Sinhala

පාරිභෝගිකයා වෙතට නවතම තාක්ෂණික අත්දැකීම් එක් කරමින් Huawei සර්විස් සෙන්ටර්ස් අලුත් වෙයි

ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින් නවෝත්පාදන පදනම් කරගත් නිෂ්පාදන හා සේවා රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම සෑම පාරිභෝගිකයෙකු වෙතම උසස් සේවාවක් ලබාදීම Huawei හි ප්‍රමුඛ අරමුණක් වන අතර,  ඔවුන්ගේ දිවයින පුරා විසිරුණු සේවා මධ්‍යස්ථානයන්හි සේවක මණ්ඩලය Huawei ඉහළ මට්ටමේ සේවා විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට කැපවී සිටී. Huawei සේවා මධ්‍යස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනු ලබන අතර සියලුම උපකරණ අළුත්වැඩියා කිරීම් පුහුණු හා පළපුරුදු Huawei කාර්මිකයින් විසින් සිදු කිරීම විශේෂ වේ. 

එළඹෙන නව වසර වෙනුවෙන් බම්බලපිටිය, මහරගම, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය ප්‍රදේශයන්හි පිහිටි සේවා මධ්‍යස්ථාන සඳහා නව මුහුණුවරක් එක් කිරීමට Huawei තීරණය කරඇති අතර, සේවා සඳහා පිවිසෙන පාරිභෝගිකයා වෙතට Huawei හි නවතම තාක්ෂණයන් අත්විඳිමටත්, නවතම තාක්ෂණික උපාංග මිලදී ගැනීමටත් අවස්ථාව හිමිවේ. තවද, ඔබගේ Huawei උපාංග පරික්ෂාවට ලක්කර වැඩිදියුණු කර ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය වෙනත් තාක්ෂණික උපාංග මිලදී ගැනීමේ හැකියාවත් හිමිවේ. මේ හරහා සෑම මොහොතකම ඔබේ Huawei තාක්ෂණික උපාංගය ඉහළම තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් පවත්වා ගැනීමට අවස්ථාව හිමිවේ.

පාරිභෝගිකයින් හට විශිෂ්ටත්වය සමගින් සේවා සහය පිරිනමන මෙම වැඩිදියුණු කළ කොළඹ සේවා මධ්‍යස්ථාන අතර,  මහරගම සේවා මධ්‍යස්ථානය, B4, අංක: 125, අමිටි සාප්පු සංකීර්ණය, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයේද, බම්බලපිටිය සේවා මධ්‍යස්ථානය අංක, 9/1/2, ස්ටේෂන් රෝඩ්, බම්බලපිටිය, කොළඹ 04 ලිපිනයේද පිහිටා ඇත. අංක 37, පේරාදෙණිය පාර. මහනුවර ලිපිනයේ Huawei සේවා මධ්‍යස්ථානයේ මහනුවර ශාඛාවද, අංක, 514/3B සමනල බිල්ඩින්ග්, මෛත්‍රීපාල සේනානායක පාර, අනුරාධපුරය ලිපිනයේ, එහි අනුරාධපුර ශාඛාවද, අංක 60A, කොළඹ පාර, කලුවැල්ල, ගාල්ල ලිපිනයේ පිහිටි ගාල්ල ශාඛාවද පිහිටා ඇති අතර, අංක  80, නාගරික සංකීර්ණය, කස්තුරියා රෝඩ්, යාපනය යන ලිපිනයේ සාප්පු අංක 20 හි, යාපනය ශාඛාව පිහිටුවා තිබේ. මේ සෑම Huawei සේවා මධ්‍යස්ථානයක් වෙතින්ම, විශේෂ වට්ටම් හා පිරිනැමීම් ඇතුළත්ව, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්හට සිය ජංගම දුරකතන, ටැබ් ඇතුළු ස්මාර්ට් උපාංග යාවත්කාලීනව පවත්වා ගැනීමට අවශ්‍ය සේවා සහය ලබා ගත හැකි වේ. 

මෙම සියලු සේවා මධ්‍යස්ථාන හරහා වගකීම් සහතික ලබා නොදෙන නිෂ්පාදන සඳහා වුවත්, අයකිරීම් සහිතව සේවා සහාය හා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව පවතී. තවද මෙම මධ්‍යස්ථානයන් හීදී සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වී ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවීම සුවිශේෂී වේ. 

මෙහිදී සිය අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී, පීටර් ලියු මහතා මෙසේ පවසා සිටියේය “පාරිභෝගිකයින්ගේ ස්මාර්ට් උපාංග කිසිඳු අවහිරතාවයකින් තොරව, සුරක්ෂිතව හා යාවත්කාලීනව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ සහය Huawei සේවා මධ්‍යස්ථාන මඟින් සැපයීමට අප කටයුතු කරනවා. Huawei  බලයලත් නියෝජිතයන් හරහා පාරිභෝගිකයින් සිය ජංගම දුරකථනයන්ට අවශ්‍ය සේවා යාවත්කාලීන කිරීම් සිදු කර ගැනීම අප අනිවාර්ය කොට සලකන අතර මෙහිදී පරිශීලකයින්ට ඉතාමත් පහසුවෙන් එම නියෝජිතයන් හා ළඟා වීමට අවස්ථාවක් සපයමින් අප විසින් සේවා මධ්‍යස්ථාන 6ක් දිවයින පුරා පිහිටවනු ලැබුවා. මෙම සේවා ස්ථානයන් සුවිශේෂී තාක්ෂණික කුසලතාවයන්ගෙන් පිරිපුන් කාර්ය මණ්ඩලයකින් සහ සම්පත් වලින් පරිපුර්ණ වනවා”

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *