Sinhala

කොරෝනා වයිරස මර්ධනයට Pfizer – BioNTech එන්නත් බෙදා හැරීම සදහා UPS සහාය

COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව රටක් ලෙස ගෙනයන සටනට සිය සහයෝගය ලබා දෙමින් UPSසමාගම Pfizer-BioNTech එන්නතේ පළමු කාණ්ඩය පසුගිය 05 වනදා ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී භාර ගත්තේය.

එහිදී මෙම ජීවිතාරක්ෂක Pfizer – BioNTech එන්නත් රජයට ලබා දීම සඳහා අධිශීත ගබඩා තුළ ආරක්ෂිතව ගබඩා කල යුතු අතර UPS හි උෂ්ණත්ව පාලන බෙදාහැරීම් බලඇණිය ඊට සුවිශාල ශක්තියක් සපයයි.

UPS හී මැදපෙරදිග හා ඉන්දියානු උප මහද්වීපයේ  කළමණාකාර අධ්‍යක්ෂ රචීඩ් ෆර්ගාටි මෙම මෙහෙයුම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “COVID වසංගතයට එරෙහි ශ්‍රී ලංකාවේ ජාතික මෙහෙයුමට සහය දැක්වීම සඳහා අවස්ථාව හිමිවීම UPS අප හට විශාල ගෞරවයක් ලෙස සැලකිය හැකියි. මෙම උෂ්ණත්ව සංවේදී එන්නත් බාධාවකින් තොරව ලබා දීම සහතික කිරීම සඳහා අපගේ කණ්ඩායම් පැය 24 පුරාම කටයුතු කරමින් සිටිනවා. වසංගතයට එරෙහිව ලෝකය පුරා අඛණ්ඩව සිදුවන සාමුහික ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන මෙම කාර්යභාරය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. ජනතාවට සහ සමාජයට වඩාත් වැදගත් දේ අඛණ්ඩව ලබා දීමට UPS අපි අඛණ්ඩව කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයේ ප්‍රමුඛ බලවේගයක් වීමට හැකිවීම පිළිබඳව UPS අපි නිහතමානිව ආඩම්බරවනවා.”

COVID-19 සටනේ ඉදිරියෙන්ම සිටින UPS මේ වන විට ගෝලීය වශයෙන් COVD-19 එන්නත් මිලියන 400 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති අතර මේ වසර අවසන් වන විට අවම වශයෙන් එන්නත් බිලියනයක්වත් ලබා දීමට සූදානම්ව සිටී.

UPS පිළිබඳව

2020 දී ඩොලර් බිලියන 84.6 ක ආදායමක් හිමිකර ගත් ලොව විශාලතම සැපයුම් සමාගමක් වන UPS (NYSE: UPS) රටවල් 220 කට අධික සංඛ්‍යාවක ගනුදෙනුකරුවන් සඳහා පුළුල් පරාසයක ඒකාබද්ධ සැපයුම් සදහා විසඳුම් සපයයි. පාරිභෝගික ප්‍රමුඛතාවය ලබා දීමේ ශක්ති සම්පන්න උපාය මාර්ගයකින් සවිබල ගැන්වුණු  540,000 කට අධික සේවකයින් පිරිසකගෙන් සමන්විතව සමාගම නවෝත්පාදන සේවා මෙහෙයවනු ලබයි. විවිධත්වය, සමානාත්මතාවය අගයමින් පරිසරය කෙරෙහි ඇතිවන බලපෑම අවම කරමින් ලොව පුරා ප්‍රජාවන්ට සහාය වීමට UPS  කැපවී සිටී. වැඩි විස්තර www.pressroom.ups.com සහ www.investors.ups.com මෙන්ම www.ups.com වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *