Sinhala

වැඩිදියුණු කළ අත්දැකීමක් සමඟ realme UI 3.0 නිල වශයෙන් ලොව පුරා නිකුත් කෙරේ

ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme සිය නවතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වන realme UI 3.0  පසුගිය සතියේ නිල වශයෙන් නිකුත් කරන ලදී. realme UI 3.0 තාරුණ්‍යයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත. එය ඇන්ඩ්‍රොයිඩ් 12 හි නව විශේෂාංග රාශියක් ගෙන එන අතර සැලසුම, පුද්ගලීකරණය, පෞද්ගලිකත්‍වය සහ ක්‍රියාකාරීත්වයේ වැඩිදියුණු කිරීම් සමඟ Seamless Fun යන realme හි  නිෂ්පාදන සංකල්පය අඛණ්ඩව පවත්වාගෙන යයි. එය realme භාවිතා කරන්නන් සඳහා නවතම අත්දැකීමක් ලබා දේ.

realme UI 3.0 හි, සැලසුම වඩාත් ප්‍රකාශිත වන අතර පිරිසැලසුම වඩාත් සංවිධානාත්මක වන අතර සුවිශේෂී UI අත්දැකීමක්ද ලබා දේ. ප්‍රථමයෙන්ම, නව ත්‍රිමාණ නිරූපක සැලසුම හේතුවෙන් අයිකන සම්පූර්ණයෙන්ම සුවිශේෂී හැඩයක් ගනී. දළ සටහන මගින් වැඩි බරකින් යුත් පෙනුමක් ලබා දෙන අතර, එයට තරුණ බවක් ලබා දීම සඳහා අර්ධ විනිවිද පෙනෙන ක්‍රමයක් භාවිතා කරයි. සකස් කළ පසු සම්පූර්ණ අයිකන සැලසුම වඩාත්  ත්‍රිමාණ වේ. UI 2.0 හා සසඳන විට, තාරුණ්‍යයේ විවිධ පෞරුෂයන්ට වඩාත් හොඳින් ගැලපෙන පරිදි පුළුල් පරාසයක වර්ණ එකතු කොට ඇත.

එපමණක් නොව, realme UI 3.0 හි  සුදු අවකාශය මගින් තොරතුරු වල ඝනත්වය අඩු කොට පෙන් වීමට අවකාශීය සලසා දේ. මීට අමතරව, පරිශීලකයින්ට තමන්ට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් වැඩි වටිනාකමක් ලබා දීම සඳහා මාතෘකා වල ප්‍රමාණය සහ සංකේතය වැඩි දියුණු කිරීමකට භාජනය කොට ඇත. මෙය වඩාත් සුපැහැදිල දෘශ්‍ය අත්දැකීමකට ඉඩ සලසයි.

realme UI සෑම විටම පුද්ගලීකරණයට ඉඩ සලසයි. අයිකන, පසුබිම්, අකුරු සහ අනෙකුත් අංග සියල්ලම පරිශීලකයින්ගේ රුචිකත්වයට ගැලපෙන පරිදි සකස් කළ හැකිය. දැන් realme UI 3.0,  global theme color customization සඳහාද සහාය වේ. පරිශීලකයින්ට තේමා වර්ණය ලෙස ඔවුන්ගේ ප්‍රියතම වර්ණවලින් ඕනෑම එකක් තෝරාගත හැක.

AOD ද වැඩිදියුණු කර ඇත. පරිශීලකයින්ට ඡායාරූපයක් ඇතුලත් කර අද්විතීය AOD මෝස්තරයක් රස විඳිය හැකිය.මේ අතර, realme UI 3.0  ද realme mascot වන realmeow ගේද AOD එකක්  දියත් කොට ඇත. පරිශීලකයාට වඩා කැමති ආකාරයේ අංගයක් තෝරාගෙන  සියලු නව AOD ශෛලීන් රස විදීමේ හැකියාව පවතී.

මීට අමතරව, realme UI 3.0 පරිශීලකයෙකුට සිතිය හැකි සෑම ආකාරයකම දෑ අඩංගු Omojis කට්ටලයකින් සමන්විතය. realme UI 3.0 හි තෝරාගත් උපාංග සඳහා නව wallpaper  කිහිපයක් ඇති බැවින් පරිශීලකයින්ට නව දෘශ්‍ය අත්දැකීමේ රසය ලබා ගත හැකිය.

realme විසින් කරන ලද පර්යේෂණයකට අනුව, බොහෝ පරිශීලකයින් realme UI 2.0 වෙතින් ලබා දෙන ලද අත්දැකීම පිළිබඳව සැබවින්ම සතුටු වී ඇත. realme UI 3.0 හි මෙය තවදුරටත් වැඩිදියුණු කර ඇත. AI සුමට එන්ජිම රියල්මේ UI 3.0 තුළ හඳුන්වා දී ඇති අතර, එය සර්ව සම්පූර්ණ සුමට බවක් එක් කරන අතර බල පරිභෝජනය ද අඩු කරයි. සමස්ත මතක භාවිතය අනුපාතය වැඩි කර ඇති අතර, මතකය ඛණ්ඩනය කිරීම අවම කර ඇත, විවිධ මතකයන් බුද්ධිමත් ලෙස දියත් කරනු ලබා ඇත්තේ  AI මතකය සම්පීඩනය කිරීම හේතුවෙනි. මෙය මතක භාවිතය 30% කින් අඩු කර, සමස්ත යෙදුම් දියත් කිරීමේ කාර්ය සාධනය 10% කින් වැඩි දියුණු කර,  බැටරි ආයු කාලය 12% කින් ද වැඩි කරයි.

ඒ සමගම, සජීවිකරණයන්ද  වඩා හොඳ තත්වයක පවතී. AI සජීවිකරණ එන්ජිම මගින් වස්තූන්ගේ චලනයන්  කෙරෙහි පැහැදිලි වෙනසක් ඇති කරයි.

Floating Window 2.0 ද realme UI 3.0 සඳහා හඳුන්වා දී ඇත. පරිශීලකයින්ට කැමති පරිදි Floating Window පාලනය කළ හැකි අතර විවිධ සන්නිවේදන හා භාවිත අවස්ථා වලදී  Windows  වඩාත් ප්‍රායෝගික හා පහසු වේ.

පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත සහ තොරතුරු වෙන කවරදාටත් වඩා ආරක්‍ෂිත බව සහතික කිරීම සඳහා realme UI 3.0 සිය පෞද්ගලිකත්ව  ක්‍රියාකාරකම් යාවත්කාලීන කොට ඇත. realme UI 3.0 හි නව subtitle stitching  විශේෂාංගයක් ඇත, එය ඔබට ඔබගේ ප්‍රියතම පින්තූර හෝ වීඩියෝ පුද්ගලිකව බෙදා ගැනීමට ඉඩ සලසයි. ජීවිතයේ අවස්ථා ආරක්ෂිතව බෙදා ගැනීමට, පරිශීලකයින්ට ඡායාරූප දත්ත මැකීමේ හැකියාවද ඇත. realme UI 3.0 තුළ ඇප් යෙදුම් අවසර සඳහා තවත් සීමාවන් එක් කොට ඇත. උදාහරණයක් වශයෙන් ස්ථාන දත්ත සම්බන්ධයෙන් ගත් විට, නිශ්චිත නොවන ස්ථාන පිළිබඳව ස්ථාන පෞද්ගලිකත්‍වය ආරක්‍ෂා කෙරේ. තවද, රූපමය නිරූපණයන් මඟින් පාරිභෝගිකයින්ට ඇප්  වල පෞද්ගලිකත්‍ව ක්‍රියාකාරකම් දැක ගැනීමට හැකි වේ. පරිශීලකයින්ට ග්‍රැෆික්ස් සඳහා ඇප් අවසරය භාවිතය, ඇප් අවසර ලැයිස්තුවක් සහ විශේෂිත ඇප් භාවිතය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැක ගත හැකි අතර, සෑම අංශයකින්ම රහස්‍යතා භාවිතය ප්‍රගුණ කිරීමට ඉඩ සලසයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *