Sinhala

Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී DIMO සම්මානයට පාත්‍ර වේ

පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර  වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ.  එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO හට හිමි විය.

DIMO හි Mercedes-Benz සේවා අංශයේ සාමාජිකයින් තිදෙනෙකු වන හිරුන්  කෝරළගේ, ආමන්ත යාපා සහ සහින්ද වාසලතන්ත්‍රිගේ “වසරේ විශිෂ්ටතම සේවා උපදේශකයින්” ලෙස Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇගයීමට පාත්‍ර විය.  ඔවුන්ගේ උසස් වෘත්තීය නිපුණත්වය  සහ  පාරිභෝගිකයින්ට සේවය කිරීමට ඇති කැපවීම යනාදී  නිර්ණායක මත පදනම් ව මෙම සම්මාන ප්‍රධානය කර   තිබේ.

 DIMO හි සභාපති සහ  කළමණාකාර  අධ්‍යක්ෂ  රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ “අපගේ ජයග්‍රහණ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ Mercedes-Benz වාහන සඳහා එකම විශ්වාසවන්ත ස්ථානය DIMO වන බවයි.එමෙන්ම අපගේ පාරිභෝගික ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගැන්වීම අපගේ ප්‍රධාන අරමුණ වන අතර , උපරිම පාරිභෝගික ප්‍රසාදය සහතික කිරීම සඳහා DIMO ප්‍රධාන  වශයෙන්  කැප වෙනවා.”

COVID-19 වසංගතය වැනි  අභියෝගාත්මක කාලයන්හි  පවා විශිෂ්ට පාරිභෝගික සේවාවක්  ලබා දීම කෙරෙහි DIMO  අවධානය යොමු කිරීම මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් වේ. එමනිසා Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේ අඛණ්ඩ සාර්ථකත්වය, DIMO මගින් ලබා දෙන විශිෂ්ට සේවාව තවත්  තහවුරු කරයි.

Mercedes-Benz හි සහතික ලත් පුහුණුකරුවන්ගේ දැනුම, අත්දැකීම්  තුලින්  සන්නද්ධ වූ කාර්මික  ශිල්පීන්ගේ පරිපූර්ණ , අඛණ්ඩ තාක්ෂණික සේවාවන්   ලබා දීම තුලින්  පාරිභෝගික අවශ්‍යතා නිසි ලෙස ඉටු වන බව DIMO  විශ්වාස කරයි. Mercedes-Benz AG විසින් නිර්දේශ කරන ලද මෘදුකාංග, විශේෂ මෙවලම් සහ උපකරණ භාවිතය තුලින් ගුණාත්මකභාවය සහතික කිරීම සදහා DIMO  නිරතුරුවම සැදී පැහැදී සිටියි.

DIMO, ශ්‍රී ලංකාවේ එකම Mercedes-Benz AG බලයලත් සේවා මධ්‍යස්ථානය වන බැවින් DIMO 800 හි අලුත්වැඩියා කරන ලද  සෑම වාහනයක් සදහාම    කාර්යක්ෂම සේවාවක්  ලබා දෙන අතර සියලුම Mercedes-Benz අලුත්වැඩියා ක්‍රියාවලීන් සදහා  මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදියි. එමෙන්ම සියලුම Mercedes-Benz වාහන සඳහා පහසුකම් සපයන නවීන තාක්‍ෂණය සහ තාක්‍ෂණික ප්‍රවීණයන්ගෙන් DIMO සන්නද්ධ වේ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *