Sinhala

realme විසින් සිය ස්මාර්ට්ෆෝන් මාදිලි අතර නවීනතම GT 2 Pro හඳුන්වා දෙයි

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme විසින් ඔවුන් මේ දක්වා එළිදක්වන ලද වඩාත් නවීනතම උපාංගය වන GT 2 Pro හඳුන්වා දෙයි. GT 2 Pro බලගන්වන්නේ අති නවීන Snapdragon® 8 Gen 1 Mobile Platform එකකින් වන අතර එය ලොව පුරා සිටින තරුණ පරිශීලකයින්ගේ අපේක්ෂාවන් ඉක්මවා යාමට හැකි ආකාරයේ ක්‍රියාකාරිත්වයකින් යුක්තයි. GT 2 Pro යනු Snapdragon® 8 Gen 1 Mobile Platform සමඟින් සමන්විත වූ පළමු ස්මාර්ට්ෆෝන් වලින් එකකි.

Snapdragon Tech Summit 2021 දී, realme උප සභාපති Chase Xu මහතා මෙසේ පැවසීය “Qualcomm Technologies යනු  realme හි වඩාත්ම වැදගත් සහයෝගිතාකරුවන්ගෙන් එක් අයෙකි. realme දැනටමත් මාස කිහිපයකට පෙර සිට realme GT 2 Pro සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති අතර ලොව පුරා සිටින තරුණ පරිශීලකයින්ගේ අපේක්ෂාවන් ඉක්මවා යන සැබෑ උසස් ප්‍රමුඛතම නිෂ්පාදනයක් ලබා දෙනු ඇත”

GT 2 Pro යනු ස්මාර්ට්ෆෝන් උපාංගයක බලාගාරයක් වන අතර ක්‍රීඩා, AI සහ 5G හි බොහෝ ඉහළ හැකියාවන් සහිත වන අතර පරිශීලක අත්දැකීම නව මට්ටම් කරා රැගෙන යයි. එහි ප්‍රතිඵලයක් ලෙස, GT 2 Pro Realme හි පළමු premium flagship ස්මාර්ට් ජංගම දුරකථනය බවට පත්වේ. realme ආරම්භයේ සිටම Qualcomm Technologies සමඟ සමීපව කටයුතු කර පාරිභෝගිකයින්ට 4G සිට 5G යුගයට යාමට උපකාර කරන ප්‍රබල උපාංග මාලාවක් ගෙන එන ලදී. realme භාවිතා කරන්නන්ට  GT 2 Pro සමඟින් 5G තාක්‍ෂණයේ සම්පූර්ණ බලය ඔවුන්ගේ අතට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Premium flagship උපාංගය realme  හි “Dare to Leap”  සංකල්පය මැනවින් ප්‍රදර්ශනය කරයි. එය realme GT  ශ්‍රේණියේ පළමු Pro  නිෂ්පාදනය වන අතර realme  හි නවීනතමයා වේ. එහි ප්‍රබල කාර්ය සාධනය සහ ශක්තිමත් 5G හැකියාවන් සමඟින්, එය realme GT 2 Pro සංවර්ධනයට අවස්ථාවන් රැගෙන එයි.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *