Sinhala

Active Noise cancellation සමඟ එන HUAWEI FreeBuds 4i සහ දවස පුරා SpO2 අධීක්ෂණය කරන Huawei Band 6

මෑත කාලීනව Huawei විසින් හදුන්වාදුන් ස්මාර්ට් උපාංගයන් පරිශීලකයින් අතර ඉතා ප්‍රචලිත වූ අතර එම උපාංග අතරින් Huawei FreeBuds 4i සහ Huawei Band 6 විශේෂ පරිශීලක ආකර්ෂණයක් දිනාගෙන ඇත. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි පවතින්නා වූ විශේෂත්වය නිසාම මෙය වෙළද පොළේ ඉතා ඉහල ඉල්ලුමක් ලබාගනු ඇති බව නොරහසකි.

HUAWEI FreeBuds 4i මයික්‍රෆෝනය හරහා  ambient noise හඳුනාගෙන ප්‍රතිලෝම ශබ්ද තරංගයක් ජනනය කිරීම මගින් එම ශබ්දයන් අවම කරයි. ශබ්දය අවලංගු කිරීමේ ඇල්ගොරිතම මඟින් කාර්යබහුල වෙළඳ සංකීර්ණයක්,ඝෝෂාකාරී පොදු ප්‍රවාහන මාධ්‍යන්, දුම්රිය ස්ථානයක්, කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ඝෝෂාකාරී ස්ථානයකදී ඉතා පැහැදිලි දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිකරදේ . මීට අමතරව ඔබ සංගීතය ශ්‍රවණය කිරීමට ප්‍රිය කෙනෙකු නම් ඕනෑම කලබල කාරී අවස්ථාවක කිසිදු බාහිර ශබ්ද බලපෑමකින් තොරව නිදහසේ තව සංගීතයට සවන්දීමේ හැකියාව  Active Noise cancellation(ANC) විශේෂාංගය හරහා හිමි වේ .

HUAWEI FreeBuds 4i හි  Awareness Mode මාදිලිය ද අන්තර්ගත වන අතර, එමඟින් පරිශීලකයන්ට earbuds ඉවත් නොකර වටපිටාවේ ශබ්දය ඇසීමට ඉඩ සලසා දේ. Earbuds එක press කර එය එක දිගට hold කර සිටීමෙන් , HUAWEI FreeBuds 4iහි  Awareness Mode සහ Active Noise Cancellation Mode හරහා ස්වයංක්‍රීයව මාරුවීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .ඇමතුම් අතරතුර පරිසරයේ ශබ්දයන් නිසා ඇතිවන ඝෝෂාකාරිත්වය අවම කිරීම සඳහා, HUAWEI FreeBuds 4i හි three anti-interference තාක්ෂනය භාවිතාකර ඇති අතර මෙමගින් ඇමතුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කර දෙනු ලැබේ . සුවිශේෂී beamforming  තාක්ෂණය මයික්රොෆෝනයට පරිශීලකයාගේ කටහඩ  නිවැරදිව තෝරා ගැනීමට ඉඩ සලසන අතර ද්විත්ව මයික් පද්ධතිය හා slit-duct නිමාව හේතුවෙන් එළිමහන් සුළං ශබ්දය  අඩු කරනු ලැබේ . AI noise reduction තාක්ෂණයද භාවිතාකර ඇති නිසා තවදුරටත් අමතර ශබ්දයන් මගින් වන බාධාකිරීම් නවතා ගැනීමේ හැකියාව HUAWEI FreeBuds 4i සතුව ඇත.

ඕනෑම earbuds මාදිළියක වැදගත් විශේෂාංගයක් ලෙස බැටරි ආයු කාලය සැලකිය හැකිය . HUAWEI FreeBuds 4i විශාල, ඉහළ ශක්තියකින් යුතු  බැටරියකින් සමන්විත compact frame නිසා මෙම  HUAWEI FreeBuds 4i උපාංගය දිගු බැටරි ආයු කාලයක් සහිත විශිෂ්ඨ උපාංගයක් බවට පත් කරයි.

Active Noise cancellation(ANC) විශේෂාංගය අක්‍රීය කර ඇති විට, HUAWEI FreeBuds 4i පැය 10 ක අඛණ්ඩ සංගීත සවන්දීමක්  හෝ පැය 6.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . charging case සමඟ එක්ව, එය පැය 22 ක සංගීත සවන්දීමක් හෝ පැය 14 ක හ voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ.

Active Noise cancellation (ANC) සක්‍රීය කර ඇත්නම්, එයට පැය 7.5 ක අඛණ්ඩ සංගීත සවන්දීමක් සහ පැය 5.5 ක voice ඇමතුමක් ධාරිතාවක් ලබාදේ . තවද,  මෙම උපාංගයන් අතර ප්‍රමුඛතම Charging තාක්ෂණය සහිත HUAWEI FreeBuds 4i මිනිත්තු 10 ක ආරෝපණයකින් පැය 4 ක ශ්‍රව්‍ය කාලයක් ලබා දෙයි. HUAWEI FreeBuds 4i සතු මෙම විශේෂ හැකියාව නිසා නිවසින් පිටතට පැමිණි  විට නොනවතින සංගීතමය රසාස්වාදයක් ලබාගැනීමට පරිශීලකයට අවස්ථාව හිමිවේ .

ඕවලාකාර හැඩැති,සිත්ගන්නා සුලු මනා නිමාවකින් යුතු HUAWEI FreeBuds 4i  සෙරමික් වයිට්(Ceramic White) සහ කාබන් ක්රිස්ටල් බ්ලැක්(Carbon Crystal Black) සමඟ රතු (Refreshing Red) යන වර්ණ තුනෙන් ලබාගත හැකිය .

 HUAWEI FreeBuds 4i හි Charging Case එක සැලසුම් කර ඇත්තේ පරිශීලකයාගේ අත්ලේ ප්‍රමාණයට සරිලන සේය, ඉතා විශාල හෝ කුඩා නොවන මෙම නිමැවුම, ඔබේ අතේ ගෙන යා හැකි පරිපූර්ණ ප්‍රමාණයේ උපාංගයක් වේ. HUAWEI FreeBuds 4i හි eadbuds වල හැඩය විශේෂ පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵලයක්  ලෙස දැක්විය හැකි අතර කණට ගැලපෙන සුවිශේෂී හැඩයකින් නිමවා ඇත .මෙහි භාවිතා කර ඇති උසස් තාක්ෂණය නිසා  ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දී පැහැදිලි ශ්‍රව්‍ය  අත්දැකීමක් ලබා දීමට HUAWEI FreeBuds 4i සමත් වේ. HUAWEI FreeBuds 4i හි එක් earbuds එකක දිග මිලිමීටර් 10 වන අතර මෙහි හැඩය සහ ප්‍රමාණය නිසා  සුළං ශබ්දය අඩු කිරීමේ හැකියාව මෙයට හිමි වේ.

HUAWEI FreeBuds 4i සේම බොහෝ පරිශීලකයින්ගේ අවධානය දිනාගත් ස්මාර්ට් උපාංගයක් ලෙස Huawei Band 6 හදුන්වා දිය හැකිය. Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි.

නිවැරදි සෞඛ්‍ය මිනුම් සහ පැළදීමේ සුවපහසුව fitness band සදහා ඉතා වැදගත් වේ. මෙය මනාව පිළිබිඹු වන සේ සකසා ඇති  HUAWEI Band 6 විවිධ සංවේදක තාක්ෂණයන් සඳහා අතිශයින්ම ඉහළ අවශ්‍යතා සපුරාලන  අතර බරින් ග්‍රෑම් 18 ක් පමණක් වන අතර එය දවස පුරා පහසුවෙන් පැළදිය හැකි ලෙස සහ නිවැරදි සෞඛ්‍ය මිනුම් සහිතව නිපදවා ඇත . HUAWEI Band 6 යනු දවස පුරා SpO2 අධීක්ෂණයට  (All-Day SpO2 monitoring) සහය දක්වන පළමු Huawei  fitness band එක වේ .HUAWEI Band 6 තවත් එක් fitness band එකක් පමණක් නොවන අතර  හෘද ස්පන්දන වේගය, නින්දේ ගුණාත්මක බව , ආතතිය සහ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වැනි පූර්ණ පරාසයක සෞඛ්‍ය නිරීක්ෂණ අංගයන් පරිශීලකයින්ට සපයයි. මෙපමණක් නොව HUAWEI Band 6 මඟින් පරිශීලකයින්ට  ව්‍යායාම කිරීමට පහසු  වන ලෙස වෘත්තීය මට්ටමේ උපදේශකයකු ලෙස කටයුතු කරමින් ව්‍යායාම ක්‍රම 96 ක් සදහා දත්ත උපයෝගී කරගනිමින් ප්‍රශස්ථ අධ්‍යන වාර්තාවක් ලබාදේ.

අඟල් 1.47 AMOLED FullView Display සහිත HUAWEI Band 6 , 194 * 368 resolution එකකින් සහ 282PPI අගයකින් යුක්ත වේ. වර්ණවත් තිර සංදර්ශකය මඟින් පරිශීලකයින්ට වැඩි තොරතුරු සහ පැහැදිලි බවක් ලබා දෙන අතර ව්‍යායාම සහ සෞඛ්‍ය දත්ත වඩාත් විස්තරාත්මකව දැකගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. ස්මාර්ට් ෆෝන් ස්පර්ශ තිරයක් භාවිතා කරනවා සේම පරිශීලකයින්ට පහසුවෙන් ඉහළට සහ පහළට, වමට සහ දකුණට ස්වයිප් කළ හැකිය screen එකකින් HUAWEI Band 6 සමන්විත වේ.

Graphite Black, Amber Sunrise, Sakura Pink සහ  Forest Green යන වර්ණ සතරකින්  HUAWEI Band 6 ලබාගත හැකි අතර පරිශීලකයාගේ සිතැගි පරිදි කැමති වර්ණයක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට හිමිවේ .

Fiberglass මගින් ශක්තිමත් කරන ලද පොලිමර් ඔරලෝසු මුහුණත, එහි සියුම් ලෝහමය පෙනුමක් ගෙනෙන  metal texture ආලේපනය, මෘදු හා සමට හිතකර silicone රබර් ඔරලෝසු පටිය නිසා මෙය පැළදි සිටීමට ඉතා පහසු ආකර්ශනීය ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර UV light-induced polymerization තාක්‍ෂණය භාවිතා කරමින් rubber strap එක නිපදවා ඇති නිසා  මෙය භාවිතයට ඉතා හිතකර  ස්මාර්ට් බෑන්ඩ් බව තවදුරටත් තහවුරු වේ .

විශාල display එකක් සහිත HUAWEI Band 6 දිගු බැටරි ආයු කාලයකින් සමන්විත වීම තවත් එක් විශේෂත්වයකි . ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් chipset එකකින්  සහ smart power-saving ඇල්ගොරිතමයකින්  HUAWEI Band 6 අඛණ්ඩව එක් charge කිරීමකින්  දින 14 ක භාවිතාකල බැටරි ආයු කාලයකින් සමන්විත වේ .  HUAWEI Band 6 අඛණ්ඩව හෘද ස්පන්දන වේගය සහ නින්ද නිරීක්ෂණය කරමින් පළදින්නගේ සෞඛ්‍ය දත්ත නිරවද්‍යව ලබාදේ.  මෙයට අමතරව  HUAWEI Band 6 , magnetic charger හරහා  fast charging කිරීමේ හැකියාව හිමිවන අතර  මිනිත්තු පහක ආරෝපණයක් මඟින් HUAWEI Band 6 ස්මාර්ට් බෑන්ඩ් එක දින දෙකක සාමාන්‍ය භාවිතය සඳහා පවත්වා ගත හැකිය. බර ග්‍රෑම් 18 ක් වන HUAWEI Band 6  විශේෂ විශේෂාංග රැසකින් සමන්විත වන අතර එහි විචිත්‍රවත් FullView Display එකක්  සහ සති 2 ක බැටරි ආයුකාලය මෙම ස්මාර්ට් බෑන්ඩ් එකේ විශේෂත්වය තවදුරටත් වැඩිකරයි.

සෞඛ්‍ය අධීක්ෂණ (Health monitoring) විශේෂාංග යනු ස්මාර්ට් බෑන්ඩ් භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය අංගයකි. Huawei TruSeenTM 4.0 සහ නව ස්මාර්ට් power-saving ඇල්ගොරිතම මත පදනම්ව ගොඩනගා ඇති  hardware පද්ධතිය නිසා  HUAWEI Band 6 දැන් දවස පුරා (SpO2) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අධීක්ෂණයට සහය දක්වයි. එය පරිශීලකයින්ගේ සෞඛ්‍යයට මනා පිටුවහලක් වන අතර රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත්කරයි. මෙම නිසා ඉක්මන් ක්‍රියාත්මක වී  සෞඛ්‍යය අවධානමෙන් ගැළවීමට පරිශීලකයාට හැකියාව හිමිවේ .

HUAWEI Band 6 හි fitness විශේෂාංගයන් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ගෙන එයි. ගෘහස්ථ හා එළිමහන් ධාවන, පාපැදි, සහ rope skipping වැනි වෘත්තීය ව්‍යායාම ක්‍රම 11 ක් සහ  fitness, ball games සහ නැටුම් වර්ග ඇතුළුව සිතැගි පරිදි වෙනස් කරගත හැකි modes 85 ක්ද , මීට අමතරව ව්‍යායාම කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාවද මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සතුව ඇතHUAWEI Band 6 විශාල තිරයකින්ද, අසමසම බැටරි ආයුකලයකින්ද, විශාල පරාසයකින් යුතු ව්‍යායාම් නිරීක්ෂණ ක්‍රමවේදයකින් සමන්විත වේ.  HUAWEI Band 6  හි ඇති  24/7 සෞඛ්‍ය කළමනාකරණය ක්‍රමවේදය සුවිශේෂී වේ .රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය (SPO2 Monitoring ) , හෘද ස්පන්දන වේගය අධීක්ෂණය, මානසික ආතතිය අධීක්ෂණය, නින්ද කළමනාකරණය සහ ඔසප් චක්‍රය අධීක්ෂණය කිරීම යනාදී විශේෂාංගයන් නිසා මෙම HUAWEI Band 6 සුවිශේෂී ස්මාර්ට් බෑන්ඩ් එකක් බවට පත්වේ

Huawei FreeBuds 4i  රු. 20,999/- මිළකට හා HUAWEI Band 6 රු. 15,999/- මිළකට, සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *