Sinhala

ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් සිය දායකත්වය සපයයි.

පවතින Covid-19 වසංගතය හමුවේ පිඩා විදින ජනතාවට සහන සැලසීමේ අරමුණින් හේමාස් කන්සියුමර් විසින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයට පුද්ගලික සත්කාරක භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදී.ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් වැඩිදියුණු කරන ලද සීදූවෙහි පවතින කොවිඩ් -19 රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි පෞද්ගලික සත්කාරක ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් මෙම පරිත්‍යාගවලට ඇතුළත් විය.

සැබවින්ම දේශීය සමාගම් සමූහයක් ලෙස, හේමාස් කන්සියුමර් 2020 දී වසංගතය ආරම්භ වූ දා සිට ප්‍රජා සත්කාරක  මුල පිරීම්වල පෙරමුණ ගෙන සිටියි. මෙම වසංගත තත්වයට මුහුණ දීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් හේමාස් විසින් ක්ලෝගාඩ් දන්තාලේපය, ඩැන්ඩෙක්ස් ෂැම්පූ සහ ෆෙම්ස් සනීපාරක්ෂක තුවා යන අංගයන්ගෙන් සමන්විත පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සහය ඇතිව හේමාස් විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ද පෞද්ගලික සත්කාරක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් හේමාස් විසින්  මඩකලපුව දිස්ත්‍රික්කයට සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීමද සිදු කල අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීම මඟින් හේමාස් යළිත් වරක් මෙම සත්කාරයට දායක වෙන ලදී.

මෙම පරිත්‍යාග මාලාව පිළිබඳව අදහස් දක්වමින් හේමාස්  අලෙවිකරණ අධ්‍යක්ෂිකා ෆියෝනා ජුරියන්ස් මුනසිංහ මහත්මිය  මෙසේ පැවසීය. “හේමාස් යනු ශ්‍රී ලාංකික  ප්‍රජාවගේ  සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන සැබවින්ම දේශීය සමාගමකි. රට අභියෝගයකට මුහුණ දෙන සෑම අවස්ථාවකම සෙසු පුරවැසියන්ට සහයෝගය දැක්වීමට අපි  විසින් කටයුතු කර ඇත්තෙමු.සාමූහික ප්‍රයත්නයක් තුලින්  අපට මෙම අභියෝග ජය ගත හැකි බවත්, ජාතියක් ලෙස සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටීමට මෙය සුදුසුම  කාලය බවත් අපි විශ්වාස කරමු.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *