Sinhala

vivo’s Y series වෙතින් පාරිභෝගිකයින්ට පහසු මිලට නව තේරීම් මාලාවක්

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය ජනප්‍රියතම Y series සඳහා, මිල සහ ඉහළ මට්ටමේ විශේෂාංග අතර සමතුලිතතාවයක් ඇති කරමින් නව තෝරා ගැනීමේ පරාසයක් පාරිභෝගිකයින්ට ඉදිරිපත් කර ඇත. vivo Y20, Y20s, සහ Y53s යනු වෙළඳපොලේ ඇති වඩාත්ම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් තුන වන අතර, ඒ සෑම එකක්ම මධ්‍යම පරාසයේ මිලකින් සහ නවීනතම තාක්‍ෂණයෙන් යුක්තව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික කාර්යයන් පහසුවෙන් හැසිරවීමට හැකිවන පරිදි නිපදවා ඇත. මෙම ස්මාර්ට්ෆෝන් පුළුල් පරාසයක කාර්යයන් සපයන අතර ඡායාරූප ශිල්පීන් සහ ජංගම දුරකථන මගින් ක්‍රීඩා කරන්නන් සඳහා වඩාත් සුදුසු වේ. Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් Abans, Dialog, Singhagiri සහ  දිවයින පුරා සිටින vivo බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැක.

vivo Y20

Y20 හි AI Triple Micro කැමරා සැකසුම 13MP ප්‍රධාන කැමරාවක්, 2MP Bokeh කැමරාවක් සහ 2MP Super Macro කැමරාවකින් සමන්විතය. වැඩිදියුණු කරන ලද bokeh තාක්‍ෂණය හේතුවෙන්, 2MP Bokeh කැමරාව මගින්, පරිශීලකයින්ට චිත්‍රාගාරයකින් ලබා ගන්න ආකාරයේ ගුණාත්මක ඡායාරූප ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. Super Macro කැමරාව මඟින් පරිශීලකයින්ට සෙන්ටිමීටර 4ක් තරම් කුඩා විෂයයන් පවා මනාව ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. Y20 හි එක් පැත්තකින් සවිකර ඇති ඇඟිලි සලකුණු ස්කෑනරය මගින් පරිශීලකයින්ට ඉතා ඉක්මනින් ස්මාර්ට් ජංගම දුරකථනයේ අගුළු ඇරීමට ඉඩ සලසයි.

මීට අමතරව, Y20 දිගුකාලීන 5000mAh බැටරියකින්  සහ reverse charging  තාක්ෂණයෙන් සමන්විතය. 3GB සහ 4GB RAM ප්‍රභේදයකින් සහ 64GB ROM එකකින් සමන්විත මෙම ස්මාර්ට් ජංගම දුරකථනය ජංගම දුරකථන මගින් ක්‍රීඩා කරන්නන්ට  සහ ඡායාරූපකරණයට ලැදි අයට කදිම තේරීමකි.

vivo Y20 3GB රු. 35,900/- වන අතර 4GB  රු. 38,990/- ක් වේ.

vivo Y20s

වඩා වැඩි ග්‍රැෆික් අංගයන්ගෙන් සහිත  ක්‍රීඩා වල දීමට  සහ පරිපූර්ණ චායාරූපයක් ගැනීමට  ප්‍රිය කරන පරිශීලකයින් සඳහා, Y20s යනු බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමේ අත්දැකීමක් සහ හොඳම පන්තියේ කැමරාවක් පිරිනැමීමට විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති  උපාංගයකි.

5,000mAh බැටරියකින් බල ගැන්වෙන Y20s හට එක චාර්ජ් කිරීමකින් අනතුරුව දිගු පැය ගණනක් ක්‍රීඩා කිරීමට සහ HD චිත්‍රපට නැරඹීමට හැකියාව පවතී. මෙම ස්මාර්ට් ජංගම දුරකථනය vivo හි ‘reverse charging’ සමඟින් ද සමන්විත වන අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනයෙන් වෙනත් උපාංග චාර්ජ් කිරීමට  හැකි වේ.  Qualcomm Snapdragon ප්‍රොසෙසරයක් සහ 4GB RAM + 128GB ROM එකක් සමඟින්, Y20s ඇදහිය නොහැකි සැකසුම් වේගයක් ලබා දෙන අතර එමගින් පරිශීලකයින්ට සියලු ආකාරයේ කාර්යයන් කිරීමට සහ කිසිදු අඩුවක් හෝ බෆර් වීමකින් තොරව ඉහළ ග්‍රැෆික් ක්‍රීඩා ධාවනය කිරීමට ඉඩ සලසයි.

කැමරාව සම්බන්ධයෙන් ගත් කල, Y20s උසස් AI Triple Macro කැමරා සැකසුමකින් යුක්ත වන අතර, සුපිරි මැක්‍රෝ කැමරාවක් සමඟින් පැමිණෙන 13MP ප්‍රධාන කැමරාව මගින් පරිශීලකයින්ට පැහැදිලි නාභිගත කිරීමකින් 4cm තරම් ආසන්න විෂයයන් ඡායාරූප ගත කර ගැනීමට ඉඩ සලසයි.  8MP සෙල්ෆි කැමරාව සමග එන face beauty, portrait mode, effects සහ  filters වැනි විවිධ කැමරා මාදිලි මගින් සජීවී රූප නිර්මාණය කිරීම සිදු කරයි. Y20s රු. 43,990/-  මිලකට ලබා ගත හැක.

vivo Y53s

Y53s යනු එහි විචිත්‍රවත් පෙනුම සහ උසස් කැමරාව නිසා තරුණයින් අතර  වඩාත්ම ආදරයට ලක් වූ  ස්මාර්ට්ෆෝන් වලින් එකකි. එය දැරිය හැකි මිල පරාසයක් තුල  සියලුම විශේෂාංග ලබා දෙන අතර  ඡායාරූප ශිල්පීන් සඳහා හොඳම තේරීම වේ.

5,000mAh බැටරියකින් සහ 33W Flash ආරෝපණ හැකියාවකින් යුක්ත වන අතර 11GB දක්වා දීර්ඝ කළ හැකි 8GB RAM එකක් සහිත ප්‍රොසෙසරයකින් සහ 1TB දක්වා පුළුල් කළ හැකි දැවැන්ත 128 storage එකකින් ද සමන්විත වේ. පරිශීලකයින්ට වීඩියෝ නැරඹීම සහ  විශාල ප්‍රමාණයෙන් යුත් ඇප් දිගු වේලාවක් බාධාවකින් තොරව සහ චාර්ජ් කිරීමකින් තොරව භාවිතා කල හැක.

Y53s හි කැමරා 3ක සැකසුම මගින් 64MP ප්‍රධාන කැමරාවක්, 2MP bokeh portrait කැමරාවක් සහ 2MP super macro  කැමරාවක් ලබා දෙන අතර, එය ඕනෑම පරිසරයක ඉහළ තත්ත්වයේ  පින්තූර ලබා ගැනීම සඳහා කදිම උපාංගයක් වේ. Y53s හි Super Night Selfie  තාක්‍ෂණයෙන් නිර්මාණය කර ඇති Super Night කැමරා මාදිලියක් ද ඇත, එමඟින් අඩු ආලෝකයකදී පවා චිත්‍රාගාරයකින් ලබා ගත හැකි ආකාරයේ ගුණාත්මක ඡායාරූප ග්‍රහණය කර ගැනීමට පරිශීලකයින්ට හැකි වේ. පෙනුම සම්බන්ධයෙන් ගත් කල, liquid crystal color ආලේපනය ස්මාර්ට් ජංගම දුරකථනයට  ආකර්ෂණීය පෙනුමක් ලබා දේ.

Y53s මිල රු. 62,990/- කට ලබා ගත හැක.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *