Sinhala

ICTA විසින් සංවිධානය කළ National Digital Consortia අති සාර්ථකව නිම වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන්   ජනවාරි 10 සිට 13 දක්වා  පැවති  National Digital Consortia වැඩසටහන  අතිසාර්ථකව නිමාකිරීමට හැකිවු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සය දෙනාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුන අතර මේ සඳහා FITIS, SLASSCOM, BCS හා CSSL යන සංවිධාන සහායවි තිබේ. මෙහිදී ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රය හා සම්බන්ධ නවතම භාණ්ඩ හා සේවා තොරතුරු සහ ප්‍රවණතා පිළිබඳ සාකච්චාවට ලක්විය.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය බලාත්මක කිරීම හා සැබැඳි ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස, ICTA මඟින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව නවතම තාක්ෂණික ප්‍රවණතාවන් වෙත යොමුකිරිම අපේක්ෂා කරනු ලබන බව මෙම අවස්ථාවට එක්වෙමින් ICTA හි ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිළධාරී, අනුර ද අල්විස් මහතා ප්‍රකාශකරනලදී. මෙවැනි දැවැන්ත ආයතන හයක් හා සම්බන්ධිතව මෙවැනි වැඩසටහනක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, තාක්ෂණික ක්ෂේත්‍රය, තාක්ෂණික ලැදි පාර්ශව මෙන්ම මහජනතාව තාක්ෂණික පරිසරය තුළ සිදුවන නවතම ක්‍රියාවලීන් වෙත යොමුකරවිමත් එතුළින් ඩිජිටල්කරණයට ඔවුන් හුරු කරවීමත්  මෙමඟින් අපේක්ෂා කරනුලැබේ. “

තවදුරටත් අදහස් දැක්වූ අනුර ද අල්විස් මහතා, “ඩිජිටල් ආර්ථිකය, ජාතික ඩිජිටල්කරණ උපාය මාර්ගයන් තුළ ඉතා වැදගත් භූමිකාවක් ක්‍රියාත්මක කරනවා. අප මේ සිටින්නේ අපගේ ජාතික ඩිජිටල්කරණ උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේ අවධියක. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික වර්ධනය සියැසින් දැක්ගන්නට ලැබීම ඉතා සතුටට කරුණක්. ඉතිහාසයේ ප්‍රථම වරට අපට ඩිජිටල් ආර්ථික වර්ධනයන් තක්සේරුකිරීමේ හැකියාවක් දැන් උදාවී තිබේ. ඒ වගේම දල දේශීය නිෂ්පාදිතය වෙත ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය 4.37% ක අගයක් ලෙස සටහන් වෙනවා.”

කෘෂිකාර්මික, සෞඛ්‍යය, අධ්‍යාපනික හා මූල්‍ය තාක්ෂණික යන අංශයන් ට අදාල තාක්ෂණික ප්‍රවණතාවන්, රාජ්‍ය ඩිජිටල්කරණය හා සම්බන්ධ සිද්ධි අධ්‍යයනයන් මෙන්ම සයිබර් ආරක්ෂණය හා පාරිභෝගික සබඳතා ද මෙම වැඩසටහන තුළ දී සාකච්චා කෙරුණු අනෙකුත් මාතෘකාවන් අතර ප්‍රධානත්වය උසුලනු ලැබිණි.

ජනවාරි 10 දින, වැඩසටහනේ ප්‍රථම සැසිය ඉදිරිපත් කරමින් Google ආයතනය Google Cloud ආධාරයෙන් කෘෂිකාර්මික, අධ්‍යාපනික හා සෞඛ්‍යය යන අංශයන් හි නවෝත්පාදන කාර්යය සිදුකළ හැකි මානයන් පිළිබඳ අවධානය යොමු කරවනු ලැබිණි. තවද මෙම වැඩසටහන තුළ Google Cloud නියෝජනය කිරීම උදෙසා ලබාදුන් අවස්ථාව වෙනුවෙන් ICTA වෙත Google Cloud කණ්ඩායම සිය ස්තූතිය ද පිරිනැමිණි. තව ද දේශීය වෙළෙඳපොල හැසිරීම අධ්‍යයනයට ඔවුන් ට හිමිවූ අවස්ථාවද අගය කිරීමට ලක් වූ අතර, ඉදිරියේදී ද මෙවැනි අවස්ථාවන් සඳහා සිය දායකත්වය සැපයීම පිළිබඳව උනන්දුවෙන් පසුවන බව ද වැඩසටහන අතරතුර ප්‍රකාශයට පත් කෙරිණි. Amazon Web Services (AWS) ආයතනයේ නියෝජිතයන් විසින් කෘත්‍රිම බුද්ධිය හරහා කෘෂිකාර්මික හා අධ්‍යාපනික යන ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධව සිය අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

වැඩසටහනේ දෙවන සැසිය Zoom ආයතනය විසින් ජනවාරි 11 දින ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී රාජ්‍ය ඩිජිටල්කරණය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන ලදී.  අනතුරුව පාරිභෝගික සබඳතා නැවත බලාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා වාරයක් පැවැත්විණි. ජනවාරි 12 දින Oracle මඟින් නිෂ්පාදනය කරනලද නිෂ්පාදන 4 ක් සම්බන්ධව සමගාමී සැසි කිහිපයක් පවත්වනු ලැබූ අතර කෘෂිකාර්මික, සෞඛ්‍යය, මූල්‍ය තාක්ෂණික හා අධ්‍යාපනික ක්ෂෙත්‍රයන් හා බැඳුණු සැසියක් ද ඊට අමතරව පවත්වනු ලැබිණි. එමෙන්ම National Digital Consortia හි තම ආයතනයට ලබාදුන් අවස්ථාව සහ මෙවැනි වැඩසටහනක් දියත් කිරීම වෙනුවෙන් මූලිකත්වය ගැනීම යන කරුණු ඔවුන්ගේ ඇගයීමට ලක්විය.

Microsoft ආයතනය මඟින් ජනවාරි 13 වන දා පැවැති අවසන් සැසිය ඉදිරිපත් කරනු ලැබීය. කොවිඩ් 19 සමය තුළ ඉතා දැඩිව කතා බහට ලක් වූ මාතෘකාවක් වන සයිබර් ආරක්ෂණය පිළිබඳ ව සිය අවධානය යොමු කළ Microsoft කණ්ඩායම පසුව ඩිජිටල් ආර්ථිකය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරනු ලැබීය. රැස්ව සිටි පිරිස තුළ මෙම කතාබහ පිළිබඳ තිබූ උනන්දුව Microsoft කණ්ඩායම විසින් අගය කරනු ලැබූ අතර මෙවැනි මහා පරිමාණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය සුභාශිංසන ICTA වෙත පිරිනැමීය. තව ද අනාගත ව්‍යාපෘතීන් වල දී ICTA හා අත්වැල් බැඳගැනීම පිළිබඳ සිය කැමැත්ත ද Microsoft කණ්ඩායම ප්‍රකාශ කරනු ලැබීය.

Huawei සමාගම ද ICTA හා එක්ව වැඩකිරීම පිළිබඳ සිය ප්‍රසාදය මෙහිදී ප්‍රකාශ කළ අතර මෙවැනි අති සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සංවිධායකයන් ට ස්තුතිය පලකරන ලදී.දින 4ක් පුරා පැවැති වැඩසහටහනට 1000 ක පමණ පිරිසක් සහාභාගී වූ අතර, සිය සේවාවාන් ශ්‍රී ලංකාව තුළ මනාව ක්‍රියාත්මක කිරීම උදෙසා මෙමගින් ලැබෙන  පන්නරය පිලිබදව මේ සඳහා සම්පත් දායකත්වය දැක්වූ ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සිය කෘතඥතාව ප්‍රකාශ කරනු ලැබීය.

ICTA පිළිබඳව

ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ දේශයක් කිරීමේ දැක්ම පෙරදැරි කරගෙන අප රට තුල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ ක්‍රියාවලිය තුල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) පෙරමුණ ගෙන කටයුතු කරයි. ඩිජිටල් තාක්ෂණයෙන් සවිමත් ශ්‍රී ලාංකීය පුරවැසියන් බිහිකිරීමට සඵලදායී ඩිජිටල් පහසුකම් සපයමින් ICTA ආයතනය මහත් පරිශ්‍රමයක් දරමින් සිටි. වැඩි විස්තර සඳහා www.icta.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *