Sinhala

realme සිව්වන කාර්තුවේදී ශක්තිමත් ගෝලීය වර්ධනයක් සහිතව බටහිර යුරෝපයේ විශිෂ්ටතමයන් පස්දෙනා අතරට පිවිසෙයි

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සහ තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, 2021 සිව්වන කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි.

නවතම Canalys දත්ත වලට අනුව, realme හි වෙළඳපොල කොටස 2021 සිව්වන කාර්තුවේදී ගෝලීය වශයෙන් වෙලඳපොලවල් 30ක සහ කලාප 6ක් තුළ විශිෂ්ටතමයන් පස්දෙනා අතරට ශ්‍රේණිගත කර ඇත. පිලිපීනය සහ බංග්ලාදේශයේ අංක එක බවට පත්වූ realme, පේරු සහ කොලොම්බියා වැනි රටවල් කිහිපයක සහ බටහිර යුරෝපා කලාපයේ ජර්මනියේ පවා විශිෂ්ටතමයන් පස්දෙනා අතරට ප්‍රවේශය ලබා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Realme ශ්‍රී ලංකා හි අලෙවිකරණ ප්‍රධානී Shawn Yan මහතා මෙලෙස පැවසුවේය. ” ආරම්භයේ සිටම අපගේ “Dare to Leap” සංකල්පය ස්මාර්ට්ෆෝන් කර්මාන්තය තුළ පෙරළියක් කර තිබේ.  Realme හි ඉහළ කාර්ය සාධනය, දැරිය හැකි මිලගණන් සහ නවීන මෝස්තරයන්ගෙන් සමන්විත වීම නිසා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අපගේ වර්ධනය සහතික විය. Canalys දත්ත වලට අනුව ඉන්දියාවේ realme හි වෙළඳපොල කොටස සියයට 17 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරට වඩා සියයට 48ක වර්ධනයකි. Realme හි ප්‍රවේශයත් සමඟ ස්මාර්ට්ෆෝන් සහ AIoT උපාංග සඳහා විශාල ඉල්ලුමක් ඇති වී ඇති බව අපි පැහැදිලිව දැක ඇත්තෙමු. 2021 නොවැම්බර් (තුන්වන කාර්තුව) වන විට, ඒකක කොටස මත පදනම්ව ශ්‍රී ලංකාවේ හොඳම ස්මාර්ට්ෆෝන් සන්නාම දෙකෙන් එකක් ලෙස ඉහළ ශ්‍රේණිගත කිරීමකට පිවිසීමට අපි සමත් විය. අපගේ හවුල්කරුවන්, පාර්ශවකරුවන්, සේවකයින් සහ ඔවුන්ගේ විශේෂඥ දැනුම නොමැතිව වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ශීඝ්‍ර වර්ධනයක් සහ ජයග්‍රහණයන් අපට කිසිසේත් ලබාගත නොහැකි වනු ඇත.”

ලෝකයේ දෙවන විශාලතම ස්මාර්ට්ෆෝන් වෙළඳපොල වන ඉන්දියාවේ, 2021 සිව්වන කාර්තුවේ විශිෂ්ටතමයන් පස්දෙනා අතර සිටින ධනාත්මක වර්ධනයක් වාර්තා කළ එකම සන්නාමය realme වීම සුවිශේෂී කරුණකි. තවද යුරෝපා කලාපයේ සියයට 450කට ආසන්න වසරින් වසර වර්ධන වේගයක් (YoY) සහ කලාපයේ සිව්වන විශාලතම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වීම realme හි  නව සන්ධිස්ථානයකි. බටහිර යුරෝපයේ, realme සියයට 1365 ක දැවැන්ත වර්ධන වේගයක් අත්කරගනිමින් ප්‍රථම වරට විශිෂ්ටතම ස්මාර්ට්ෆෝන් වෙළඳුන් පස්දෙනා අතරට ප්‍රවේශය ලබා ගන්නා ලදී.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *