Sinhala

අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Nova 7 SE, Huawei Band 4e Active සහ Huawei Band 6

ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ නිමවුම් කරු වන Huawei විසින් , මෙම ඩිජිටල් යුගයේ වැඩි වන අවශ්‍යතා සපුරාලන පුළුල් පරාසයක තාක්‍ෂණ මෙවලම්  කරමින් පවතී . ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, පැළඳිය හැකි සහ ශ්‍රව්‍ය උපකරණ වැනි නවීන තාක්‍ෂණික ස්මාර්ට් උපාංග මගින්  Huawei ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසක් ඇති කරන අතර මෑතකදී එළිදැක්වූ එහි ස්මාර්ට් උපාංගයන් වන Huawei Band 6 සහ Band 4e Active ජනාදරය දිනාගැනීමට සමත්විය. තවද Huawei Nova 7SE විශේෂ 5G තාක්ෂණයෙන් යුතු Midrange ස්මාර්ට් දුරකථනය වන අතර මෙය අධික ඉල්ලුමක් පවතින ස්මාර්ට් ෆෝන් අතර ඉදිරියෙන්ම සිටී .

Huawei Nova 7 SE  5G ස්මාර්ට් දුරකථනය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ  Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනේදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් සුභදායක ආරංචියක් වනු ඇත.   Huawei විසින්  powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද විශේෂාංග සමඟින් mobile photography වලදී පැන නගින විවිධ ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට Huawei Nova 7 SE හරහා කටයුතු කර ඇත.  Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP (High resolution Lens, f/1.8 aperture) Quad Camera,  Main Camera, 8 MP (Ultra Wide Angle Lens, f/2.4 aperture), 2 MP (bokeh lens, f/2.4 aperture) සහ  2 MP (Macro lens, f/2.4 aperture), දවසේ ඕනෑම වෙලාවක ඉතා පැහැදිළි තත්වයේ අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ.

Autofocus සහ Huawei AI image stabilization සඳහා Huawei NOVA 7SEහි rear camera සහය දක්වන අතර 960 fps slow motion 4K වීඩියෝ පටිගත කිරීමට ඒවා උපකාරී වේ. 16 MP (f/2.0 aperture) shooter සමගින් එන Nova 7 SE හරහා ඉහළ ගුණත්වයෙන් යුත් ස්වභාවික සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම පහසු කරයි.තවද රාත්‍රී කාලයේ වුවද ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ඡායාරූප ලබා ගැනීම පහසු කරන BM3D denoising algorithm විශේෂාංගය මෙහිදී සුවිශේෂී වේ.  මේ හේතුවෙන්  මොබයිල් ෆොටෝග්‍රෆි සඳහා ප්‍රිය කරන, වීඩියෝග්‍රෆි සිදු කරන සියලුම දෙනා සඳහා Huawei NOVA 7SE කදිම  ස්මාර්ට් දුරකථනයක් වනවා නොඅනුමානයි. 

Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. EMUI 10.1 (Android 10) මත පදනම් වූ Huawei Nova 7 SE, Kirin 820 7nm 5G chipset මඟින් බලගන්වා ඇති අතර මේ තුළින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ස්මාර්ට් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.  Huawei Nova 7 SE හි 40W Huawei SuperCharge පහසුකම දැන් අවම වෙලාවක් තුලදී දුරකථනය charge කරගැනීමේ හැකියාව ලබා දෙන අතර එහි 4000 mAh දිගු කාලීන බැටරි ධාරිතාවය දිනකටත් වඩා වැඩි කාලයක් දුරකතනයේ කාර්යන් සිදු කිරීම පහසු කිරීමද විශේෂත්වයකි.  

බර ග්‍රෑම් 6 ක් (පටි නොමැතිව) පමණ වන අතිශය සැහැල්ලු ස්මාර්ට් බෑන්ඩ් එකක් ලෙස Huawei Band 4e (Active) සැලකිය හැකි අතර අඟල් 0.5 ක PMOLED තිරයක් සමඟ එන මෙය slide සහ  touch කිරීම මගින් මෙහෙය වීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .  Huawei Band 4e (Active) රතු(Mineral red) සහ මිනිරන් කළු(Graphite black) යනාදී වර්ණ දෙකකින් යුක්ත අතර  එහි උස: මි.මී. 40.5, පළල: මි.මී. 14.8, ගැඹුර: මි.මී.11.2 පමණ වේ .

Huawei Band 4e (Active) හි වඩාත් ආකර්ශනීය අංග අතර, එහි නව්‍ය ද්විත්ව පැළදීමේ මාදිලීන්, වෘත්තීය ධාවන මග පෙන්වීම, පාපැදි ධාවනය  අධීක්ෂණය(Cycling cadence monitoring), Basketball performance tracking, 5ATM water resistance  සහ සති 2 ක බැටරි ආයු කාලය ප්‍රධාන විශේෂාංගයන් කැපී පෙනේ.

ක්‍රියාකාරකම් අධීක්ෂණය සහ ව්‍යායාම් කටයුතු කිරීමේදී Huawei Band 4e (Active) මැණික් කටුවෙහි පැළඳිය හැකි අතර පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවීමේදී ධාවන කාර්යසාධන අවස්ථවන්හිදී සහ දිවීමේ කටයුතු කිරීමේදී  පහසුවෙන් සපත්තුවට ඇමිණිය හැකිය. පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවීමේදී එම ක්‍රීඩාවේ විශිෂ්ටයකු  වීමට අවශ්‍ය දක්ෂතාවයන් මැනීමේ සහ චලන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවක් Huawei Band 4e (Active) සතුව ඇත. අතීත දත්ත වාර්තා මත පදනම්ව වඩා දියුණු ධාවන මාර්ගෝපදේශයක් Huawei Band 4e (Active) ලබාදේ . මෙහි දත්ත ගබඩා කර විශ්ලේෂණය කරගැනීමේ හැකියාව මෙයට මනා පිටුවහලක් වේ.

පාපැදි පැදීමට උනන්දුවක් දක්වන අය සඳහා, Huawei Band 4e (Active) හි අද්විතීය පාපැදි කේඩන්ස් (cycle cadence monitoring)අධීක්ෂණ ක්‍රමවේදය  උපකාර වන අතර වෘත්තීය ධාවකයෙකු වීමට සිහින දකින බොහෝ දෙනෙකුට මෙම ස්මාර්ට් උපාංගය විශේෂ සහයෝගයක් දක්වන බව නොඅනුමානය. Huawei Band 4e (Active) හි පැසිපන්දු මාදිලිය මගින් සිරස් පැනීමේ දත්ත, උස සහ hang time එක , වේගය, දුර ඇතුළු චලන සංඛ්‍යාලේඛන සවිස්රාත්මකව පරිශීලකයට ලබාදේ. මෙලෙස බොහෝ ක්‍රීඩා සදහාද , ක්‍රියාකාරිත්වයන් අධීක්ෂණය සදහාද මෙම Huawei Band 4e (Active) මහගු රුකුලක් ලබා දේ.

මෙම ප්‍රයෝජනවත් tracking විශේෂාංගයන් අමතරව, Huawei Band 4e (Active) යනු පරිපූර්ණ ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර එය නින්ද අධීක්ෂණය, පියවර, දුර, කැලරි අධීක්ෂණය වැනි ස්මාර්ට් අංග සහිතව නිරෝගීව හා ක්‍රියාශීලීව සිටීමට පරිශීලකයාට හැකියාව ලබා දෙයි. පැමිණෙන ඇමතුම් / පණිවිඩ දැනුම්දීම්, ක්‍රියාකාරකම් මතක් කිරීම්,එලාම් සහ තවත් බොහෝ විශේෂාංග වලින් යුක්ත වේ.

5ATM water resistance හැකියාව නිසා , පරිශීලකයාට දහඩිය දමමින් ව්‍යායාම කිරීමේදීත් , පිහිනීම අතරතුරත් , ඕනෑම වැසි සහිත අවස්ථාවකත්  Huawei Band 4e (Active) පැළද සිටීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .  මෙම විශේෂාංගය නිසා වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ වුවද ක්‍රීඩා කිරීමට සහ ව්‍යායාම වලට සහභාගී වීමට පරිශීලකයාට හැකියාව ලැබේ. බැටරි ධාරිතාව යනු ඕනෑම ස්මාර්ට් බෑන්ඩ් එකක වැදගත් අංගයකි . Huawei Band 4e (Active) සාමාන්‍ය භාවතා කිරීම් යටතේ සතිදෙකක බැටරි ආයු කාලයක් ලබාදේ.

Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි.

නිවැරදි සෞඛ්‍ය මිනුම් සහ පැළදීමේ සුවපහසුව fitness band සදහා  ඉතා වැදගත් වේ. මෙය මනාව පිළිබිඹු වන සේ සකසා ඇති  HUAWEI Band 6 විවිධ සංවේදක තාක්ෂණයන් සඳහා අතිශයින්ම ඉහළ අවශ්‍යතා සපුරාල අතර බරින් ග්‍රෑම් 18 ක් පමණක් වන අතර එය දවස පුරා පහසුවෙන් පැළදිය හැකි ලෙස සහ නිවැරදි සෞඛ්‍ය මිනුම් සහිතව නිපදවා ඇත . HUAWEI Band 6 යනු දවස පුරා SpO2 අධීක්ෂණයට  (All-Day SpO2 monitoring) සහය දක්වන පළමු Huawei  fitness band එක වේ .HUAWEI Band 6 තවත් එක් fitness band එකක් පමණක් නොවන අතර  හෘද ස්පන්දන වේගය, නින්දේ ගුණාත්මක බව , ආතතිය සහ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වැනි පූර්ණ පරාසයක සෞඛ්‍ය නිරීක්ෂණ අංගයන් පරිශීලකයින්ට සපයයි.

මෙපමණක් නොව HUAWEI Band 6 මඟින් පරිශීලකයින්ට  ව්‍යායාම කිරීමට පහසු  වන ලෙස වෘත්තීය මට්ටමේ උපදේශකයකු ලෙස කටයුතු කරමින් ව්‍යායාම ක්‍රම 96 ක් සදහා දත්ත උපයෝගී කරගනිමින් ප්‍රශස්ථ අධ්‍යන වාර්තාවක් ලබාදේ.Graphite Black, Amber Sunrise, Sakura Pink සහ  Forest Green යන වර්ණ සතරකින්  HUAWEI Band 6 ලබාගත හැකි අතර පරිශීලකයාගේ සිතැගි පරිදි කැමති වර්ණයක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට හිමිවේ .

විශාල display එකක් සහිත HUAWEI Band 6 දිගු බැටරි ආයු කාලයකින් සමන්විත වීම තවත් එක් විශේෂත්වයකි . ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් chipset එකකින්  සහ smart power-saving ඇල්ගොරිතමයකින්  HUAWEI Band 6 අඛණ්ඩව එක් charge කිරීමකින්  දින 14 ක භාවිතාකල බැටරි ආයු කාලයකින් සමන්විත වේ .  HUAWEI Band 6 අඛණ්ඩව හෘද ස්පන්දන වේගය සහ නින්ද නිරීක්ෂණය කරමින් පළදින්නගේ සෞඛ්‍ය දත්ත නිරවද්‍යව ලබාදේ.  HUAWEI Band 6 දැන් දවස පුරා (SpO2) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අධීක්ෂණයට සහය දක්වයි. එය පරිශීලකයින්ගේ සෞඛ්‍යයට මනා පිටුවහලක් වන අතර රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත්කරයි. මෙම නිසා ඉක්මන් ක්‍රියාත්මක වී  සෞඛ්‍යය අවධානමෙන් ගැළවීමට පරිශීලකයාට හැකියාව හිමිවේ .

HUAWEI Band 6 හි fitness විශේෂාංගයන් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ගෙන එයි. ගෘහස්ථ හා එළිමහන් ධාවන, පාපැදි, සහ rope skipping වැනි වෘත්තීය ව්‍යායාම ක්‍රම 11 ක් සහ  fitness, ball games සහ නැටුම් වර්ග ඇතුළුව සිතැගි පරිදි වෙනස් කරගත හැකි modes 85 ක්ද , මීට අමතරව ව්‍යායාම කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාවද මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සතුව ඇත.

HUAWEI Band 6 විශාල තිරයකින්ද, අසමසම බැටරි ආයුකලයකින්ද, විශාල පරාසයකින් යුතු ව්‍යායාම් නිරීක්ෂණ ක්‍රමවේදයකින් සමන්විත වේ.  HUAWEI Band 6  හි ඇති  24/7 සෞඛ්‍ය කළමනාකරණය ක්‍රමවේදය සුවිශේෂී වේ .රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය (SPO2 Monitoring ) , හෘද ස්පන්දන වේගය අධීක්ෂණය, මානසික ආතතිය අධීක්ෂණය , නින්ද කළමනාකරණය සහ ඔසප් චක්‍රය අධීක්ෂණය කිරීම යනාදී විශේෂාංගයන් නිසා මෙම HUAWEI Band 6 සුවිශේෂී ස්මාර්ට් බෑන්ඩ් එකක් බවට පත්වේ.

Huawei Nova 7 SE  රු. 68,999 /- මිළකට Huawei Band 4e (Active)  රු. 5,499/- මිළකට හා HUAWEI Band 6 රු. 15,999/- මිළකට, සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *