Sinhala

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෝපි උළෙල තුලින් “දේශීය කෝපි” ප්‍රවර්ධනයට පියවර

ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන වෙළඳපල සංවර්ධන පහසුකම (MDF), ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය සමඟ සහයෝගීව කටයුතු කරන අතර , ශ්‍රී ලංකාවේ කෝපි අංශයේ නියෝජිතයින් 100 කට අධික පිරිසක් ප්‍රථම ‘ශ්‍රී ලංකා කෝපි උළෙල’ සඳහා එක් කර ගන්නා  ලදී.

ශ්‍රී ලංකාවේ  “විශේෂිත කෝපි” සහ “නැවත නැඟී එන කෝපි” සංස්කෘතිය සැමරීමක් වන මෙම උත්සවයට ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලැබුණි. දේශීය කෝපි වටිනාකම් පිළිබද විවිධ පාර්ශ්වකරුවන් විසින්  අවධානය යොමු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ කෝපි වල අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයට වටිනා අවස්ථාවක් සලසා දෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවාද, ජාත්‍යන්තර කෝපි විශේෂඥයින්ගේ ඉදිරිපත් කිරීම් සහ දේශීය විශේෂිය කෝපි සන්නාම ප්‍රදර්ශනය කෙරෙන කෝපි ප්‍රදර්ශනයක් ද ඇතුළත් විය.ශ්‍රී ලාංකේය විශේෂිත කෝපි පිළිබඳ MDF-Roar Media වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සහ MDF හි “ඇරබිකා කෝපි වටිනාකම් දාම විශ්ලේෂණය” එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

“විශේෂිත කෝපි” නිෂ්පාදකයින් සඳහා දැවැන්ත වෙළඳපොල අවස්ථාවක්  වර්තමානයේදී  දක්නට ලැබේ. ගෝලීය කෝපි  වෙළෙඳපල  2018 හි ඇමරිකානු ඩොලර් බිලියන 35 සිට 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.මෙම වැඩිවන ඉල්ලුමට අනුකූලව, මෑත කාලයේදී  ශ්‍රී ලංකාවේ කෝපි අපනයනය 2017 සහ 2019 අතර  84% කින් වර්ධනය වී ඇත.කෝපි කර්මාන්තය සදහා  පෞද්ගලික අංශයෙන් වැඩි ආයෝජනයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ හෝටල්, ආපනශාලා සහ කැෆේවල දේශීයව වගා කරන කෝපි සඳහා ඉහල ඉල්ලුමක් පවතී.

ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන MDF හරහා ශ්‍රී ලංකාවේ “විශේෂිත කෝපි” අංශය සඳහා ඕස්ට්‍රේලියාවේ නොමද සහාය ලබා දේ.

මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා මෙසේ  සඳහන් කළේය.“වඩා ශක්තිමත් කෝපි අංශයක් මඟින් ශ්‍රී ලංකාවට තවදුරටත් අපනයන අවස්ථා සලසා දෙන අතර ග්‍රාමීය කෝපි වගාකරන්නන්ට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙන් ප්‍රතිලාභ ද සැලසෙනවා.ශ්‍රී ලංකාවේ විශේෂිත කෝපි අංශය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරීව හවුල් වීමට ලැබීම ගැන ඕස්ට්‍රේලියානු රජය නිහතමානිව  ආඩම්බර වෙනවා.”

ශ්‍රී ලංකාවේ විශේෂිත කෝපිවලින් 80%කට ආසන්න ප්‍රමාණයක් වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා වතු හිමි කාන්තාවන් වීම විශේෂත්වයකි.”

“පෞද්ගලික අංශය හරහා “දේශීය කෝපි” දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රචලිත කිරීමේ අපගේ ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් ඇති අතරම දේශීය තේ මෙන්ම කෝපි වලටද ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති වීමට හැකියාව ඇත. ශ්‍රී ලාංකේය කෝපි කර්මාන්තය නඟා සිටුවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් උපාය මාර්ගිකව එක්ව කටයුතු කිරීම අපගේ ඉලක්කයයි” යනුවෙන් ලංකා කෝපි සංගමයේ සභාපති රිනෝෂ් නසාර් මහතා පැවසීය.

ජාත්‍යන්තර කෝපි ගැනුම්කරුවන් කුඩා වතු හිමියන්ගේ තිරසාරව නිෂ්පාදනය කරන විශේෂිත කෝපි මිලදී ගැනීමට වැඩි  උනන්දුවක් දක්වන  අතර එහිදී ඔවුන්ගේ මිලදී ගැනීමේ ප්‍රතිලාභ කුඩා වතු හිමියන් සහ ග්‍රාමීය ප්‍රජාවන් අතර   බෙදී යයි.

ගෝලීය හරිත කෝපි සමාජ ව්‍යවසායකයෙක්  වන Raw Material හි අධ්‍යක්ෂ මැට් ග්‍රේලි  මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසුවේය. “විශේෂිත කෝපි සඳහා ජාත්‍යන්තර වෙළඳපොල වර්ධනය වීම ශ්‍රී ලංකාවේ කුඩා වතු හිමියන්ට විශාල අවස්ථාවක් වෙනවා.මෙම නවීන පාරිභෝගිකයින් නිසා  කෝපි වගා කරන බොහෝ කාන්තාවන් ඇතුළු දේශීය වැවිලිකරුවන්ට ඉහල  ප්‍රතිලාභයක් හිමි වෙනවා.”

මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් එච්.ඊ. ඩේවිඩ් හොලි,සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා,අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයින්; සහ කෝපි වටිනාකම් දාමයේ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්, වැවිලිකරුවන්,   සහ ගැනුම්කරුවන්, මෙන්ම දේශීය “විශේෂිත කෝපි” අලෙවි කරන හෝටල්,  කැෆේ  සහ  අවන්හල් හිමියන්  සම්බන්ධ විය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *