Sinhala

SHAKO Riding Helmets දැන් ශ්‍රී ලංකාවේ

SLS සහතිකය සහිතව වෙළඳපලට පැමිණෙන SHAKO හෙල්මට් 100% ක් පරීක්‍ෂණ ආශ්‍රයෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත. සැහැල්ලු බරක් සහ දිගු කල් පැවැත්මක් ඇති SHAKO හෙල්මටයේ වැඩිදියුණු කල, ඉහළ ඝනත්වයකින් යුත් EPS ලයිනරය මගින් ධාවකයාට උපරිම ආරක්‍ෂාවක් ලබාදේ. Anti-Scratch තාක්‍ෂණය මගින් වයිසරය (VISOR) හරහා පැහැදිලි දෘශ්‍යතාවක් ලබා දේ. SHAKO සඳහා යොදා ඇති උසස් තත්වයේ ඇතුලත රෙදි හා ඝනකම වැඩි  කුෂන් මගින් ධාවකයාට උපරිම පහසුවක් ලබා දෙන අතර දිගුකාලයක් පැළඳ සිටීමේදී ඇතිවන අපහසුතා අවම කරයි. ධාවකයාගේ හිස සහ හෙල්මටය අතර ශක්තිමත් බැඳීම   සහතික කිරීම සඳහා හෙල්මටයට ශක්තිමත් පටියක් හා ගාංචුවක් අඩංගු කර ඇති අතර මෙම පටිය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ වාහන ආසන පටි නිෂ්පාදනය (Vehicle Seat Belts) සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මගිනි. එමගින් ආරක්‍ෂාව සහ ශක්තිය උපරිම කරයි. SHAKO හි පිටත ආවරණය Reinforced virgin ABS අමුද්‍රව්‍ය මගින් නිපදවා ඇති අතර එමගින් එහි ආරක්‍ෂාකාරී බව ඉහළ නංවා ඇත. බාහිර ආවරණයෙහි (Shell) යොදා ඇති තීන්ත ඉහළ කල්පැවැත්මක් සහතික කිරීම වෙනුවෙන් යොදා ඇත. එබැවින් SHAKO  හෙල්මටය ශ්‍රී ලංකාවේ ආරක්ෂිතම යතුරුපැදි හෙල්මටය විය හැකිය.

SHAKO ශ්‍රී ලංකාවේ අලෙවිය සහ බෙදාහැරීම සිදුකරනු ලබන්නේ ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ සාමාජිකයෙකු වන ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගමයි. SHAKO නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ එම ව්‍යාපාර සමූහයේම තවත් සාමාජිකයෙකු වන හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පර්යේෂණ හා සංවර්ධන සමාගමක් වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා (පුද්) සමාගම මගිනි. SHAKO හෙල්මට් ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ උත්සවයට එක්වෙමින් ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මෙසේ අදහස් දැක්වීය. “SHAKO යනු හුදෙක් හිස් ආවරණයක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය නිෂ්පාදිතයක්. SHAKO හෙල්මටය Inventive Polymers Lanka සමාගමෙහි නවීන විද්‍යාගාර තුල පර්යේෂණ වලට භාජනය කර සංවර්ධනය කර ඇති  නවීන නිපැයුමක්. සමස්ත වශයෙන් ගත්විට SHAKO ශ්‍රී ලංකාව තුල ඇති අනෙකුත් හෙල්මට් අතර මිනුම් ලකුණක් ලෙස නම් කරන්න පුලුවන්”

 Inventive Polymers Lanka සමාගම  (IPL) 2009 වසරේදී ආරම්භ කරන ලදී. මෙම සමාගමේ මූලික කාර්යභාරය වන්නේ ප්‍රතිචක්‍රීකරණය කල හැකි පොලිමර් නිෂ්පාදන නිර්මාණය කිරීම හා සංවර්ධනය කිරීමයි. ඉහල ගුණාත්මක බවකින් යුතු නිෂ්පාදන සැපයීම සඳහා ආයතනය විසින් අති නවීන ප්ලාස්ටික් අච්චු සහ පරීක්‍ෂණ යන්ත්‍රෝපකරණ සඳහා ඉහල ආයෝජනයක් සිදු කර ඇත. දැනට, සමගම විසින් SHAKO හෙල්මට් වලට අමතරව මුහුණු ආවරණ (Re – usable face shields), රථ වාහන අංක තහඩු රඳවන (Number plate garnishes) සහ තවත් නිෂ්පාදන කිහිපයක්ම සිදුකරනු ලබයි. සමාගම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර නව නිෂ්පාදන කිහිපයක්ම දැනට සැලසුම් කිරීමේ අදියරේ පවතී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *