Sinhala

5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ Huawei පහදයි

 5G + AR පිළිබඳ වූ Huawei Better World සමුළුවේදී, Huawei සමාගමේ Carrier ව්‍යාපාරික අංශයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී විසින් 5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ කරුණු පහදන ලදී.  ඔහු පවසන අන්දමට 5G තාක්ෂණය AR හි වර්ධනය සඳහා ඉවහල් වන අතරම, AR හි වර්ධනය 5G තාක්ෂණය තුළ විශාල වෙනසක් ඇති කරනු ඇත.  එම නිසා 5G + AR මත පදනම් වූ තාක්ෂණික පද්ධතියක් නිර්මාණය කිරීමමෙම ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා වැදගත් වනු ඇත. 

දත්තයන්ට අනුව 2025 වර්ෂය වන විට ඩොලර් බිලියන 300AR වෙළඳ පොළක් නිර්මාණය වනු ඇත.  ඒ අතරඅධ්‍යාපන, සමාජීය සම්බන්ධතාඅලෙවිකරණය හා භාණ්ඩ මිලදී ගැනීම, ගමනාගමන, තාක්ෂණික ක්‍රීඩා යන අංශ තුළ AR වැඩි වශයෙන් භාවිත වනු ඇත. 

Covid වසංගත තත්ත්වය හමුවේ වූ අභියෝගයන් හට සාර්ථකව මුහුණ දෙමින්,  Huawei විසින් AR සිය දෛනික වැඩකටයුතු සඳහා මෙන්ම, සිය අද්විතීය තාක්ෂණික උපකරණ සහ විසදුම් සිය පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරයි.මේ හරහා ඔවුන්ට පාරිභෝගිකයා මෙන්ම අනෙකුත් පාර්ශවයන් සමඟ වඩාත් හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමට හැකියාව හිමිවී ඇත.   

මෙම සමුළුවේදී Cai විසින් Huawei AR තාක්ෂණය නිර්මාණය කරන ආකාරය පිළිබඳවද සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.  මෙහිදී ඔහු විසින් සමාගමේ AR පද්ධති සංවර්ධන වේදිකාව වන අද්විතීය  Huawei AR Engine පිළිබඳව හැඳින්වීමක් සිදු කරමින් පවසා සිටියේ, මෙමඟින් සංවර්ධකයන්ට ඉතා කාර්යක්ෂම ලෙස code lines 10ක් නිර්මාණය කිරීම හරහා AR effects පහසුවෙන්ම ලබාගත හැකි බවයි. 

AR හි අනාගතය පිළිබඳ මෙම සමුළුවට සහභාගී වූ  He Chengjian, ෂෙන්සෙන් සන්නිවේදන කළමනාකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ, David MacQueen, Strategy Analytics හි විධායක අධ්‍යක්ෂ , Huang He, ෂෙන්සෙන් රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිෂ්පාදක, Wei Rongjie, RealMax CEO, Hiroshi Fukuda, meleap CEO, Liang Jinhao, HADO චීන කලාපයේ නියෝජිත, සහ  Fu Jie, ෂෙන්සෙන් AR සංගමයේ විධායක අධ්‍යක්ෂ ඇතුළු ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් AR හි අනාගතය පිළිබඳ අදහස් දක්වන ලදී.

He Chengjian ට අනුව ෂෙන්සෙන් යනු ලොව ප්‍රථම සම්පුර්ණ 5G SA coverage සහිත නගරයයි. AR තුළින් සෞඛ්‍යවානිජ්‍ය, සංචාරක ඇතුළු බොහෝ කර්මාන්ත ක්ෂේත්‍ර  ඉදිරියේදී  සංවර්ධනය කළ හැකිය.  වර්තමානය වන විට  AR යෙදුම් ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක්  බවට පත්වී හමාරය. 

Cai ඔහුගේ කතාව අවසන් කළේ ඔබට ඉක්මනින් ඉදිරියට යාමට අවශ්‍ය නම් තනිවම ගමන් කරන ලෙසත්ඔබට වඩාත් ප්‍රතිඵලදායී බොහෝ දුර ගමනක් යාමට අවශ්‍ය නම් එකට එක්ව වැඩ කරන ලෙසත් මතක් කරමින්ය.  AR හි සංවර්ධනය උදෙසා මුළු තාක්ෂණික ක්ෂේත්‍රයම එකට එකතු වී වැඩකටයුතු කල යුතු බවත්, එය AR මත පදනම් වූ වටිනාකම් දාමයක් නිර්මාණය කිරීමට බෙහෙවින් උපකාරී වන බවත් හෙතෙම පවසා සිටියේය. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *