Sinhala

vivo Tokyo R&D මධ්‍යස්ථානය වෙත පිවිසෙමු

Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද?

ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක්  සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග වලදී යොදා ගැනීම සිදු කරයි.

මෑතකදී, vivo එහි Tokyo R&D මධ්‍යස්ථානය සිය ජපන් විශේෂඥ කණ්ඩායම සහ රූපකරණ තාක්‍ෂණය සමගින් හඳුන්වා දෙන ලදී. vivo Tokyo R&D මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ මසසුමි මහතා මේ පිළිබඳව තවත් කරුණු අනාවරණය කළේය.

vivo Tokyo R&D මධ්‍යස්ථානය හඳුන්වා දීම

2019 දී, vivo Tokyo R&D මධ්‍යස්ථානය ටෝකියෝ හි ශිම්බෂි හි පිහිටුවන ලද අතර, එය වසර දෙකකට පසුව යෙදිය හැකි තාක්‍ෂණයන්හි පූර්ව පර්යේෂණ සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළේය.

මෙම මධ්‍යස්ථානය වසර දෙකකට පෙර සිට පූර්ව පර්යේෂණ පවත්වන්නේ ඇයි? පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ටෝකියෝව තෝරා ගත්තේ ඇයි? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා, අපි මධ්‍යස්ථානය තවමත් ස්ථාපිත කර නොමැති 2017 වර්ෂය වෙත ගොස් බලමු.

එම වසර තුල  ජංගම දුරකථන වෙළඳපොළ,  පැරණි සහ නව සන්නාම අතර දැඩි තරඟකාරීත්වයක් ඇතිව වේගයෙන් වර්ධනය වූ කාලයක් විය.

මෙම තරඟකාරිත්වය අලෙවිකරණයේ සිට ප්‍රධාන තාක්‍ෂණයන් වෙත මාරු වීමත් සමඟ, වෙළඳ සහ නිෂ්පාදන අංශය විසින් නිතර භාවිතා කරන ලද යෙදුමක් වූ “ගෝලීයකරණය” R&D අංශයේ පෙනී සිටීමට ද පටන් ගත්තේය. vivo එම වසරේදීම සිය ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපායමාර්ගය දියත් කිරීම නිවේදනය කරමින් අලුත් පියවරක් තැබුවේය.

“ජපානය සතුව ජංගම රූපකරණ සංවර්ධනය පිළිබඳව වසර 100 කට වඩා වැඩි ඉතිහාසයක් පවතිනවා. එය චිත්‍රපටයේ සිට ඩිජිටල් රූපකරණය දක්වා  (කාච, සංවේදක සහ මෝටර ඇතුළුව) විශාල සංක්‍රමණයකට භාජනය වී තිබෙනවා” මසසුමි මහතා විශ්වාස කරන්නේ ජංගම කැමරා තාක්‍ෂණය දියුණු කළ හැක්කේ ශක්තිමත් සහ පරිණත රූපකරණ කර්මාන්තයක පදනම මත පමණක් බවයි,  R&D මධ්‍යස්ථානය ටෝකියෝවේ පිහිටීම විශාලතම වාසියයි.

ටෝකියෝ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් සමඟ එහි අවධානය ක්‍රමයෙන් ජංගම දුරකථන රූපකරණයේ සිට මෝටර් රථ කැමරා, ක්‍රීඩා කැමරා සහ කාර්මික කැමරා වැනි වඩාත් වැදගත් ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇත.

මෙම තාක්ෂණයන් වෙනත් වෙලඳපොලවල සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වී නොතිබිය හැකිය. නමුත් vivo signature gimbal කැමරාව එළිදැක්වීමත් සහ vivo හි ගෝලීය නිෂ්පාදන පදනම් සම්පූර්ණ කිරීමත් සමඟ ඉහත තාක්ෂණයන් සාර්ථක ලෙස යෙදවීම කෙරෙහි අවධානය යොමු කිරීම සිදු කල හැකිය.

පාරිභෝගික අවශ්‍යතා මූලික පදනම කොටගත් vivo හි අනාගත වැඩපිළිවෙල

vivo හි ආයතනික සංස්කෘතිය තුළ, පරිශීලක-අභිමුඛව කටයුතු කිරීම vivo හි පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මෙහෙයවන ප්‍රධාන මූලධර්මය වේ. එය gimbal camera ව V1 imaging chip යන මේ සියල්ලටම එකසේ අදාල වන අතර vivo හි පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ සමස්ත සමාලෝචනය මත පදනම් වේ.

නවතම දත්ත සහ තාක්‍ෂණික ප්‍රවණතා පිළිබඳව මූලස්ථානය සමඟ සන්නිවේදනය කිරීමේදී මසසුමි මහතා මෙසේ සිය අදහස් දැක්වීය “අපි දැන් බොහෝ විට මගින් පවත්වනු ලබන රැස්වීම් මත විශ්වාසය තබන නමුත්, අපි ඇත්ත වශයෙන්ම වෙනදාට වඩා  සන්නිවේදනයේ  යෙදෙන අතර තොරතුරු හුවමාරුව වෙන කවරදාටත් වඩා සුමටව  සිදු වෙනවා” මුලස්ථානයෙහි සැලසුම්/නිෂ්පාදන කණ්ඩායම පරිශීලක ප්‍රතිචාර මත පදනම්ව ස්මාර්ට්ෆෝන් රූපකරණයේ අනාගත පර්යේෂණ ප්‍රවණතා විශ්ලේෂණය කරයි. මෙම තොරතුරු පසුව ටෝකියෝ පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම සමඟ බෙදා ගැනීමට නියමිතය.

මෙම ක්‍රියාවලියේදී, ගෝලීය වශයෙන් ඉල්ලුම වෙනස් වන බව මසසුමි මහතා වටහා ගත්තේය. “ගෝලීය පාරිභෝගිකයින්ට HD රූපකරණය පිළිබඳ ඉහළ අපේක්ෂාවන් ඇත, නමුත් දුරකථනය තුළ කාච මොඩියුලය සඳහා අඩු ඉඩක් ඉතිරි වේ.”

මෙම කරුණ සැලකිල්ලට ගනිමින්, අනාගත රූප දෘඪාංග සංවර්ධනයේ එක් ප්‍රධාන දිශාවක් වන්නේ එය “කුඩා සහ ඒකාබද්ධ” බවට පත් කිරීම බව මසසුමි මහතා විශ්වාස කරයි. ඔහු ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කළේය “කැමරා කාච දැන් සාමාන්‍යයෙන් එකතු කර පවතින්නේ. නමුත් අනාගතයේදී, ඒවා සියල්ලම එක කැබැල්ලකට ඒකාබද්ධ කොට, වඩාත් සංවේදී සහ වේගවත් සංවේදක සමඟින් ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇත.

ටෝකියෝ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවීම vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපායමාර්ගයේ සාරාංශයයි. 2017 දී, vivo යෝජනා කළේ එහි තාක්ෂණික පර්යේෂණ තවදුරටත් තනි අංශ කෙරෙහි අවධානය යොමු නොකරන අතර සමස්තයක් ලෙස ස්මාර්ට් ජංගම දුරකතනයේ නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කරන බවයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා vivo සතුව  R&D මධ්‍යස්ථාන 10ක් ඇත. Shenzhen, Dongguan, Nanjing, Beijing, Shanghai, Hangzhou, Xi’an, Taipei, San Diego සහ Tokyo හි ඒවා ස්ථාපිතකොට ඇති අතර  ඒවා නවීනතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණ සහ සේවා වන 5G, කෘත්‍රිම බුද්ධිය, කාර්මික සැලසුම්, රූපකරණ පද්ධතිය සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන් සංවර්ධනය සඳහා කැප වී සිටී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *