Sinhala

ඵලදායී සහයෝගීතාවය තුළින් නව්ය තාක්ෂණික ව්යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර ගනියි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව  “ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක  වැඩසටහන්  වේගවත් කිරීම” යන මාතෘකාව යටතේ පසුගියදා වෙබ් සම්මන්ත්‍රණයක්  පැවැත්වීය. නව්‍ය ව්‍යවසායකයන් 111 දෙනෙකුගේ සහයෝගය ඇතිව Startup Genome සහ ICTA  විසින් සම්පාදනය කරන ලද ඇගයීම් වාර්තාවේ ප්‍රධාන නිගමනයන්  පිළිබඳව වෙබ් සම්මන්ත්‍රණයේදී   මූලික වශයෙන් අවධානය යොමු විය. තවද නව්‍ය තාක්ෂණික ව්‍යවසායකයන්ගේ    වර්ධනය උදෙසා  හිතකර පරිසර පද්ධතියක්  නිර්මාණය කිරීම සඳහා සහයෝගිතා ප්‍රවේශයක අවශ්‍යතාවයද අවධාරණය කළේය.

මෙම ඇගයීම් වාර්තාව ඉදිරිපත්  කරනු ලැබුවේ  රජයේ සහ පෞද්ගලික දෙඅංශහිම   උපදේශකවරයෙකු වශයෙන් පුළුල් පළපුරුද්දක් ඇති Startup Genome හි පරිසර පද්ධති   කොටස් හවුල්කරුවකු වන ස්ටෙෆන් කුවෙස්ටර් විසිනි. නව්‍ය තාක්ෂණික ව්‍යවසායකයින් සඳහා පරිසර පද්ධති තක්සේරුව සහ උපාය මාර්ගික නිර්දේශ සඳහා සහාය වන Startup Genome හි  පර්යේෂණ කළමනාකරු අක්ෂත් අගර්වාල් ද ඔහු සමඟ එක් විය.ස්ටෙෆන් සහ අක්ෂත්,ICTA හි නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන් අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න සමඟ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන් සංවර්ධනය කිරීම, ගෝලීය පරිසර පද්ධති සමඟ සංසන්දනය කිරීම.ඒ  පිලිබඳ අවබෝධයක්  ලබා දීම සහ ප්‍රධාන වශයෙන් අරමුදල් ලබා දීමේ අවස්ථා ද වර්ධනය කරන ලදී.

මෙම වෙබ් සම්මන්ත්‍රණයේ දී ස්ටෙෆන් කුවෙස්ටර්  ඉදිරිපත් කල කරුණුවලට අනුව, ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන්   පිළිබඳව සලකා බැලිය යුතු වැදගත් කරුණු තුනක් තිබේ. එනම් අනිවාර්ය අවශ්‍යතා ලෙස ආරම්භක පිරිස පුළුල් කිරීම, එහි ගුණාත්මකභාවය සහ මුල් අවධියේ අරමුදල් වැඩි කිරීමේ අවශ්‍යතාවය යි.

 තවද ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ව්‍යවසායකත්ව වර්ධනය කිරීමේ ප්‍රයත්නයන්හිදී විශ්වවිද්‍යාලවලට කළ හැකි කාර්යභාරය රැසක්ද  පවතී. එමෙන්ම නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන්    වර්ධනය කිරීමට  නව්‍ය  ව්‍යවසායකයින්, සහ ආයෝජකයින් අතර සම්බන්ධතාවයක් තිබීම ඉතා වැදගත්.

තවද මෙම වෙබ් සම්මන්ත්‍රණය මඟින් ව්‍යාපාර ආකෘති, කර්මාන්ත විශේෂඥතාව, ගෝලීය පාරිභෝගිකයින් වෙත ප්‍රවේශය සහ ප්‍රමාණවත් තාක්‍ෂණ කුසලතා අතර ඇති පරතරය මෙන්ම  අරමුදල් වාර්තාව කෙරෙහිද  අවධානය යොමු කළේය.

ස්ටෙෆන් කුවෙස්ටර්  තවදුරත් මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ” නව්‍ය තාක්ෂණික පරිසර පද්ධතියේ  වර්තමාන ස්වභාවය   තේරුම් ගැනීමට මේ  ඇගයීම් වාර්තාව උදව් වෙනවා. නව්‍ය තාක්ෂණික පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා එකමුතුව  වැඩ කිරීමට අපට හැකි වන පරිදි මෙම ඇගයීම් වාර්තාව සම්පාදනය කිරීමට  සහයෝගය ලබා දුන් සියලුම නව්‍ය ව්‍යවසායකයන්ට  මම ස්තූතිවන්ත වෙනවා.”එමෙන්ම  “වෙළඳපල ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික  පරිසර පද්ධතිය සාපේක්ෂව කුඩා වුවද, නව්‍ය ව්‍යවසායක  මිත්‍ර ප්‍රතිපත්ති ඇති කර ගැනීමට, ගෝලීය පරිසර පද්ධති සමඟ හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීම, ගෝලීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම යනාදී සහයෝගිතා ප්‍රවේශයක්  වර්ධනය  කිරීමේ හැකියාවක් තිබෙනවා.”

වෙබ් සම්මන්ත්‍රණය  අවසානයේ, 2025 වන තෙක් නව්‍ය තාක්ෂණික  පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ මාලාවක් ද ස්ටෙෆාන් ඉදිරිපත් කළේය.

නව්‍ය තාක්ෂණික  පරිසර පද්ධතිය දියුණු කිරීම සඳහා වෙබ් සම්මන්ත්‍රණ , ඇගයීම් වාර්තාව සහ ICTA දරන සමස්ත උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් ICTA හි ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු. මහින්ද බී හේරත් මහතා මෙසේ පැවසිය “Startup Genome”ආයතනය අප සමඟ හවුල් වී රටේ නව්‍ය තාක්ෂණික  පරිසර පද්ධතිය දියුණු කිරීමට ඔවුන් දරන උත්සාහය අපි බෙහෙවින් අගය කරන්නෙමු. නව්‍ය තාක්ෂණික ව්‍යවසායක පරිසර පද්ධති ඇගයීම් වාර්තාව සම්පාදනය කිරීමට සහයෝගය දුන් සියලුම දෙනාට සහ මෙම මුලපිරීම පිටුපස සිටින ස්ටෙෆන් කුවෙස්ටර්, අක්ෂත් අගර්වාල්ට ස්තූතිවන්ත වෙමි. නව්‍ය තාක්ෂණික ව්‍යවසායක පරිසර පද්ධතියක් ලෙස අප සිටින්නේ කොතැනද යන්න පිළිබඳ  දළ විශ්ලේෂණ, නිර්දේශයන් සහිත මෙම වාර්තාව,  ඉදිරි ගමන සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. නව්‍ය තාක්ෂණික ව්‍යවසායක  පද්ධතිය වර්ධනය කිරීම සඳහා සියලුම නව්‍ය ව්‍යවසායකයින් ,පාර්ශවකරුවන් සහ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි කැමතියි. ”

“Startup Genome” සමඟ ICTA හි හවුල්කාරිත්වය 2017 දක්වා දිව යයි. එහිදී ICTA ප්‍රථම ගෝලීය නව්‍ය ව්‍යවසායක  පරිසර පද්ධති වාර්තාව එළිදැක්වීමට සහ නැවත 2020 දී ද එම වාර්තාවේ දෙවන සංස්කරණය දියත් කිරීම සඳහා “Startup Genome” සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. 2024 වර්ෂය වන විට නව්‍ය තාක්ෂණික ව්‍යවසායක පරිසර පද්ධති 1000 ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ICTA හි ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගය සමඟ මෙම සියලු මුලපිරීම් අනුගත වේ.

ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක පරිසර පද්ධතියක් ගොඩනැගීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන  නව්‍ය ව්‍යවසායකයන්ට සහ  උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ට ICTA  ආරාධනා කරයි. වැඩි විස්තර සඳහා කරුණාකර [email protected] වෙත පිවිසෙන්න.

ICTA පිළිබඳව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ “නව්‍ය තාක්ෂණික ව්‍යාපාර  පද්ධති සංවර්ධන” (Startup Ecosystem Development) උපායමාර්ගික ව්‍යාපාර ඒකකය තුළ Spiralation සහ අනෙකුත් නව්‍ය තාක්ෂණික ව්‍යාපාර  ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින්  නව්‍ය තාක්ෂණික ව්‍යවසායකයින්  සඳහා සහාය ලබා දීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA )පුරෝගාමී වේ.එය ආරම්භ කර ඇත්තේ රට තුළ නව තාක්‍ෂණික ව්‍යවසායක වැඩසටහන් ආරම්භ කිරීම, නව්‍ය තාක්ෂණික ව්‍යාපාරයන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මුල් අවධියේ අරමුදල් සැපයීම සහ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම  ලබා දීමේ අරමුණින් ය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *