Sinhala

තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් එන Huawei Nova 7i සහ Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන දැන් වෙළඳ පොළේ

Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ.   Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පරිශීලකයාට තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i   සහ Huawei Nova 7 SE ය.

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ. 

ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.  තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.    තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ.

Nova පවුලේ ප්‍රථම 5G ස්මාර්ට් දුරකථනය වන Huawei Nova 7 SE  කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.  2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් සුභදායක ආරංචියක් වනු ඇත.  

Huawei විසින්  powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද විශේෂාංග සමඟින් mobile photography වලදී පැන නගින විවිධ ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට Huawei Nova 7 SE හරහා කටයුතු කර ඇත.  Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP (High resolution Lens, f/1.8 aperture) Quad Camera,  Main Camera, 8 MP (Ultra Wide Angle Lens, f/2.4 aperture), 2 MP (bokeh lens, f/2.4 aperture) සහ  2 MP (Macro lens, f/2.4 aperture), දවසේ ඕනෑම වෙලාවක ඉතා පැහැදිළි තත්වයේ අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ.

Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. EMUI 10.1 (Android 10) මත පදනම් වූ Huawei Nova 7 SE, Kirin 820 7nm 5G chipset මඟින් බලගන්වා ඇති අතර මේ තුළින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ස්මාර්ට් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. 

Huawei Nova 7 SE හි 40W Huawei SuperCharge පහසුකම දැන් අවම වෙලාවක් තුලදී දුරකථනය charge කරගැනීමේ හැකියාව ලබා දෙන අතර එහි 4000 mAh දිගු කාලීන බැටරි ධාරිතාවය දිනකටත් වඩා වැඩි කාලයක් දුරකතනයේ කාර්යන් සිදු කිරීම පහසු කිරීමද විශේෂත්වයකි.  

Huawei Nova 7i ස්මාර්ට් දුරකථනය හා  Huawei Nova 7 SE  සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *