Sinhala

vivo සිය ගෝලීය නිෂ්පාදන ජාලය තවත් නිෂ්පාදන යටිතල පහසුකම් දෙකකින් සවිබල ගන්වයි

vivo සමාගම පකිස්ථානයේ සහ තුර්කියේ නවතම නිෂ්පාදන යටිතල පහසුකම් දෙකක් ස්ථාපිත කල බව නිවේදනය කරයි. ජාත්‍යන්තර වෙළඳපොලෙහි vivo  හි ස්ථාවර භාවය තහවුරු කරමින් දේශීය වශයෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් “More Local, More Global” උපාය මාර්ගයට අනුකූලව සමාගම ලොව පුරා සිය පා සටහන් ශක්තිමත් කරමින් සිටී. ඒ් අනුව නව බුද්ධිමත් නිෂ්පාදන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම මඟින් vivo හි සත් වැදෑරුම් පහසුකම් ඔවුන් ලබා දෙමින් ඇත. .

එකලස් කිරීමේ මාර්ග අටකින් සමන්විත පාකිස්ථානයේ වර්ග මීටර් 16,000 ක නිෂ්පාදනාගාරය මගින් වාර්ෂික ස්මාර්ට් ජංගම දුරකථන මිලියන 6 ක නිෂ්පාදන ධාරිතාවක් ලබා දෙයි. එමෙන් තුර්කියේ වර්ග මීටර 12,000 ක නිෂ්පාදනාගාරය මගින් වසරකට ඒකක මිලියන 5 ක් නිෂ්පාදනය කළ හැකිය. නව යටිතල පහසුකම් හී නිෂ්පාදන ධාරිතාවයන් දේශීය වෙළෙඳපොළේ පාරිභෝගික පදනම ආවරණය කිරීමට සමත් වේ. දේශීය වශයෙන් රැකියා 1500 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන පාකිස්තානයේ නව නිෂ්පාදන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා vivo ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කළ අතර දේශීය රැකියා 2000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන තුර්කියේ පහසුකම් වෙනුවෙන්  ඩොලර් මිලියන 20 ක් ආයෝජනය සිදු කර ඇත. මෙම පහසුකම් දෙකම එම රටවල දේශීය ආර්ථිකයන් දියුණු කිරීමේදී සහ දේශීය රැකියා සවිබල ගැන්වීමේදී සැලකිය යුතු දායකත්වයක් ලබා ලබා දෙනු ඇත.

පකිස්ථානයේ (ෆයිසලාබාද්) සහ තුර්කියේ (කොකේලි) අලුතින් විවෘත කරන ලද නව යටිතල පහසුකම් වලට අමතරව, vivo  නිෂ්පාදන ජාලයට චීනයේ Dongguan,Chongqing නිෂ්පාදන කඳවුරු ද ඇතුළත් වේ. ඉන්දියාව (Greater Noida), බංග්ලාදේශය (Dhaka) සහ ඉන්දුනීසියාව (Tangerang), නිෂ්පාදන ජාලය තුළින් වසරකට ස්මාර් ජංගම දුරකථන මිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. vivo හි නිෂ්පාදනයේ ප්‍රගතිශීලී දියුණුව නිසා සමාගමට ගෝලීය වශයෙන්  අඛණ්ඩව වර්ධනය වීමට ඉඩ සැලසෙන අතර මිලියන 400 කට අධික පරිශීලකයින්ට උසස් හා ගුණාත්මක ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව හිමිකර දෙයි.

vivo හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන අලෙවි නිලධාරී ස්පාක් නි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. ” නවෝත්පාදන තාක්‍ෂණය කෙරෙහි ජාත්‍යන්තර පාරිභෝගිකයින්ගේ වර්ධනය වෙමින් පවතින ඉල්ලීම් සහ ඉහළ අවශ්‍යතාවන් අනුව vivo සිය ගෝලීයකරණ පියවරයන් මෙහෙයවනු ලබනවා. අපගේ පරිශීලකයින්ගේ දැක්ම සහ වටිනාකම මෙන්ම ‘More Local, More Global’ උපාය අනුගමනය කරමින්, vivo ගෝලීය වෙළෙඳපොළ ගවේෂණය කරමින් සිටීනවා. අපගේ ගෝලීය නිෂ්පාදන ජාලය සහ දිගු කාලීන ආයෝඡනය පුළුල් කිරීමෙන් විවිධ පාරිභෝගිකයින් සඳහා විශිෂ්ඨ නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව නිර්මාණය කරමින් විවිධ වෙළඳ පොලවල් වැළඳගෙන දේශීය ජනතාව වැඩි වැඩියෙන් සවිබල ගැන්වීම සඳහා vivo කැපවී සිටිනවා.”

2014 සිට vivo සිය “More Local, More Global”  උපාය මාර්ගයට අනුගත වෙමින් සිය ගෝලීය පර්යේෂණ හා සංවර්ධන මෙන්ම නිෂ්පාදන ජාලය ද පහසුවෙන් ස්ථාපිත කළේය. vivo සිය නිෂ්පාදන විශේෂඥතාව ඉහළ නංවා ගන්නා අතරම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් ආයෝඡනය කරමින් සිටී. එමගින්  vivo පෙර සහ පසු යන සේවා දෙකම ඒකාබද්ධ කරමින් පරිශීලකයින්ට හොඳම ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම ලබා දෙයි. පකිස්ථානයේ සහ තුර්කියේ හී නව නිෂ්පාදන කඳවුරු සංවර්ධනය කිරීම තුළින් ගෝලීය නිෂ්පාදන හැකියාවන් පුළුල් කර ජාත්‍යන්තර සංවර්ධනය වේගවත් කිරීම සඳහා වූ vivo හී අධිෂ්ඨානය සහ කැපවීම මනාව පිළිබිඹු වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *