Sinhala

ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා Huawei විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි

පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්  ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. Huawei වර්තමානය වන විට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන සිදුකර ඇති අතර,  ඉදිරියේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය යන රටවලට මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.  මෙම සමුළුවේදී Huawei විසින් ලොවපුරා විසිර සිටින තාක්ෂණික ආරම්භකයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට Cloud-plus-Cloud Collaboration සහ Joint Innovation ව්‍යාපෘතිය දියත් කිරීම සිදුවිය. 

මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර, අධ්‍යාපන ආයතන, විවිධ කර්මාන්ත හා  ජනමාධ්‍ය ආයතන මෙන්ම ආරම්භක ව්‍යාපාර 50 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින්  300 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම තාක්ෂණික ආරම්භක ව්‍යාපාර ආර්ථිකයට මෙන්ම සමාජයට සිදුකරන දායකත්වය පිළිබඳ සාකච්චා පවත්වන ලදී. තවද, ආසියානු පැසිෆික් Spark ව්‍යාපෘතිය යටතේ තවත් ප්‍රධාන මුලපිරීම් ත්‍රිත්වයක් මෙහිදී  දියත් කරන ලදී. එනම් ආසියා පැසිෆික් කලාපය තුළ HUAWEI CLOUD මඟින් බලගැන්වූ සංවර්ධක වැඩසටහන,  නිෂ්පාදන සංවර්ධනය වේගවත් කිරීම සඳහා වූ Spark Pitstop වැඩසටහන, ව්‍යවසාය නවෝත්පාදනයන් පදිරිමත් කිරීම උදෙසා වූ Spark Innovation Program (SIP) වේ. 

Huawei හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික Catherine Chen සමුළුව ඇමතීම ආරම්භ කළේ සමාජ දියුණුවට ආරම්භක ව්‍යාපාර කෙතරම් වැදගත් ද යන්න සහ ආරම්භක ව්‍යාපාර සඳහා සහය දැක්වීමට  Huawei සමාගම කොතරම් දායකත්වයක් ලබා දෙන්නේද යන්න පිළිබඳ අවධාරණය කරමිනි. මීට වසර 34 කට පෙර, Huawei යනු ඩොලර් 5,000 ක ලියාපදිංචි ප්‍රාග්ධනයක් සහිත තාක්ෂණික ආරම්භකයකි.  ආරම්භකයින්ට ඔවුන්ගේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා අපගේ අත්දැකීම් සහ සම්පත් උපයෝගී කර ගන්නේ කෙසේද? ඒ තුළින් ලෝකයට නවෝත්පාදන සහ නව විසදුම් දිරිගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ ඇය වැඩි දුරටත් අවධාරණය කරන ලදී. 

Huawei’s Cloud Business අංශයේ ප්‍රධාන විධායක නිලධාරී Zhang Ping මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ,  HUAWEI CLOUD  ලොව වේගයෙන්ම සංවර්ධනය වන CLOUD ව්‍යාපාර අංශය වන බවත්,  ආරම්භක ව්‍යාපාර රැසක වර්ධනය උදෙසා ඔවුන් විශාල දායකත්වයක් ලබාදී ඇති බවත්ය.  පසුගිය වසරේ ආසියා පැසිෆික් කලාපයේ දියත් කරන ලද Spark වැඩසහටන හරහා රාජ්‍ය හා රාජ්‍ය නොවන හවුල්කරුවන් සමඟ එක්ව සාර්ථක ලෙස තාක්ෂණික ආරම්භක ව්‍යාපාර රැසක් සංවර්ධය කල බවද හෙතෙම පැවසීය. අද අපි Cloud-plus-Cloud සහයෝගීතාව සහ ඒකාබද්ධ නවෝත්පාදන වැඩසටහන දියත් කළ අතර එමඟින් අපි ඩොලර් මිලියන 40 ක් වටිනා සම්පත් සමඟින් ආරම්භක ව්‍යාපාර සඳහා සහයෝගය ලබා දෙන්නෙමු. එම ආයෝඡනයෙන් සිදු කරන්නේ HUAWEI CLOUD සහ Huawei Mobile Services (HMS) අංශ හරහාය. 

පූර්ණ සම්බන්ධිත ලොවක් නිර්මාණය කිරීම සඳහා HUAWEI CLOUD කැපවී ක්‍රියා කරන අතර, Huawei හි cloud පිරිනැමීම් සංවර්ධකයින්ට මෙන්ම තාක්ෂණික ව්‍යවසායන් සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයයි.  ඉදිරියේදී Huawei විසින් ආසියා පැසිෆික් කලාපයේ විශ්ව විද්‍යාල 210කට අධික ප්‍රමාණයකගේ දායකත්වය ඇතුව  මානව සම්පත් සංවර්ධනය උදෙසා HMS සංවර්ධක නවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කිරීම පිළිබඳවද මෙම සමුළුවේදී නිවේදනය කරන ලදී. 

Huawei ශ්‍රී ලංකාව තුළ වසර 20කට අධික කාලයක් සිය ව්‍යාපාර කටයුතු දියත් කරමින් සිටියි. ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත වඩාත් සම්බන්ධිත වූ ලොවක ජීවත් වීමේ අයිතිය හිමිකර දෙමින් ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා Huawei කැපවී ක්‍රියා කරයි. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *