Sinhala

එලායන්ස් ෆිනෑන්ස් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් තිරසාර ව්‍යාපෘති රැසක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හට විශිෂ්ඨතම  මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම් මුල්‍ය සේවා රැසක් ක‍්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ජීවොනොපාය ඉහල නැන්වීමහිලා කැපවෙමින් ක‍්‍රියා කරන AFC, සිය ගමන්මගෙහි තවත් එක් සංධිස්ථානයක් සටහන් කරමින්, කොවිඞ් ව්‍යාප්තිය හමුවේ දුර්වල වූ ආර්ථිකයට ශක්තියක් වීම උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙමින්  “‍AFC helping hand” නමින් විශේෂ සමාජ සේවා ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී මූලිකත්වය ගනිමින් ක‍්‍රියා කරන්නේ AFC හි දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ සේවක මණ්ඩලයයි. කොවිඞ් 19 සටනට සාර්ථකව මුහුණ දීම සඳහා AFC විසින් දිවයිනේ සැම  පළාතක්ම ආවරණය වන පරිදි රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම සිදු කෙරේ. මේ වන විට උතුරු, නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාතේ  රෝහල් සඳහා අතවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම සිදුකර ඇති අතර තවත් ප‍්‍රදේශ රැසක ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වේ. රෝහල් සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම මෙන්ම පාසැල්  සංවර්ධන සහාය හා වියලි ආහාර ලබාදීම ආදී සමාජ සත් කාර්යයන් ද මෙම කාලය තුල සිදුකරන ලදී.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා සිය සමාගමේ තිරසාර සත්කාරක සේවාවන් පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේමෙවන් අභියෝගාත්මක කාල වකවානුවක, අපේම මිනිසුන් වෙනුවෙන් අවශ්‍ය සහය දැක්වීමට, සියලූම ශාඛාවන්හි සේවක මණ්ඩලය හා එක්ව, ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳ අප ඉතාමත් සතුටට  පත් වනවා. කොවිඞ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විශාල සටනක නිරත වී සිටින බව අප හොඳින්ම දන්නා කාරණයක්. ඔවුනට අපගේ සහයෝගය අවශ්‍යම මොහොතේ ඒ සඳහා අවශ්‍ය දායකත්වයන් ලබාදීම අපගේ තිරසාර ව්‍යාපෘති අතර ප‍්‍රධාන ස්ථානයක් අරගෙන තියෙනවා.  විශේෂයෙන්ම මෙහිදී මතක් කළ යුතු කාරණයක් වෙන්නේ අප අපගේ වාර්ෂික ලාභ ප‍්‍රමාණයෙන් 3%-4% අතර ප‍්‍රමාණයක් සමාජීය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයකරනවා. අප 1956 වර්ෂයේ සිටම AFC සිය සමාජ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ආයතනයක් වශයෙන් ප‍්‍රසිද්ධයි. ඉදිරියටත් අප අපගේ දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා වූ ව්‍යාපෘති රැසක ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් වෙනවා.

AFC විසින් දියත් කරන ලද පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති අතර, 2018 දී දියත් කරන ලද තුරු මිතුරුවැඩසටහන ප‍්‍රමුඛත්වයක් ගනී. මේ හරහා 2019 වසරේදී ගස් මිලියනයක වැඩසටහනක් ආරම්භ කළ අතර,  2024 වර්ෂය වන විට හරිත ශ‍්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණ වෙත ගමන් කිරීමට ගස් මිලියනයක් පැල කිරීමට AFC අභිලාෂයයි. වර්තමානය වන විට මෙම ව්‍යාපෘතිය හරහා ලක්ෂ තුනකට අධික පැල ප‍්‍රමාණයක් සිටුවීමට කටයුතු කර තිබේ. සමාජ ව්‍යවසායකයින්ගේ සංවර්ධනය, ජෛව විවිධත්ව සංරක්ෂණයට සහ පරිසර පද්ධති ප‍්‍රතිසංස්කරණයට සහාය වීම, පිරිසිදු බලශක්තියය සැපයීම යන දෑ සමාගමේ අනෙකුත් තිරසාර සංවර්ධන ඉලක්ක හා බැඳුනු ප‍්‍රමුඛතා වේ. මෙම අංශයන්හි විවිධ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම හරහා එක්සත් ජාතීන්ගේ SGD ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම සමාගමේ ප‍්‍රධාන අරමුණ වේ. 

ගෝලීය තිරසාර මුල්‍යකරණ නිර්ණායකයක් වන ජාත්‍යන්තර තිරසාර ප‍්‍රමිතීන් සහ සහතිකකරණ වැඩසටහන : (Sustainability Standards and Certification Initiative& යටතේ පූර්ණ තිරසාරත්ව සහතිකය ලත් දකුණු ආසියාවේ පළමු මූල්‍ය සමාගම වන්නේ  එලායන්ස් ෆිනෑන්ස් සමාගමයි. SSCI යනු මූල්‍ය ආයතන වලට සමාජ සහ පාරිසරික තිරසාරත්වය අන්තර්ගත කිරීමට ආකෘතියක් හඳුන්වා දෙමින් සංවිධාන ව්‍යුහය තුළ නව්‍යතා බිහිකිරීම හරහා දිගුකාලීන ප‍්‍රතිලාභ අත් කරගැනීම සඳහා ව්‍යාපාරයට රුකුලක් ලබාදීමට ඉදිරිපත් කල පළමු ජාත්‍යන්තර ප‍්‍රමිතිය වේ.  ශ‍්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම් අතරින් එකක් ලෙස එලායන්ස් ෆිනෑන්ස් 1956 වර්ෂයේ සිට තිරසාර සංවර්ධනය සහ සෞභාග්‍ය ඇති කිරීමේහිලා කැපවෙමින් විශ්වාසනීය සේවාවක් සිය ගනුදෙනුකරුවන්ට සපයා තිබේ. තිරසාර මූල්‍යකරණය තුළින් ලොව යහපත් තැනක් කරමුයන සමාගමේ අරමුණු හා බැදිව සියලූම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර, කළමනාකරණය, සේවක මණ්ඩල මෙන්ම, සමාගම හා සම්බන්ධ සියලූම පාර්ශවයන් මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඉහළ කැපවීමකින් කටයුතු කරයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *