Sinhala

Huawei විසින් ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල හා එක්ව 5G, Cloud සහ AI තාක්ෂණයන් භාවිතයෙන් ඩිජිටල්කරණය වේගවත් කළ හැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වයි

නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත.  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත.  මෙම වැඩසටහන බහුජාතික සංවිධාන, දේශීය ව්‍යාපාර, පළාත් පාලන ආයතන අතර සබඳතා ගොඩනඟා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ කොටස්කරුවන් වීමට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ ආයතනයන් දිරිමත් කළේය. මෙහිදී Huawei විසින් ගෝලීය තාක්‍ෂණ සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තයේ ප්‍රවණතා සහ අති නවීන තාක්‍ෂණයන් පිළිබඳ නව්‍ය විසඳුම් හා සේවා ඉදිරිපත් කරන ලද අතර, Huawei විසින් දේශීය තාක්‍ෂණ පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ විවිධ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

අද අප ජීවත් වන ලෝකයේ තාක්ෂණය අප සිතුවාටත් වඩා වේගයෙන් දියුණු වෙමින් පවතී. 5G, ක්ලවුඩ් සහ AI වැනි ඩිජිටල් තාක්‍ෂණයන් වේගයෙන් ඉදිරියට යමින් පවතී. මෙවැනි තාක්ෂණික දියුණුවක් පවතින පරිසරයක් තුළ, ICTA විසින් සංවිධානය කරන ලද National Digital Consortia වැඩසටහන සඳහා තාක්‍ෂණ කර්මාන්තයේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ ප්‍රවීණයින්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යුගයේ නවීනතම නවෝත්පාදන ගවේෂණය කිරීමට උනන්දු වන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය හදාරන සිසුන් සහභාගී වී ඇත.

මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ Huawei හි ප්‍රධාන ඩිජිටල් නිලධාරි මයිකල් මැක්ඩොනල්ඩ් පවසා සිටියේ වේගයෙන් වර්ධනය වන AI, IoT, 5G, සහ ජීව විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාව වැනි නව තාක්‍ෂණයන් අපගේ සමාජයට ඒකාබද්ධ වී ගෝලීය සාර්ව ප්‍රවණතා කෙරෙහි බලපානු ඇති බවයි.  තවද, “බුද්ධිමත් තාක්‍ෂණයයන් ශ්‍රී ලංකාව වැනි රටවල තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර ආර්ථික වර්ධනය සඳහා නව ධාවකයක් බවට පත්වනු ඇත. එය ස්මාර්ට් නගර ගොඩනැගීමට, කර්මාන්තවල ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීමට සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත. AI තාක්ෂණයේ වර්ධනය, ඩිජිටල් ආර්ථිකයන් සිට බුද්ධිමත් ආර්ථිකයක් දක්වා ආර්ථිකයන් පරිවර්තනය කිරීම බලගන්වයි. ඔහු පවසන අන්දමට මුලදී, AI සහ තොරතුරු තාක්ෂනයන් හට ආර්ථිකයන්හි යටිතල පහසුකම්වල සහයෝගීතාවය සහ කාර්ය සාධනය ප්‍රශස්ත කළ හැකි අතර, දෙවනුව තීරණ ගැනීමේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට උපකාර කළ හැක.AI විසින් ගෙන එන මෙම වාසි දෙක සමස්ත සමාජයේ සහ ආර්ථිකයේ ඩිජිටල් පරිවර්තනයට පහසුකම් සපයන අතර නව නිෂ්පාදන සහ සේවාවන් බිහි කරයි.මැක්ඩොනල්ඩ් පැවසුවේ ඩිජිටල් පරිවර්තනයන්, ආර්ථික සංවර්ධනය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වන බව ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින් අවබෝධ කරගෙන සිටින බවයි. 5G සහ AI හි වේගවත් සංවර්ධනය අපගේ ජීවිත සහ ලෝකය ගැඹුරින් වෙනස් කරනු ඇති බවත්, මෙය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්  ආයෝජනය කිරීම මත රඳා පවතින බවත් ඔහු පැවසීය.මැක්ඩොනල්ඩ් යෝජනා කළේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින සහ නැඟී එන ජාතියකට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ආයෝජන සිදුකිරීම වඩාත් ඵලදායී බවයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ Huawei Cloud Asia Pacific Region හි උපදේශක Neo Teck Guan මෙලෙස පවසයි. ” නව ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාප්තිය, සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට මග පාදන බවත්, එය වඩාත් ඵලදායි නගර පාලනය සඳහා හේතු වනු ඇති බවත් අවධාරණය කළේය.රජයේ ක්‍රියාවලි සහ සේවාවන් සඳහා වූ මධ්‍යගත ඩිජිටල් පද්ධති, රජයේ සේවාවන් සඳහා ප්‍රවේශය පහසු කරනවා මෙන්ම පරිශීලක-හිතකාමී  බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ Huawei Cloud APAC හි රාජ්‍ය අංශයේ අධ්‍යක්ෂ Roy Chen Qi මෙලෙස පවසා සිටියි.  “වර්තමානයේ සෑම සමාගමක්ම පාරිභෝගික අත්දැකීම් තුළින් සිය කාර්ය සාධනය මනිනු ලබනවා. මෙහිදී Cloud-Enabled සහ cloud-delivered ව්‍යාපාරික ආකෘතියක් මඟින් ඉහළ මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා ආයතනවලට සහාය සපයනවා. වර්තමානයේ දත්ත භෞතික උපාංගවල සුරැකෙන්නේ නැත, නමුත් රජයට සහ ව්‍යාපාරවලට පරිපාලනය වඩා හොඳින් කළමනාකරණය කිරීමට, ක්‍රියාවලීන් විධිමත් කිරීමට, ඵලදායිතාව වැඩි කිරීමට, පිරිවැය ප්‍රශස්ත කිරීමට සහ පාරිභෝගික ඩිජිටල් අත්දැකීම වැඩි කිරීමට උපකාර වන තාක්ෂණයක් ලෙස Cloud තාක්ෂණයන් හඳුන්වා දෙන්න පුළුවන්. 

මෙහිදී අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා හි උප සභාපති ඉන්දික ද සොයිසා මහතා මෙලෙස පවසා සිටියි.  “මෑත වසර දෙකක කාලය තුළ Huawei සමාගම විසින් Huawei Asia Pacific Academy නමින් ICT කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන දේශීයව ව්‍යාප්ත කිරීමට කටයුතු කළා.  මේ හරහා දැනුම හුවමාරුව වැඩි දියුණු කිරීම, විදුලි සංදේශ ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවබෝධයක් සහ උනන්දුව ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය සංවර්ධනය ඇති කිරීම සහ ක්ෂේත්‍ර සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ දිරිගැන්වීම සඳහා Huawei විසින් සාධක  3ක් කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළා. එනම්, මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තීය පුහුණුව සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධ නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින්.   මෑතකදී මොරටුව විශ්ව විද්‍යාලයේ Huawei ICT Academy දියත් කිරීම,  දෘඪාංග ස්ථාපන කුසලතා සමඟින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩි දියුණු කිරීමට දායක වන NAITA-Huawei ICT ඇකඩමිය දියත් කිරීම සුවිශේෂී ව්‍යපෘති ද්විත්වයක්.  තවද Huawei හි ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන “Seeds For The Future” 7වන වරටත් දේශීයව ක්‍රියාත්මක කිරීමට Huawei සැළසුම් සිදුකරමින් සිටිනවා.  තවද Huawei විසින්, ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය අනාගත දක්ෂතා පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 5 සඳහා රුපියල් මිලියන 600ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද හෙතෙම පැවසීය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *