Sinhala

ක්රියාදාම තාක්ෂණික ක්රීඩා අත්දැකීමක් සඳහා realme වෙතින් GT Master Edition Series ලොව පුරා දියත් කරයි.

      සිය ප්‍රථම ලැප්ටොප් පරිගණකය වන 2K Display සහිත realme Book ද හඳුන්වා දෙයි.

වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme  විසින් එහි GT ශ්‍රේණියට අයත් නවතම ආකර්ෂණීය ස්මාර්ට්ෆෝන් දෙවර්ගයක්  වන  realme GT Master Edition සහ  realme GT Explorer Master Edition නිකුත් කරන බව අද දින චීනයේදී නිවේදනය කරන ලදී.

තවද ඔවුන් ලැප්ටොප් කාණ්ඩයට ද ප්‍රවේශවන බව, ප්‍රථම වතාවට realme Book නමින් සිහින්, 2K-display සහිත නවතම ආකාරයකට නිර්මාණය කෙරුණු ලැප්ටොප් පරිගණකයක් හදුන්වා දෙමින් නිවේදනය කළේය. realme විසින් ගන්නා ලද මෙම පියවර ඔවුන්ගේ 1+5+T AIoT ecosys-temය වෙනදාටත් වඩා තාක්ෂණයෙන් උසස් නිෂ්පාදන රැසක් සමඟ ඉදිරියට ගෙනයාමේ අරමුණින් ගන්නා ලද්දක්ය.

realme  හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ස්කයි ලී මහතා මෙසේ පවසා සිටියේය “realme ස්ථාපිත කල ද පටන්ම අපි අපගේ ඉලක්කයට අනුව නිතරම ගෝලීය වශයෙන් විහිදී සිටින තරුණ පරපුර තවත් ඉදිරියට ගෙන යා හැකි නිෂ්පාදන පමණක්ම ඉදිරපත් කරනු ලැබුවා. අපි ඉතා සතුටින් ප්‍රකාශ කොට සිටිනවා මින් ඉදිරියටත් මිලියන 20ක realme රසිකයන්ට   නැවුම් අත්දැකීමක් ලබා දිය හැකි AIoT ආකාරයේ නිෂ්පාදන අපි ඉදිරිපත්කරන බව”

තරුණ ජිවිත තුල සංචාරයට ඇති කැමැත්ත හඳුනා ගත realme විසින් සුප්‍රකට නිර්මාණකරු නඕටෝ ෆුකසාවාට GT Master Edition Series නිර්මාණය කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. සූට්කේසයක් සිය මනසේ රඳවා ගනිමින් නඕටෝ විසින් මෙම නිෂ්පාදන පෙළ නවතම ආකාරයකට සකස් කරන ලදී. මෙම දුරකථනයේ හැඩයට අමතරව ප්‍රථම වතාවට vegan-leather design එකක් සහිත වීම සුවිශේෂී කරුණකි.

GT Explorer Master Editionහි Qualcomm Snapdragon 870 ගණයේ ප්‍රොසෙසරයක් පවතින අතර 12GB රැම් එකකින්ද සමන්විතය.GT Master Edition, Snapdragon 778G 5G ප්‍රොසෙසරයකින් සහ 8GB රැම් එකකින් සමන්විතය. එසේම flagship killer realme GT තුලින් අභාෂය ලබා ගත් Vapor Chamber Cooling Systemයක් GT Master Edition Series එක සතුව පවතී. එය තුලින් මෙම දුරකථන දෙවර්ගයටම ක්‍රියාදාම තාක්ෂණික ක්‍රීඩා අත්දැකීමක් හසුරවීමේ හැකියාව ලබා දෙයි.

GT Master Edition Series, 32MP Sony සෙල්ෆි කැමරාවක් සමගින් පැමිණෙන අතර GT Explorer Master Edition සතුව OIS සමඟ 50MP Sony IMX766 කැමරාවක් ද GT Master Edition සතුව 64MP කැමරාවක් පවතී. දිවා රෑ දෙකෙහිම පැහැදිලි පින්තූර ලබා දෙනවට අමතරව මේවා තුලින් වටිනා ගණයේ DSLR කැමරාවකින් පමණක් ලබා ගත හැකි ආකාරයේ street photography ආකාරයේ පින්තූර ලබා ගැනීමේ හැකියාවද පවතී.

දුරකථන දෙකෙහිම 120Hz Samsung AMOLED තිරයක් මත දෘශ්‍ය ජීවමාන වේ. GT Explorer Master Edition, 10240-level brightness adjustment සහිතව සහ HDR10+ වර්ගයේ ආධාරකයක් සහිතව 56-degree curved තිරයක් සමඟ පැමිණෙයි. ඊට අමතරව එය Dolby Atmos Dual Speakers සහ  Tactile Engineසඳහාද සහය දක්වයි.

realme GT Master Editionහි මිල xxx USD සිට ආරම්භ වේ.  6GB + 128GB මිල  xxx LKR වන අතර  12GB + 256GB හි මිල  xxx LKR වේ.

realme හි ප්‍රථම ලැප්ටොප් පරිගණකය ලෙස, realme Book  සිහින් 14.9mm ලෝහ ශරීරයක් තුළ අන්තර්ගත වන අතර එය නිල් සහ අළු වර්ණ වලින් ලබා ගත හැකිය.

එය අඟල් 14ක 2K තිරයකින් සමන්විත වන අතර 400 දීප්තියකින් සහ 3: 2 තිර අනුපාතය සාම්ප්‍රදායික 16: 9 ට එහා ගිය  3: 2 තිර අනුපාතය තුලින් Microsoft Office softwareහි  සුවිශේෂී අංගයන් දැක ගත හැකිය.

realme Book 11th Gen Intel Core ප්‍රොසෙසරයකින් සහ  dual-fan Storm Cooling System එකකින් සමන්විත වන අතර ඒ තුලින් තාක්ෂණික ක්‍රීඩා පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලබා දෙයි. එය සතුව 16GB Dual-channel LPDDR4x ආකාරයේ රැම් එකක් සහ  512GB PCIe® SSD ප්‍රමාණයේ ධාරිතාවක් පවතී. 65W චාජ් කිරීමේ හැකියාව තුලින් පැය 11 ක් දක්වා බැටරි ආයු කාලයක් ලබා දේ.

සම්බන්ධතාවය සම්බන්ධයෙන් ගත් කල, thunderbolt 4/USB 4 ports(i5 version පමණක්),  3.5mm earphones port එකක් ද Type-A port එකක් ද  Type C port, එකක් ද පවතී. realme Book  Wi-Fi 6 තාක්ෂණ පහසුකමද සපයයි.

එසේම realme Book සතුව අන්තර්ජාලය තුලින් අධ්‍යනය සඳහා වඩාත් උපකාරී වන HARMAN ස්පීකර් 2 ක් සමන්විත වන අතර එමගින් DTS HD stereo sound effect, Dual Mic Noise Cancellation යන අංගද සපයනු ලබයි.

“PC Connect”  අංගය මගින් පරිශීලකයින්ට තම ජංගම දුරකථනය ලැප්ටොප් එක සමඟ සම්බන්ධ කර සිය වැඩකටයුතු කරගෙන යාමට හැකියාව ලබා දේ. වින්ඩෝස් 10 පෙර ස්ථාපනය කර ඇත.

එසේම එය සතුව 1.3mm key travel සහිත three-level backlit යතුරුපුවරුවක් ද පවතී.

realme GT Master Edition Series පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.realme.com වෙත පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *