Sinhala

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සිය ටැබ් වාසනා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරයි.

ප්‍රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්  විසින් මෙහෙයවන ලද ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන හරහා රට පුරා සිටින වාසනාවන්ත ජයග්‍රාහකයින් 30 දෙනෙකුට නවතම ටැබ් පිරිනැමීමට ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සමත් වූ අතර, මෙය ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ අන්තර්ජාලය මගින් සිදුවන ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනවා පමණක් නොව දිනෙන් දින වැඩි දියුණු වන ඩිජිටල් ලෝකය තුල අත්‍යවශ්‍ය අංගයක් වන තාක්‍ෂණය භාවිතා කිරීමට හුරුපුරුදු වීමටද උපකාරී වනු ඇත. මෙම උත්සව සමය වඩාත් හොදින් සැමරීමට මෙම ප්‍රවර්ධනයේ ජයග්‍රාහකයින්ට ඉතා හොද හේතුවක් ලැබී ඇත!

මෙම ව්‍යාපාරයේ අරමුණු ද්විත්වයක් වූ අතර, අන්තර්ජාලය හරහා ඉගෙනීමට පහසුකම් සැලසීමේ ඉහත කී අරමුණ හැරුණු විට, ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් විසින් මුඛ සෞඛ්‍යාරක්ෂාව සඳහා ස්වභාවික ලුණු වල ඇති බලය පිළිබඳව දැනුවත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. සමස්ත මුඛ සෞඛ්‍යය සහතික කරන ස්වභාවික විෂබීජ නාශක ගුණය නිසා ලුණු,  පරම්පරා ගණනාවක් තිස්සේ මුඛ සෞඛ්‍ය සඳහා භාවිතා කර ඇත.

ඉදිරිපත් කිරීම් අගෝස්තු 1 වන දින සිට නොවැම්බර් 30 දක්වා විවෘතව පැවතිණි. මෙම කාලසීමාව තුළ ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් වෙත රට පුරා සියලු ප්‍රදේශ වලින් ඉදිරිපත් කිරීම් විශාල ප්‍රමාණයක් ලැබුණි. එය තරඟකාරී වූ නමුත්, තම ජිවන රටාව වැඩි දියුණු කර ගැනීමට ලබා ගත හැකි සියලු අවස්ථාවන් අත්පත් කර ගැනීමට ජනතාවගේ ඇති හැකියාව සහ උද්යෝගය පිළිබඳ සාක්ෂියක් ද විය.

ටැබ් ලබා ගත් සියලුම ජයග්‍රාහකයින් ඔවුන්ගේ ත්‍යාගවලින් ඉමහත් සතුටට පත් වූ අතර ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් හට සිය ප්‍රශංසාව දක්වන ලදී.

ජයග්‍රාහකයෙකු මෙසේ සිය අදහස් දක්වන ලදී  “මට මේ අවස්ථාව ලබා දීම ගැන ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් හට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මම දැනට මගේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර බොහෝ දේශන සහ පාඩම් අන්තර්ජාලය මගින් පැවැත්වෙන බැවින්, මෙම ටැබ් එක මට ඉමහත් උපකාරයක් වෙනවා, මේ සඳහා මම ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් වෙත අතිශයින් ස්තූතිවන්ත වෙනවා. මෙම ටැබ් එක භාවිත කරන තුරු මට ඉවසිල්ලක් නැහැ”

“අඩු ආදායම්ලාභී පවුලකින් පැමිණි මා ජයග්‍රහණය කළ බව දැනගත් විට මට විශ්වාස කල නොහැකි වුනා, මට මේ ලැබුණු අවස්ථාව මගේ අධ්‍යාපනයට සැබෑ වෙනසක් එක කරනු ඇතැයි මට විශ්වාසයි. ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් හි මෙම අපූරු මුලපිරීම ගැන මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මෙයින් පැහැදිලි වෙනවා ඔවුන් සමාජයට යමක් ලබා දීමට බලා සිටින සන්නාමයක් බව” තවත් ජයග්‍රාහකයෙක් සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් මෙම වැඩසටහනට ලැබුණු ප්‍රතිචාර  පිළිබඳව සතුටට පත් වන අතර අනාගතයේදී ද මෙවැනි ක්‍රියාකාරකම් සමඟින් ජනතාව අතරට පැමිණීමට සැදී පැහැදී සිටි.

මෙම ප්‍රවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ක්ලෝගාඩ් හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසීය  “මෙම ප්‍රවර්ධන වැඩසටහනට  ලැබුණු ප්‍රතිචාරය ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මීට අමතරව සෞඛ්‍ය සම්පන්න විදුරුමස් සහ ශක්තිමත් දත් සඳහා ක්ලෝගාඩ් ස්වාභාවික ලුණු දන්තාලේප භාවිතා කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව ද දැනුම ව්‍යාප්ත කිරීමට අපට හැකි වුනා.  ක්ලෝගාඩ් හි අපි මෙම වැඩසටහනෙහි සියලුම ජයග්‍රාහකයින්ට සුබ පතන්න කැමතියි! එමෙන්ම මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වූ සැමට අපගේ ස්තුතිය පුද කරනවා”

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් දැනට හේමාස්  E-store https://hemasestore.com/brand/clogard/ වෙතින් ලබා ගත හැකි අතර ෆාමසි, සුපිරි වෙළඳසැල් සහ  තෝරාගත් සාප්පු සවාරි ස්ථාන වලින්ද මිලදී ගත හැක.

Hemas Consumer Brands යනු ජාතියේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ විශාලතම ශ්‍රී ලාංකික ආයතනයයි. වසර 70කට අධික උරුමයක් සමඟින්, ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් තුළින් Hemas Consumer Brands පාරිභෝගික හදවත් දිනා ඇත. නව්‍ය කණ්ඩායම්වල සහය ඇතිව සිය ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ හරහා උසස් නිෂ්පාදන නිර්මාණය කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න  පුද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands සමත් වී ඇත.

ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයකින් ශක්තිමත් වී සිටින  Hemas Consumer Brands, ෆෙම්ස්‌ ‌”‌ඇය‌ ‌”‌ ‌මුලපිරීම‌, පිළිකා‌ ‌‌රෝගීන්‌ ‌‌සඳහා‌ ‌‌වන‌ ‌‌කුමාරිකා‌ ‌”‌සොඳුරු‌ ‌‌දිරියවන්ති‌ ‌”‌ ‌‌හිසකෙස්‌ ‌ පළඳනා‌ පරිත්‍යාග‌ ‌කිරීමේ‌ ‌‌ව්‍යාපෘතිය ‌‌සහ‌ Baby Cheramy ‌‌හි‌ progressive inclusive parenting මුලපිරීම‌ ‌‌වැනි ව්‍යාපෘති ‌‌ගණනාවක්‌ ‌‌අඛණ්ඩව‌ ‌‌සිදු‌ ‌‌කරයි‌.‌ හරිත‌ ‌‌සංකල්පය‌ ‌‌මත‌ ‌‌පදනම්‌ ‌‌ව‌ Hemas Consumer ‌‌සන්නාම‌ ‌‌තනි‌ ‌‌භාවිත‌ ‌‌සැෂේ‌ ‌‌වෙනුවට‌ Dandex Handy ‌‌සහ‌ Kumarika Poddi ෂැම්පු‌, Vivya heirloom වැනි සහල්‌ ‌‌පදනම්‌ ‌‌කරගත්‌ ‌නිෂ්පාදන‌ වැනි‌ ‌‌විප්ලවීය‌ ‌‌නිෂ්පාදන‌ වෙළදපොලට‌ ‌හදුන්වා‌ ‌‌දීමට‌ ‌‌සමත්‌ ‌‌විය‌.‌ සියලුම‌ ‌‌ශ්‍රී ‌‌ලාංකික‌ ‌‌පාරිභෝගික‌ ‌‌ප්‍රජාව සඳහා‌ වඩාත්‌ ‌‌ තිරසාර‌ ‌ අනාගතයක්‌‌ ලබා‌‌ ‌‌දීම‌‌ උදෙසා‌‌ Hemas Consumer ‌‌පෙරමුණ‌‌ ‌‌ගනී‌.‌

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *