Sinhala

realme තරඟකාරී ස්මාර්ට් දුරකතන වෙළඳපොළ තුළ ඉදිරියටම

දේශීය ස්මාර්ට් උපාංග වෙළඳ පොළ තුළ නව වෙනසක් ඇති කරමින්, තාරුණ්‍ය ඉලක්ක කරගත් සුවිශේෂී විශේෂාංග වලින් යුත් ස්මාර්ට් දුරකතන රැසක් realme විසින් දියත් කළ බව නොරහසකි. වෙළඳ පොළ තුළ දැඩි කතා බහකට ලක්වන realme හි ස්මාර්ට් දුරකථන සඳහා පාරිභෝගිකයින් අතර දැඩි ඉල්ලුමක් පවතින අතර,  realme ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි වූ, ඔවුන්ගේ මෙම වෙළඳපොළ ජයග්‍රහණයන් පිළිබඳ මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියි. 

වෙළඳ පොළට පිවිස ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල පරිශීලක පදනමක ආකර්ෂණය දිනාගැනීමට realme සන්නාමය හට හැකි වූයේ කෙසේද ?

ලොවපුරා විසිරුණු පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින්, දිනෙන් දින වෙනස් වන තාක්ෂණය මුසු කරමින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් සමාර්ට් දුරකථන ඇතුළු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ පොළට දියත් කිරීමට realme හට හැකි වුණා.  2018 වසරේ අප සන්නාමය තාක්ෂණික වෙළඳ පොළ තුළට ඇතුළත් වූයේ, එම පරිසරය ඉතා තරඟකාරී වාතාවරණය පවතින කාලවකවානුවක.  එම කාලයේ 200කට අධික දුරකතන සන්නාම ප්‍රමාණයක් වෙළඳ පොළේ පැවතුණා.  නමුත් එම අධි තරඟකාරීත්වය හමුවේ realme සීඝ්‍ර වර්ධනයක් සමඟින් ඉදිරියටම ගමන් කළා. වර්තමානයේ realme ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකතන සන්නාමය ලෙස නම් දරා තියෙනවා. එය ඉතා සතුටට කරුණක්.  අප සෑම විටම පාරිභෝගිකයාට ඉදිරිපත් කළේ, වෙනස් වන අවශ්‍යතා සඳහා ගැලපෙන,  උසස්ම තාක්ෂණය සහ ඇදහිය නොහැකි විශේෂාංග වලින් සමන්විත නිෂ්පාදන.මෙම සියලුම නිෂ්පාදන වෙළඳපොළේ අවම මිලගණන් යටතේ පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමට අපට හැකි වුණා. 

2018 වසරේ සිට වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත,  ලොව හත්වැනි විශාලතම ස්මාර්ට් දුරකතන සන්නාමය බවට පත්වීමට realme හට හැකිවීමත්, Counterpoint දත්තයන්ට අනුව, ලොව වේගයෙන්ම වර්ධනය වන 5G ස්මාර්ට් දුරකතන සන්නාමය බවට පත්වීමට realme හට හැකි වීමත් ආඩම්බරයට කරුණක්.   2021 වසරේ පළමු කාර්තුව තුළ,  realme හට චීනය, ආසියාව, යුරෝපය, රුසියාව, ඔස්ට්‍රේලියාව,  මැදපෙරදිග,  අප්‍රිකාව ඇතුලු ලොවපුරා රටවල් 61කට සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබුණා.  වර්තමානයේ realme උපාංග මුළු පරිශීලක ප්‍රමාණය මිලියන 70 ඉක්මවනවා.  තවද, ලොවපුරා රටවල් 13ක ප්‍රධාන තරඟකාරී ස්මාර්ට් දුරකථන සන්නාම 05 අතරට පැමිණීමට realme හට අවස්ථාව හිමි වුණා. 

මෙවැනි සීඝ්‍ර වර්ධනයක් realme හට ළඟා කරගැනීමට හැකි වුණේ කුමන උපායමාර්ගයන් හේතුවෙන්ද ?

නූතන ලෝකය මුළුමනින්ම පාහේ තාක්ෂණය හා බැඳී පවතිනවා.  තාක්ෂණික ප්‍රවණතා හා බැඳුනු නිෂ්පාදන සඳහා දැඩි පාරිභෝගික කැමත්තක් පවතිනවා. ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා වූ නිෂ්පාදන දියත් කිරීම අපගේ ප්‍රධාන උපායමාර්ගයයි.  පාරිභෝගිකයා සෑම විටම අපගේ ව්‍යාපාරය තුළ ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නවා, ඔවුන්ගේ සෑම තාක්ෂණික අවශ්‍යතාවයක්ම අපගේ සෑම නිෂ්පාදනයක්ම තුළින් ඉටුකර තියෙනවා යැයි කිව හැකියි.   විශේෂයෙන්ම, අද තරුණ තරුණියන් වඩාත්ම ප්‍රිය කරන ස්මාර්ට් දුරකථන එහි වූ විශේෂාංග හේතුවෙන් වෙළඳ පොළ තුළ ඉහළ මිලකට අලෙවි වනවා.  realme හි අපට සෑම විටම අවශ්‍ය වන්නේ සෑම පාරිභෝගිකයකු වෙතම උසස්ම තාක්ෂණික අත්දැකීමකින් යුත් ස්මාර්ට් දුරකතන අත්දැකීමක් ලබා දීම. එහිදී අප කිසිම විටක ඉහළ මිල යන සාධකය පිළිබඳ සිතන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අඩුම මුදලකට සෑම කෙනෙකුටම මෙම තාක්ෂණය අත්විඳීමේ අවස්ථාව හිමිකර දීම.  මේ පිළිබඳ පසුගියදා පැවැත්වුණු realme 5G සමුළුව තුලදීද අප කතාබහට ලක් කළා.  2024 වන විට මිලියන 100කට අධික 5G ස්මාර්ට් දුරකතන සඳහා පාරිභෝගිකයින්ට ප්‍රවේශය ලබා දීමට අප ක්‍රියා කරනවා වගේම, තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩොලර් 100ක වටිනාකමකින් යුත් 5G ස්මාර්ට් දුරකතනයක් වෙළඳ පොළට හඳුන්වා දීමට අප ක්‍රියා කරනවා. 

“Dare to Leap” තේමාව පිළිබඳ අදහස් මොනවාද ?

අප සෑම විටම උත්සහ කරන්නේ ඉහළම තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයා වෙත සහනදායි මිලකට ලබා දීමට. ඒ හරහා සැමට තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබා දීම අප සහතික කරනවා.   5G වැනි අධි තාක්ෂණය එක්කල මාධ්‍ය පරාසයේ realme දුරකථන,  කෘතීම බුද්ධිය මත පදනම් වූ කැමරා පද්ධතීන්,  TÜV Rheinland  උසස් පද්ධති සහතිකකරණයන්, අපගේ උපාංග වල ඉහළ ගුණත්වය සහතික කරනවා.  මේ හරහා තාක්ෂණික ලොව තුළ විශාල කඩයිමක් ජයග්‍රහණය කිරීමට අපට හැකිවී තිබෙනවා. 

realme වර්තමානයේ අඩු සහ මාධ්‍ය පරාසයේ අදායම් ලබන පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ක්‍රියා කරනවා.  මේ පිළිබඳ අදහස් මොනවාද ? realme අනෙකුත් තරගකාරී ස්මාර්ට් දුරකතන සන්නාමයන්ගෙන් වෙනස් වන්නේ ඔය හේතුව නිසා.  අප සෑම විටම තරුණ පරපුර වඩාත් ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග වලින් යුත් උපාංග,  සහනදායි මිලකට ලබා දීමට ක්‍රියා කළා.  නමුත් අප වෙළඳ පොළ තුළ සිටින අනෙකුත් පාරිභෝගික ඛාන්ඩයන් ද ඉල්ලක කරගනිමින්ද උපාංග ඉදිරිපත් කරමින් සිටිනවා.  මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුයි, මෑතකදී realme GT 5G වෙළඳ පොළට නිකුත් කළ බව.  ඉදිරියේදී realme විසින් හඳුන්වා දෙන තාක්ෂණික උපාංග සියල්ලම පාහේ, තාක්ෂණික ලොව තුළ නව ආරම්භයක් ඇති කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *