Sinhala

පහසුවෙන්ම ඔබගේ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන විකිණීම සඳහා DIMO CERTIFIED හා සම්බන්ධ වන්න

දශක අටක විශ්වාසය රැගත් ශ්රී ලංකාවේ ප්රමුඛතම සමාගමක් වන ඩීමෝ හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් සියලුම සුඛෝපභෝගී යුරෝපීය රථවාහන හිමියන්ට, ඔවුන්ගේ රථවාහන ඉතාමත් පහසුවෙන් හා කඩිනමින් අලෙවි කර ගැනීමේ හැකියාව ලබා දී ඇත.

මෙම සේවාව ඔස්සේ ඔබගේ භාවිත කළ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන සඳහා ඩීමෝ ආයතනයේ විශ්වාසනීය තක්සේරුකරුවන් විසින් සිදු කරන තක්සේරුවකට පසු, සඳහා හොඳම මිලක් ලබා දීමට DIMO CERTIFIED ක්රියා කරයි. තවද මේ හා සම්බන්ධ සියලුම මූල් ගනුදෙනු වලදී 100% විශ්වාසනීය බව සුරකිමින්, අලෙවිකරුට ඉතා සැහැල්ලුවෙන් සිය ගනුදෙනු අවසන් කිරීමට අවශ් සහයද ඩීමෝ විසින් සපයයිවසර ගණනාවක් පුරාවට, Mercedes-Benz, Jeep සහ Chrysler රථවාහන හිමිකරුවන්ට එම වාහන  නැවත විකිණීමේදී, DIMO විසින්    විශිෂ්ට සේවාවක් ලබා දී ඇති අතර එම දිගුකාලීන විශ්වාසයද සමඟින් ඔබගේ අනිකුත් සුඛෝපභෝගී  යුරෝපීය රථවාහන වලටද මෙම සේවාව ලබා දීමට ඩීමෝ කැපවී සිටියි

DIMO CERTIFIED හරහා 2010 වර්ෂයෙන් පසු ලියාපදිංචි කළ Mercedes-Benz, Chrysler, Jeep SUVs ඇතුළු අනෙකුත් භාවිත කළ සුඛෝපභෝගී යුරෝපීය රථ වාහන මාදිලි විකිණීම සහ මිලදී ගැනීම සම්බන්ධ සේවාවන්  සපයයි. ඩීමෝ හි විශ්වාසය සමඟින්, උසස්ම තත්ත්වයේ රථ වාහන  මිලදී ගැනීමක් හෝ විකිණීමක්  සඳහා පාරිභෝගිකයා යා යුතුම තැන ඩීමෝ වන්නේ, උසස්ම සේවාවක් පාරිභෝගිකයාට ලබාදෙන බවට වූ ඉහළ සහතිකය හේතුවෙන්ය

තමන් සතු ලියාපදිංචි කළ රථ වාහන විකිණීමේදී, අලෙවිකරුවාට සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදුවේ. විශේෂයන්ම අදාළ රථ වාහන විකිණීම සඳහා විවිධ මාධ්යන් තුළ දැන්වීම් පල කිරීමෙන් පසු, විකුණුම්කරුවාට සඳහා වූ මිල ගණන් විමසීම් වලට අදාළ දුරකථන ඇමතුම් ගණනාවකට පිළිතුරු සැපයීමට සිදුවේ. මෙහිදී විශාල කාලයක් මෙන්ම මුදලක් අලෙවිකරුවාට වැය වන අතරම, යම් කාලයක් ගතවන තුරු ගැනුම්කරුවන් සොයාගත නොහැකි වන අවස්ථාද ඇත. මෙහිදී කඩිනමින්ම සහ පවතින කොවිඩ්19 වසංගත තත්ත්වය හමුවේ, ඉතා ආරක්ෂාකාරී අන්දමින් සිය රථවාහන විකුණා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයකු සම්බන්ධ කරගත යුතුම ස්ථානය වන්නේ DIMO CERTIFIED .

Mercedes-Benz, Chrysler සහ Jeep ඇතුළු ලොව ප්රකට සුඛෝපභෝගී සන්නාමයන්හි රථවාහන හා සම්බන්ධ ඉහළ පළපුරුද්දක් ඇති DIMO CERTIFIED සේවා  කණ්ඩායම විසින් ඔබේ රථ වාහන සඳහා වඩාත් නිවැරදි හා විශ්වාසදායක මිලක් නියම කරනු ඇතඩීමෝ විසින් ආනයනය කර නඩත්තු කරන ලද Mercedes-Benz, Chrysler සහ Jeep රථ වාහන   සඳහා ඩීමෝ 800 හි දී පුළුල් වාහන පරීක්ෂණයක් සිදු කෙරෙන අතර අනෙකුත් සුඛෝපභෝගී යුරෝපීය රථ වාහන පරික්ෂාව   සිදු කරනු ලබන්නේ යුරෝපීය රථවාහන සන්නාම සඳහාම වෙන්වූ ඩීමෝ AutoLab හිදීයමෙලෙස සිදුකරනු ලබන්නේ මනා පරීක්ෂාවක් යටතේ නැවත විකිණීම සඳහා නිරවධ් සැතපුම් ගණනක් සහිතව හොඳින් නඩත්තු කරන ලද සුඛෝපභෝගී යුරෝපීය වාහන පමණක් DIMO CERTIFIED විසින් මිලදී ගන්නා බව තහවුරු කිරීම සඳහායඩීමෝ වෙතින්ම වෙනත් වාහනයක් මිලදී නොගෙන ඩීමෝ වෙත වාහනය විකිණීමේ වාසියද පාරිභෝගිකයින් හට DIMO CERTIFIED හරහා හිමිවීම සුවිශේෂී වේතවද, කිසිඳු තෙවන පාර්ශවයක් මෙම ක්රියාවලිය හා සම්බන්ධ නොවන හෙයින්, වාහනයට හොඳම වටිනාකමක් ලබා දීමට ඩීමෝ ක්රියා කරයි.

වාහන හිමියන් තම සුඛෝපභෝගී රථ වාහන නැවත විකිණීමේදී මුහුණ දෙන එක් ප්රධාන ගැටළුවක් නම් මුල් ආයතන සඳහා ගෙවීමට ඇති වාරික මුදල් ප්රමාණයන්ය. ගනුදෙනුකරුවන්ගේ මෙම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කරමින්, ඩීමෝ විසින් පාරිභෝගිකයා හට ගෙවීමට ඇති එම මුදල් ප්රමාණයන් පුර්ණ වශයෙන් ගෙවා දැමීම සිදු කරමින්, පාරිභෝගිකයා එම වගකීම් වලින් නිදහස් කරනු ඇතතවද, වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ පහසුව සහ ආරක්ෂාව සහතික කිරීම සහ විවිධ විකුණුම් හා සම්බන්ධ අවධානම් වලින් සෑම පාර්ශවයක්ම ආරක්ෂා කිරීම සඳහා, විකිණීම හා සම්බන්ධ ගනුදෙනු අවසන් වූ වහාම වාහනයේ අයිතිය නව හිමිකරුට පැවරීමද ඩීමෝ විසින් සිදුකරනු ඇත

අදහස් දක්වමින් ඩීමෝ හි සාමාන්යධිකාරී (DIMO CERTIFIED) තරංග ගුණවර්ධන මහතා මෙලෙස පවසයි.  “වසර 80 පාරිභෝගික විශ්වාසය සමඟින් ඉදිරියටම ඇදෙන ශ්රී ලංකාවේ රථවාහන ක්ෂේත්රයේ දැවැන්තයකු වන ඩීමෝ, සෑම විටම පාරිභෝගිකයා කේන්ද් කරගනිමින් විශිෂ්ට විසඳුම් ඉදිරිපත් කරනවා. පාරිභෝගිකයා වෙතට නිර්මාණශීලි  විසඳුම් ඉදිරිපත් කරන මෙම ගමන් මඟෙහි තවත් එක් සංධිස්ථානයක් පසු කරමින්, 2020 වර්ෂයේදී අපගේ pre-owned රථ වාහන අංශය ‘DIMO CERTIFIED’ ලෙස සංවර්ධනය කළේ පාරිභෝගික අවශ්යතා සඳහා ගැලපෙන සේවා රැසක් අන්තර්ගත කරමින්. අද අපගේ පාරිභෝගිකයා වෙතට උසස්ම සේවාවක් ලබාදීම සඳහා වූ විවිධ සේවා අංශ වලින් DIMO CERTIFIED සන්නද්ධ වී සිටිනවා.”

CarsatDIMO (www.carsatdimo.lk) වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයින්ට ඉතාමත් පහසුවෙන් රථවාහන විකිණීමට වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා. අපගේ දක්ෂ සේවක මණ්ඩලය පාරිභෝගිකයින් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සේවා ලබාදීමට කැපවී ක්රියා කරන අතර, ඔබට මේ පිළිබඳ ඕනෑම විමසීමක්   077 244 97 97 අමතා සිදුකල හැකිය 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *