Sinhala

SpO2 monitoring තාක්ෂණය සහිත Huawei Watch GT2 Pro සහ HUAWEI Band 6

Huawei උපාංග නිපදවීමේදී සෑමවිටම වෙනස් වන මිනිස් අවශ්‍යතා සදහා මුලිකත්වයක් ලබාදෙන අතර ඒ බව තහවුරු කරනු ලබන තවත් එක් උදාහරණයක් ලෙස Huawei ස්මාර්ට් පළදනාහි පවතින රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනිය හැකි SpO2 monitoring තාක්ෂණය හැදින්විය හැකිය. සෞඛ්‍යමත් බව පිළිබඳව වැඩි අවධානයක් යොමුවන මෙම සමයේදී මෙම උපාංගයක් පැළඳ සිටීම අතිශය වැදගත් සහ ප්‍රයෝජනවත් වේ.  SpO2 monitoring තාක්ෂණය නොහොත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීමේ ප්‍රධාන Huawei Smart පළදනා දෙකක් ලෙස Huawei Watch GT2 Pro සහ HUAWEI Band 6 හැදින්විය හැකිය.

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද  මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත විශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro සිය නව ගොල්ෆ් මාදිලිය මගින් පුද්ගලික ගොල්ෆ් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් golf ක්‍රීඩාවේ යෙදෙන්නන්ගේ  swing posture ,swing speed, frequency වැඩි දියුණු කිරීම සඳහා යෝජනා ලබා ගන්නා අතරම පරිශීලකයන්ට එම ඉරියව්ව විශ්ලේෂණය කරමින් දුර්වල හා සාර්ථක හැකියාවන් පිළිබද නිගමනයන් ලබාදේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Golf Pro බවට පත්වීමට අවශ්‍ය සහය ඔබට ලබාදේ.

AI ඇල්ගොරිතම සමඟ බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruSleep තාක්‍ෂණය සමඟින් Huawei Watch GT2 Pro ස්මාර්ට් ඔරලෝසුවට හොඳ නින්දක් සඳහා යෝජනා සපයන අතරම පොදු නින්දේ ගැටළු විද්‍යාත්මකව සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවස්ථාව සපයයි.  Huawei TruRelax තාක්‍ෂණයේ සහාය ඇතිව එහි ආතතිය අධීක්‍ෂණය කිරීමේ අංගය අධික වැඩ බරක් ඇති පරිශීලකයින්ට ආතතිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන අතර එය ආතති මට්ටම් මුදා හැරීම සඳහා හුස්ම පුහුණුව වැනි යෝජනා සපයයි. Huawei Watch GT2 Pro හි GPS විශේෂාංගය ගමන් මාර්ගය ඉතා නිවැරදිව සටහන් කරන අතර නැවත එම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය විට ඒ සදහා අවශ්‍ය සහය ලබාදේ.

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ. එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් චායාරුප ගැනීමද මෙමගින් පාලනය කල හැක .

Wireless charge කිරීමේ පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී. Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි.

නිවැරදි සෞඛ්‍ය මිනුම් සහ පැළදීමේ සුවපහසුව fitness band සදහා  ඉතා වැදගත් වේ. මෙය මනාව පිළිබිඹු වන සේ සකසා ඇති  HUAWEI Band 6 විවිධ සංවේදක තාක්ෂණයන් සඳහා අතිශයින්ම ඉහළ අවශ්‍යතා සපුරාල අතර බරින් ග්‍රෑම් 18 ක් පමණක් වන අතර එය දවස පුරා පහසුවෙන් පැළදිය හැකි ලෙස සහ නිවැරදි සෞඛ්‍ය මිනුම් සහිතව නිපදවා ඇත . HUAWEI Band 6 තවත් එක් fitness band එකක් පමණක් නොවන අතර  හෘද ස්පන්දන වේගය, නින්දේ ගුණාත්මක බව , ආතතිය සහ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වැනි පූර්ණ පරාසයක සෞඛ්‍ය නිරීක්ෂණ අංගයන් පරිශීලකයින්ට සපයයි. මෙපමණක් නොව HUAWEI Band 6 මඟින් පරිශීලකයින්ට ව්‍යායාම කිරීමට පහසු  වන ලෙස වෘත්තීය මට්ටමේ උපදේශකයකු ලෙස කටයුතු කරමින් ව්‍යායාම ක්‍රම 96 ක් සදහා දත්ත උපයෝගී කරගනිමින් ප්‍රශස්ථ අධ්‍යන වාර්තාවක් ලබාදේ.

අඟල් 1.47 AMOLED FullView Display සහිත HUAWEI Band 6 , 194 * 368 resolution එකකින් සහ 282PPI අගයකින් යුක්ත වේ. වර්ණවත් තිර සංදර්ශකය මඟින් පරිශීලකයින්ට වැඩි තොරතුරු සහ පැහැදිලි බවක් ලබා දෙන අතර ව්‍යායාම සහ සෞඛ්‍ය දත්ත වඩාත් විස්තරාත්මකව දැකගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. ස්මාර්ට් ෆෝන් ස්පර්ශ තිරයක් භාවිතා කරනවා සේම පරිශීලකයින්ට පහසුවෙන් ඉහළට සහ පහළට, වමට සහ දකුණට ස්වයිප් කළ හැකිය screen එකකින් HUAWEI Band 6 සමන්විත වේ.

Graphite Black, Amber Sunrise, Sakura Pink සහ  Forest Green යන වර්ණ සතරකින්  HUAWEI Band 6 ලබාගත හැකි අතර පරිශීලකයාගේ සිතැගි පරිදි කැමති වර්ණයක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට හිමිවේ .

Fiberglass මගින් ශක්තිමත් කරන ලද පොලිමර් ඔරලෝසු මුහුණත, එහි සියුම් ලෝහමය පෙනුමක් ගෙනෙන  metal texture ආලේපනය, මෘදු හා සමට හිතකර silicone රබර් ඔරලෝසු පටිය නිසා මෙය පැළදි සිටීමට ඉතා පහසු ආකර්ශනීය ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර UV light-induced polymerisation තාක්‍ෂණය භාවිතා කරමින් rubber strap එක නිපදවා ඇති නිසා  මෙය භාවිතයට ඉතා හිතකර  ස්මාර්ට් බෑන්ඩ් බව තවදුරටත් තහවුරු වේ .

විශාල display එකක් සහිත HUAWEI Band 6 දිගු බැටරි ආයු කාලයකින් සමන්විත වීම තවත් එක් විශේෂත්වයකි . ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් chipset එකකින්  සහ smart power-saving ඇල්ගොරිතමයකින්  HUAWEI Band 6 අඛණ්ඩව එක් charge කිරීමකින්  දින 14 ක භාවිතාකල බැටරි ආයු කාලයකින් සමන්විත වේ .  HUAWEI Band 6 අඛණ්ඩව හෘද ස්පන්දන වේගය සහ නින්ද නිරීක්ෂණය කරමින් පළදින්නගේ සෞඛ්‍ය දත්ත නිරවද්‍යව ලබාදේ.  මෙයට අමතරව  HUAWEI Band 6 , magnetic charger හරහා  fast charging කිරීමේ හැකියාව හිමිවන අතර  මිනිත්තු පහක ආරෝපණයක් මඟින් HUAWEI Band 6 ස්මාර්ට් බෑන්ඩ් එක දින දෙකක සාමාන්‍ය භාවිතය සඳහා පවත්වා ගත හැකිය. බර ග්‍රෑම් 18 ක් වන HUAWEI Band 6  විශේෂ විශේෂාංග රැසකින් සමන්විත වන අතර එහි විචිත්‍රවත් FullView Display එකක්  සහ සති 2 ක බැටරි ආයුකාලය මෙම ස්මාර්ට් බෑන්ඩ් එකේ විශේෂත්වය තවදුරටත් වැඩිකරයි.

සෞඛ්‍ය අධීක්ෂණ (Health monitoring) විශේෂාංග යනු ස්මාර්ට් බෑන්ඩ් භාවිතා කරන්නන්අතර වඩාත් ජනප්‍රිය අංශයකි. Huawei TruSeenTM 4.0 සහ නව ස්මාර්ට් power-saving ඇල්ගොරිතම මත පදනම්ව ගොඩනගා ඇති  hardware පද්ධතිය නිසා  HUAWEI Band 6 දැන් දවස පුරා (SpO2) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අධීක්ෂණයට සහය දක්වයි. එය පරිශීලකයින්ගේ සෞඛ්‍යයට මනා පිටුවහලක් වන අතර රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත්කරයි. මෙම නිසා ඉක්මන් ක්‍රියාත්මක වී  සෞඛ්‍යය අවධානමෙන් ගැළවීමට පරිශීලකයාට හැකියාව හිමිවේ .

HUAWEI Band 6 හි fitness විශේෂාංගයන් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ගෙන එයි. ගෘහස්ථ හා එළිමහන් ධාවන, පාපැදි, සහ rope skipping වැනි වෘත්තීය ව්‍යායාම ක්‍රම 11 ක් සහ  fitness, ball games සහ නැටුම් වර්ග ඇතුළුව සිතැගි පරිදි වෙනස් කරගත හැකි modes 85 ක්ද , මීට අමතරව ව්‍යායාම කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාවද මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සතුව ඇත.

HUAWEI Band 6 විශාල තිරයකින්ද, අසමසම බැටරි ආයු කලයකින්ද, විශාල පරාසයකින් යුතු ව්‍යායාම් නිරීක්ෂණ ක්‍රමවේදයකින් සමන්විත වේ.  HUAWEI Band 6  හි ඇති  24/7 සෞඛ්‍ය කළමනාකරණය ක්‍රමවේදය සුවිශේෂී වේ .රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය (SPO2 Monitoring ) , හෘද ස්පන්දන වේගය අධීක්ෂණය, මානසික ආතතිය අධීක්ෂණය , නින්ද කළමනාකරණය සහ ඔසප් චක්‍රය අධීක්ෂණය කිරීම යනාදී විශේෂාංගයන් නිසා මෙම HUAWEI Band 6 සුවිශේෂී ස්මාර්ට් බෑන්ඩ් එකක් බවට පත්වේ

Huawei Watch GT2 Pro රු. 57,999 /- මිළකට, හා Huawei Band 6 රු 15,999 /- මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *