන ලෙසින් සාර්ථක අවසානයක් සනිටුහන් කරන ලදි.

මෙම වැඩසටහන පිළිබදව අදහස් දක්වමින් Evoke International හි ප්‍රධාන විධායක නිළධාරී ලහිරු වික්‍රමසිංහ පවසා සිටියේ, ” අපි අද ගෙවමින් සිටින්නේ එකිනෙකා වෙනුවෙන් උපකාර කළ යුතු, පීඩාවට පත් පවුල්වලට හැකි උපරිමෙන් සහය විය යුතු අභියෝගාත්මක කාල වකවානුවක්. විශේෂයෙන්ම රැකියා අහිමි වීම නිසාවෙන් ආදායම් මාර්ග නොමැතිව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අපි අපේ හැකි උපරිම සහය ලබා දිය යුතු කාලයක්. වියළි සලාක පරිත්‍යාගය තුළින් මෙම පවුල්වල ක්ෂණික අවශ්‍යතාවන් සපුරා ගැනීම සදහා ස්වේචාවෙන් ඉදිරිපත් වීමට හැකි වීම පිළිබදව අපි ඉතා සතුටට පත් වෙනවා. වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන්, මෙවැනි සමාජ ප්‍රයත්නයන් හි නිරත වෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය නගා සිටු වීම සදහා අපි කටයුතු කරනවා” යනුවෙන් ප්‍රකාශ කරන ලදි.

අඛණ්ඩව සමාජ සත්කාරක කටයුතු හි නියැලී  සිටිමින් ජනතාවගේ අවශ්‍යතාවන් වෙත ප්‍රමුඛතාවය ලබා දෙමින් සහ ඔවුනට ප්‍රතිචාර දක්වමින් ප්‍රජාව වෙත සමීප වෙමින් කටයුතු කරයි.  ප්‍රජාව වෙත දිගු කාලීනව  උපකාර කිරිම වෙනුවෙන්  Evoke කණ්ඩායම විසින් ප්‍රජා පාදක ක්‍රියාකාරී සැලැස්මක් වෙත අවදානය යොමු කර ඇති අතර එමගින් ජනතාව වෙනුවෙන් දිගු කාලීනව ආධාර – උපකාර කිරිම සිදු කෙරෙනු ඇත.

2008 වසරේ දී ආරම්භ කරන ලද Evoke International ප්‍රමුඛ ඩිජිටල් සේවා සපයන්නෙකු ලෙසින් ඩිජිටල් අවකාශය තුළ සුප්‍රසිද්ධ සන්නාමයක් බවට පත්ව ඇත. Evoke, ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහ ක්ෂේත්‍රයේ හොදම භාවිතයන් සමගින් ඩිජිටල් සේවා රැසක් සහ නව්‍ය සේවා පිරිනමයි. දකුණු ආසියාවේ විශාලතම ඩිජිටල් විනෝදාස්වාද සපයන්නා වන Hungama Digital Media Entertainment සමගින් Evoke International  වසර 08ක දිගු හවුල්කාරිත්වයක්  ඇති කර ගෙන ඇත. ජංගම දුරකථන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන්  Caller Ring Back Tone (CRBT) සේවා, දුරකථන ඇප් සංවර්ධනය, වෙබ් විසදුම් සැපයීම, රැහැන් රහිත යෙදුම් ප්‍රොටෝකෝල – Wireless Application Protocols (WAP) නිෂ්පාදන, Interactive Voice Response (IVR), VOICE සේවා සහ මියුසික් වීඩියෝ නිෂ්පාදනය  Evoke හි ප්‍රධාන සේවා සැපයුම් අතර වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *