Sinhala

හේමාස් විසින් “ප්ලාස්ටික්සයිකල්” සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය පුළුල් කරයි

හේමාස් කන්සියුමර් විසින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන   “ප්ලාස්ටික්සයිකල්”  සමඟ එක්ව, එම ව්‍යාපෘතියේ ප්ලාස්ටික් එකතු කිරීමේ කසළ බඳුන් ජාලය නව එකතු කිරීමේ ස්ථාන 25 ක් දක්වා ව්‍යාප්ත කිරීම සිදුකරනු ලැබීය. මෙම පුළුල් කිරීම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් විසින් ජෝන් කීල්ස්  සමඟ එක්ව ජෝන් කීල්ස් හි  සමාජ ව්‍යවසායකත්ව වැඩසටහනට  සිය නොමද සහය දැක්වීමේ අරමුණින් සහ ඒ තුලින් සාමාන්‍ය ජනතාව අතර ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ආකාරව කළමනාකරණයට දිරිගැන්වීමක් ඇති කිරීමෙහිලා සිදු කරනු ලැබීය. 

ඉහල පිළිගැනීමක් සහිත වෙළඳ සන්නාමයන් දෙකක් වන ‘බේබි ෂෙරමි’ සහ ‘කුමාරිකා’ , විසින් පරිසරයට දරුණු තර්ජනයක් වී තිබෙන මෙම ප්ලාස්ටික් අර්බුදය අවම කිරීමේ අභිලාශය ඇතිව හේමාස් කන්සියුමර් සමඟ මෙම මුලපිරීමට සම්බන්ධ වී සිටියි. ඔවුන්  මීට අමතරව තව බොහෝ පරිසර හිතකාමී මුලපිරීම් වලට ඔවුන්ගේ දායකත්වය ලබා දෙමින් පවතින අතර “ප්ලාස්ටික්සයිකල්”  සදහාද ඔවුන්ගේ දීර්ඝ කාලින සහය ලබා දීමට සැදී පැහැදී සිටියි.

2020/2021 සිව්වන කාර්තුවේදී අදියර තුනක්  යටතේ මෙම කසළ බඳුන් 25 කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථාන වන ප්‍රධාන රෝහල්, ක්‍රීඩා සංකීර්ණ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  යන ස්ථාන වල තැන්පත් කර තිබු අතර ඒවා තුලින් පරිහරණය කරන ලද ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 900 කට අධික ප්‍රමාණයක් රැස්කර ගන්නා ලදී. සියලුම ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන අතරම,  ආර්ථික ප්‍රවේශයකට යොමු කිරීම තුලින් ශ්‍රී ලංකාව තුල ප්ලාස්ටික් දුෂණය අවම කිරීම සිදු කරයි. මෙම කාලෝචිත මුලපිරුමේ වටිනාකම අවබෝධ වීමත් සමඟ මෙම ක්‍රියාවලිය මහජනතාව සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය මත ඉදිරියට යාම සිදු වෙමින් පවතී.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ  ප්‍රකාශකයෙකු පවසා සිටියේ හේමාස් වැනි ප්‍රමුඛ පෙළේ සමාගමක් මේ වන විට වැදගත් මාතෘකාවක්ව පවතින ප්ලාස්ටික් දුෂණය අවම කිරීම උදෙසා මෙවැනි පරිසර හිතකාමී ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් තුලින් සම්බන්ධ වීම සතුටට කරුණක් බවයි. එසේම තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අහිතකර ලෙස ප්ලාස්ටික් බැහැර කිරීම හරහා ජෛව විවිධත්වයට හා සතුන්ට විශාල තර්ජනයක් එල්ලවී ඇති අතර මහජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් කරනු ලබන මෙම  මුලපිරීම එය වැලැක්වීම සදහා කදිම මුලාරම්භයක්  වන බවත් තව දුරටත් මෙවැනි පරිසර හිතකාමී මුලපිරීම් ඔවුන් බලාපොරොත්තු වන බවත්ය.

“ප්ලාස්ටික්සයිකල්” යනු 4R සංකල්පය (Refuse, Reduce, Reuse සහ  Recycle) පෙරදැඩි කරගත් මුලපිරීමක් වන අතර එය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා මහජනතාව දිරිමත් කිරීම,නිසි පරිදි ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය උපකාරය සැලසීම සහ ප්‍රතිචක්‍රීකරණ මුලපිරීම් සදහා ප්‍රවර්ධනයක් ලබා දීම යන අරමුණු උදෙසා ක්‍රියාත්මක වේ. “ප්ලාස්ටික්සයිකල්” යනු හොදින් සැලසුම් කරන ලද ක්‍රියාන්විතයක් වන අතර ඒ තුලින් දිවයින පුරා තැන්පත් කරන ලද කසළ බඳුන් වලින් රැස්කර ගනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත භාර දෙනු ලබයි.

පරිසරයට හිතැති ආයතනයක් ලෙස හේමාස් විසින් ප්ලාස්ටික් දුෂණයට විසදුමක් ලෙස ප්‍රතිචක්‍රීකරණයේ අවශ්‍යතාවය අවබෝධ කොටගෙන සිටින අතර “ප්ලාස්ටික්සයිකල්” වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය අතහිත ලබාදීමට සැදී පැහැදී සිටී. හේමාස් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ මෙම මුලපිරීමට සිය උපරිම දායකත්වයද ලබා දෙන ලෙසය, මක්නිසාද යත් තනි තනිව සියලුදෙනා දරන උත්සාහය තුලින් දිනෙක ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් ගොඩ නැගීමට අපට හැකියාව ලැබෙනු ඇති නිසාවෙනි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *