Sinhala

සොලෙක්ස් සමූහ ව්‍යාපාරය විසින් කතරගම, ගෝතමීගම ජනතාව සඳහා පිරිසිදු ජලය ලබා දීමේ සමාජ සත්කාරය

ජල පොම්ප කර්මාන්තයේ ප්‍රමුඛතම බලවේගය වන සොලෙක්ස් පසුගිය දා කතරගම ගෝතමීගම ප්‍රදේශවාසීන් සදහා පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම සමාජ ව්‍යාපෘතිය සොලෙක්ස් හි තවත් එක් සන්ධිස්ථානයක් වන අතර මෙම  ගම්මානයේ වැසියන් සදහා  “පිරිසිදු පානීය ජලය” ලබා දීමට  හැකියාව මෙමගින් ලැබිනි.

ගෝතමීගම,කතරගම නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයකි. එහි අඩු ආදායම් ලාභී පවුල් 500කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. මෙම ගම්මානයේ පිරිසිදු ජලය සඳහා ස්ථාවර ප්‍රවේශයක් නොතිබූ අතර දූෂිත ජලය පරිභෝජනය කිරීම සාමාන්‍ය සිදුවීමක්ව පැවතුණි. මෙම ව්‍යාපෘතිය සඳහා සොලෙක්ස් නල ළිඳක් සහ පාලන පුවරුවක් පරිත්‍යාග කර ස්ථාපනය කරන ලද අතර එය අතිශය වියලි ප්‍රදේශයක් බැවින් ස්වාභාවික ජල මූලාශ්‍රයක් සොයා ගැනීම සඳහා අඩි 200 ක ගැඹුරක් කැණීමට සිදුවිය.

සෝලෙක්ස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සඳිනි විජයසිරි මෙනවිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ඇය දිගු කලක් මුළුල්ලේ ගෝතමීගම ප්‍රජාවට ජලය සැපයීමේ හිඩැසක් දුටුවාය.මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ කොවිඩ්-19 වසංගතය දැඩිව පැතිර යන කාල පරිච්ඡේදයක බැවින් එම ව්‍යාපෘතියේ සේවය කල සියලු ආයතනික සේවකයින්ට එමගින් දැඩි අවධානම් තත්වයක්  පැවතුනි.

මෙම ජල ව්‍යාපෘතිය වෛද්‍ය සඳිනි විජයසිරි මෙනවියගේ සුරතින් අභිනවාරාම විහාරස්ථානයේ නායක හිමිපාණන් වන පූජ්‍ය කපුගම සරණතිස්ස හිමිපාණන් සහ කිරි වෙහෙර විහාරස්ථානයේ අනුනායක හිමිපාණන් වන කැදැල්ලකැටියේ පේමරතන හිමිපාණන් ගේ ආශිර්වාදය මධ්‍යයේ ජනතා අයිතියට පත් කෙරිණි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සදහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහයෝගයද හිමි විය

ව්‍යාපෘතිය පිළිබඳ විස්තර කරමින් වෛද්‍ය විජයසිරි මෙනවිය වැඩිදුරටත් මෙසේ පැවසීය. “ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබීම සතුටට කරුණක්. එමෙන්ම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රුවන් මහතා සහ හර්ෂ වන්නිආරච්චි මහතා ලබා දුන් සහයෝගය මම අගය කරනවා. තවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට  මගේ ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.Covid-19 වසංගතය වැනි අභියෝගාත්මක කාල පරිච්චේදයකදී  සොලෙක්ස් සේවක කණ්ඩායම දරනු ලැබූ උත්සාහය හා කැපවීම මම බෙහෙවින් අගය කරනවා.වසංගතය අතරතුර, සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඇති ආරක්ෂිතම ක්‍රමයක් වන්නේ සනීපාරක්ෂාව වන බැවින්  දැන් ජලය අපට වෙන කවරදාටත් වඩා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.අපි සමාගමක් ලෙස වසරකට වරක් ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසිදු ජලය සැපයීමට බලාපොරොත්තු වන අතර ඉහළ අධිකාරියක් ඇති නිලධාරීන්ගේ සහාය ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *