Online Media Highlights

ක්ලෝගාඩ්, SLDA සහ Neth FM සමග එක්ව මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කරයි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්, ළමුන් සහ වැඩිහිටියන් අතර මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දන්ත සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ එක්ව Neth FM ඔස්සේ දන්ත අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කර ඇත.

COVID-19 වසංගතය අපගේ දෛනික චර්යාවන් සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති අතර, එය ආහාර ගැනීමේ පුරුදුවලට ද බලපා ඇත. අධ්‍යාපනික ආයතන වසරකට වැඩි කාලයක් වසා තිබීමත් සමඟ නව චර්යාවන්ට අනුවර්තනය වෙමින් දරුවන්ට සහ නව යොවුන් වියේ දරුවන්ට වැඩි කාලයක් නිවසේ ගත කිරීමට සිදු වී ඇති අතර එය බොහෝ අවස්ථාවලදී ආහාර ගැනීමේ ප්‍රමාණය වැඩිවීමට හේතු වී තිබේ. ළමුන් රූපවාහිනිය ඉදිරිපිට ආහාර ගැනීම හෝ වීඩියෝ ක්‍රීඩා කරන අතරතුර කෙටි ආහාර  ගැනීමේ පුරුදු වැඩි වෙමින් පවතින බැවින් ඔවුන්ගේ  ආහාර රටාවන් වල විශේෂයෙන් සෘණාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

තවද, පාසල් දන්ත වෛද්‍ය කඳවුරු අත්හිටුවීම, කොරෝනා වසංගතය හේතුවෙන් දන්ත වෛද්‍ය සායනවලට දරුවන් රැගෙන යාමට නොහැකි වීම හේතුවෙන් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය රැකවරණය අඩාල වී ඇත. එමනිසා, දිනකට දෙවරක් දත් මැදීම, ක්ෂණික ආහාරවලින් වැළකීම සහ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතයට ගැනීම මගින්  තම දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සම්පන්න බව සහතික කිරීම දෙමාපියන්ට වෙන කවරදාටත් වඩා දැන් අත්‍යවශ්‍ය වේ.

Neth FM සහ SLDA සමඟින් එක්ව ගෙන එන  ‘Clogard – නිරෝගී මුවකට පියමන්’ වැඩසටහන මගින් අධ්‍යාපනික  අවබෝධයක් ලබා දෙන අතර, සාමාන්‍ය යහපැවැත්ම උදෙසා මුඛ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට පවුල් දිරිමත් කිරීමට බලාපොරොත්තු වේ.  වසංගතය අතරතුර සහ සෑම දිනකම දත් ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ දන්ත පුරුදු නිවසේදීම සුළු කාලයක් වෙන් කර පිළිපැදීමට ක්ලෝගාඩ් විසින්  පවුල් දිරිමත් කිරීම මෙයින් සිදු කරයි.

‘මුඛ සත්කාරයේ වැදගත්කම’, ‘ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කිරීමේ වැදගත්කම’ සහ ‘දත්මැදීමේ වැදගත්කම’ වැනි වැදගත් මාතෘකා ආවරණය කර ඇති අතර, දත් කුහරවලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්ලෝගාඩ් හි  සන්නාම මෙහෙවර සමඟ මෙය සම්බන්ධ කොට ඇත. තවද ‘Clogard – නිරෝගී මුවකට පියමන්’ වැඩසටහන, දත් එනමලය ශක්තිමත් කිරීම සහ දත් දිරායාම වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් වල වැදගත්කම අවධාරණය කරයි.

අන්තර්ජාලය මගින් පවත්වන ලද මුඛ සත්කාර සායනයක් Neth FM ෆේස් බුක් පිටුව හරහා නොවැම්බර් 07 වැනිදා පස්වරු 5.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වුණු  අතර ඊට සමගාමීව එය  Neth FM රේඩියෝ නාලිකාව ඔස්සේ ද විකාශය කෙරුණි.  WhatsApp හරහා සහ  0711 959 595 ට ඇමතුමක් ලබා දීම මගින් ලැබුණු දන්ත සෞඛ්‍ය  පිළිබඳ පාරිභෝගික ගැටළු වලට විසදුම් වෛද්‍ය මණ්ඩලයක් මගින් සපයන ලදී.

තවද, 2021 නොවැම්බර් 8 වන දින ආරම්භ වූ චිත්‍ර තරඟය  2021 දෙසැම්බර් 8 දක්වා චිත්‍ර ඉදිරිපත් කිරීම් සඳහා විවෘතව පවතිනු ඇත. මේ හරහා “නිරෝගී මුවකට පියමන්” තේමාව  මත  WhatsApp හරහා චිත්‍ර එවිය  යුතුය. මෙම තරඟය වයස් කාණ්ඩ තුනකට විවෘතය, එනම් වයස අවුරුදු 3-5, 6-10 ත් 11-15 ත් ය. එක් කාණ්ඩයකින් ජයග්‍රාහකයින් 10 බැගින් තෝරාගන්න අතර ඒ අනුව ත්‍යාග 30ක් බෙදා දෙනු ලැබේ.

Neth FM සමඟින් ක්ලෝගාඩ්  – නිරෝගී මුවකට පියමන්  වැඩසටහන මෙම වසර අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය වෘත්තියේ ජාතික සහ මව් ආයතනය වන SLDA හි සහයෝගීතාවය ඇතිව, Neth FM – සිංහල භාෂා ගුවන් විදුලි නාලිකාව සමඟ එක්ව, ලංකාව පුරා සිටින පවුල් සඳහා සරල සහ සෞඛ්‍ය සම්පන්න දන්ත වෛද්‍ය චර්යාවන් දිරිමත් කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ක්ලෝගාඩ් අධිෂ්ඨාන කරගෙන සිටී.

Clogard දැනට Hemas E-store https://hemasestore.com/brand/clogard/ වෙතින් ලබා ගත හැකි අතර රූපලාවන්‍ය වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, ෆාමසි සහ සුපිරි වෙළඳසැල් වැනි තෝරාගත් සාප්පු මධ්‍යස්ථානවලින්ද මිලදී ගත හැකිය.

Hemas Consumer Brands යනු ජාතියේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ විශාලතම ශ්‍රී ලාංකික ආයතනයයි. වසර 70කට අධික උරුමයක් සමඟින්, ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් තුළින් Hemas Consumer Brands පාරිභෝගික හදවත් දිනා ඇත. නව්‍ය කණ්ඩායම්වල සහය ඇතිව සිය ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ හරහා උසස් නිෂ්පාදන නිර්මාණය කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න  පුද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands සමත් වී ඇත.

ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයකින් ශක්තිමත් වී සිටින  Hemas Consumer Brands, ෆෙම්ස්‌ ‌”‌ඇය‌ ‌”‌ ‌මුලපිරීම‌, ‌‌පිළිකා‌ ‌‌රෝගීන්‌ ‌‌සඳහා‌ ‌‌වන‌ ‌‌කුමාරිකා‌ ‌”‌සොඳුරු‌ ‌‌දිරියවන්ති‌ ‌”‌ ‌‌හිසකෙස්‌ ‌ පළඳනා‌ පරිත්‍යාග‌ ‌කිරීමේ‌ ‌‌ව්‍යාපෘතිය ‌‌සහ‌ Baby Cheramy ‌‌හි‌ progressive inclusive parenting මුලපිරීම‌ ‌‌වැනි ව්‍යාපෘති ‌‌ගණනාවක්‌ ‌‌අඛණ්ඩව‌ ‌‌සිදු‌ ‌‌කරයි‌.‌ හරිත‌ ‌‌සංකල්පය‌ ‌‌මත‌ ‌‌පදනම්‌ ‌‌ව‌ Hemas Consumer ‌‌සන්නාම‌ ‌‌තනි‌ ‌‌භාවිත‌ ‌‌සැෂේ‌ ‌‌වෙනුවට‌ Dandex Handy ‌‌සහ‌ Kumarika Poddi ‌‌ෂැම්පු‌ , Vivya heirloom වැනි සහල්‌ ‌‌පදනම්‌ ‌‌කරගත්‌ ‌නිෂ්පාදන‌  ‌‌වැනි‌ ‌‌විප්ලවීය‌ ‌‌නිෂ්පාදන‌ ‌‌වෙළදපොලට‌ ‌හදුන්වා‌ ‌‌දීමට‌ ‌‌සමත්‌ ‌‌විය‌.‌ සියලුම‌ ‌‌ශ්‍රී  ‌‌ලාංකික‌ ‌‌පාරිභෝගික‌ ‌‌ප්‍රජාව සඳහා‌ ‌‌වඩාත්‌ ‌‌තිරසාර‌ ‌අනාගතයක්‌‌ ‌‌ලබා‌‌ ‌‌දීම‌‌ ‌‌උදෙසා‌‌ Hemas Consumer  ‌‌පෙරමුණ‌‌ ‌‌ගනී‌.‌ ‌

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *