Sinhala

ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.

Global Solutions යනු අක්ක‌රේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත. අවස්ථා කළමනාකරණයේ පරිපුර්ණ සේවාවක් ලබා දීමේ Global Solutions හි අරමුණ මෙම ආහාර නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ විවිධාන්ගිකරණයට ලක් කරමින් සපුරා ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

Global Solutions හි නිර්මාතෘ තිල්ෂාන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ ‘Make Your Event Memorable’ යන Global Solutions හි අපගේ ආදර්ශ පාඨය පෙරදැරිව මෙහෙයුම් කටයුතු කරගෙන යනු ලබනවා. අපගේ ආයතනය මගින්  ස්ථාන කළමනාකරණයේ සිට විදුලි පහන්, ශබ්ද විකාශන සහ ප්‍රවාහනය ආදී සේවාවන් රාශියක් පිරිනමනු ලබනවා. අපගේ උත්සව වලදී සුලු කෑම සහ බීම සපයන අතරම ආහාර සැපයීම දක්වා අපගේ සේවාවන් තව දුරටත් මෙහිදී පුළුල් කර තිබෙනවා. විශේෂයෙන්ම තවත් පියවරක් ඉදිරියට ගොස් විවිධ අවස්ථාවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න සහ නැවුම් නිෂ්පාදන පිරිනැමීමට අවශ්‍ය වුවා. ඒ අනුව Dlight නමින් අපගේම සන්නාමයක් දියත් කිරීමට පියවර ගනු ලැබුවා. අපගේ පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්නව සහ ඉක්මනින් ආහාර පාන ලබා දීමේ අරමුණින් Dlight යටතේ ක්ෂේත්‍රය නව පිබිදීමක් ඇති කිරීමට අවශ්‍ය වුනා. ඒ අනුව අපි දැන් අපගේ පළමු අඹ සහ මිශ්‍ර පලතුරු නෙක්ටා බෝතල් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කර තිබෙනවා”

Global Solutions යනු ඡායාරූප ශිල්පියාගේ සිට හෝටල්, ශබ්ද විකාශන ආලෝකකරන පද්ධති ඇතුළු සේවාව දක්වා විවිධ පුද්ගලයින්, කණ්ඩායම් සහ කුඩා ව්‍යාපාර සඳහා ප්‍රතිලාභ ලබා දෙන පරිපුර්ණ සේවා සපයන්නෙකි. ප්‍රදේශයේ උත්සව සහ අනෙකුත් අවස්ථා කළමනාකරණ කර්මාන්තය සහ ආහාර සැකසුම් කර්මාන්තය වඩාත් දියුණු මට්ටමකට ගෙන එ්ම සඳහා  කැපවෙමින් Global Solutions මෙහෙයුම් මගින් රැකියා උත්පාදනය සිදු කෙරේ.

Dlight දැන් තමන්ගේම විශ්වාසවන්ත සහ වර්ධනය වන පාරිභෝගික පදනමක් ගොඩ නගා ඇත. නැවත නැවත  Dlight වෙත පැමිණෙන පාරිභෝගිකයින් එහි පලතුරු නෙක්ටා, කාබනික ආහාර සහ තරඟකාරී මිල ගණන් පිළිබඳ ප්‍රසාදය පල කරති. උණුසුම් ගිම්හාන කාලයේදී ඉතා ජනප්‍රිය වන අඹ නෙක්ටා සහ මිශ්‍ර පලතුරු නෙක්ටා නැගෙනහිර පළාතේ සහ උතුරු පළාත්වල මිලි ලීටර් 200, 500 සහ ලීටර් 1 බෝතල් ලෙස බෙදා හරිනු ලැබේ.

Thilshan ඇතුළු කණ්ඩායම Dlight නිෂ්පාදන එකතුවට දිවුල් සහ කෝමාරිකා නෙක්ටා ද එකතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි. එසේම Global Solutions යටතේ  Dlight නිෂ්පාදන ලෙස ජෑම්, කෝඩියල්, අයිස් කොෆි, සහ ස්වභාවික පාන වර්ග රැසක් එක් කිරීමට සැලසුම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), Global Solutions ආයතනය සඳහා HackaDev හරහා තාක්ෂණිකව සහ මූල්‍යමය වශයෙන් සහය දක්වයි.  එය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ හා නවෝත්පාදන වැඩසටහනකි. එමඟින් මෙරට තරුණ තරුණියන් වඩාත් නව්‍ය ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශය සවිබලය ලබා දෙමින් වඩාත් හදිසි සංවර්ධන අභියෝගයන් තිරසාර ලෙස විසඳීමට ශ්‍රී ලාංකික මීළඟ පරම්පරාවට නායකත්වය ලබා දෙයි.

HackaDev Enterprise Support Program (HESP) යනු COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ HackaDev ආදි ශිෂ්‍ය ජාලයේ ව්‍යවසායන් යළි ගොඩනැගීම සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගත් වැඩසටහනකි. එමගින් 2020/21 වසරේදී ව්‍යවසායන් 15කගෙන් යුතු වැඩසටහනේ සාර්ථක පළමු කණ්ඩායම සඳහා මාස 06ක පුළුල් සංවර්ධන සහාය ලබා දුන්නේය. HESP යටතේ Curve Up ආයතනය මෙම ආධාරක ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සහ මුලික ආධාර කළමනාකරණ හා විශේෂඥ සේවා සපයන්නා ලෙස ක්‍රියා කරයි. ඒ අනුව එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට දායක වෙමින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව ගමනේදී අවශ්‍ය සහය සහ සාර්ථක මගපෙන්වීම ලබා දීමට සමත් වී ඇත.

මිනිසුන් හමුවීම, ඔවුන්ගේ අවශ්‍යතා හොඳින් අවබෝධ කර ගැනීම සහ පැමිණෙන අභියෝග ප්‍රගතිශීලී ව්‍යාපාරික අවස්ථා බවට පරිවර්තනය කිරීමට හැකිවීම  පිළිබඳ අත්දැකීම් සහිත තිල්ෂාන් ප්‍රදේශයේ ව්‍යවසායකයන් වීමට බලාපොරොත්තුවන බොහෝ දෙනෙකුට උපදේශකයෙකු බවට පත්වී සිටී. ඔහු දැන් තරුණ තරුණියන්ට ඔවුන්ගේ අභියෝග මධ්‍යයේ ජීවිතය ඉදිරියට ගෙන යාමට ආදර්ශයක් වී ඇත.

“නිෂ්පාදනය දියත් කිරීමේදී වෙළඳපල පර්යේෂණයේ සිට වෙළඳ නාමකරණය සහ වෙළඳ භාණ්ඩකරණය දක්වාත් එය නිෂ්පාදනය කිරීම දක්වාත් වූ ගැටළු වලට UNDP සහ CurveUp විසින් ලබා දෙන ලද සහයෝගය සහ උපදේශනය අපගේ සාර්ථකත්වයට හේතු වී තිබෙනවා.” යැයි ඔහු මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

Curveup හි සභාපතිවරයා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “UNDP සහාය දක්වන මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ලැබීම ඇත්තෙන්ම අපට ගෞරවයක්. CurveUp විසින් ඔවුන්ට මූලික පදනමේ සිටම සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ හරහා ව්‍යවසායකයින්ට කර්මාන්තය තුල පිබිදීමක් සහිතව ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කිරීමට සහ ප්‍රජාවන් තුළ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමට UNDP සහාය ලබා දී තිබෙනවා.”

Global Solutions දැඩි කැපවීමකින් කරගෙන යනු ලබන මෙම සිසිල් බිම නිෂ්පාදන පෙළ ඉදිරියේදී රට පුරා බෙදා හැරීමට ද ඔවුන් සැලසුම් කර ඇත.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *