Sinhala

හච් “හරිකේන්”  පළමු සහ දෙවන සතියේ ජයග්‍රාහකයින්ට හරි තෑගි පිරිනමයි

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් “හරිකේන්” හි පළමු සහ දෙවන සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී.

මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed WiFi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැක.

හච් “හරිකේන්”  පළමු සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයින් වූයේ,

Honda ජෙනරේටර් – කිරිඳිවැල එච්.ඩී.ආර්.එන්. කුමාර මහතා.

Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික් – අම්පාරේ ගමගේ මහතා.

සැම්සුන්ග් ස්මාර්ට් ෆෝන් – රුවන්වැල්ලේ එන්.ආර්.යූ. ආර්. බී. විජේතුංග මහතා.

සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු – බලල්ලේ බී. ආර්. ගම්ලත් මහතා.

Battery-backed WiFi රවුටර් – පූඬලුඔය සී. සුබකාන්ත් මහතා.

Sonic Gear Airpod – නත්තරම්පොත එම්.ඩී රත්නායක මහතා.

හච් “හරිකේන්”  දෙවන සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයින් වූයේ,

Honda ජෙනරේටර් – බුල්තල එච්.එම්.ටී.එන්. විමලසේන මහත්මිය.

Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික් – තලාතුඔය ආර්.කේ.එම්.එච්. සේනවිරත්න මහතා.

සැම්සුන්ග් ස්මාර්ට් ෆෝන් – මොරටුව ඩබ්ලිව්.එස්.ආර්.සී.එස් ජයසිංහ මහතා

සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු – බදුල්ලේ එස්.එම්. ආරියදාස මහතා.

Battery-backed WiFi රවුටර් – මුතුවැල්ලේ ආර්.එච්.ටී.ආර්.සී. ෆර්නැන්ඩු මහතා.

Sonic Gear Airpod – මහරගම පී.ඒ.ඩී.ඒ.සී. විජයරත්න මහතා.

හච් “හරිකේන්” වැඩසටහන සියලුම හච් පාරිභෝගිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන “ගාස්තු රහිත” වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ්  කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමිවන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.

හච් කණ්ඩායම වාසනාවන්ත ජයග්‍රාහකයින්ට සිය හෘදයාංගම සුභපැතුම් එක්කල අතර, මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ මෙවැනි වටිනා ත්‍යාග පිරිනමමින් මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීම පිළිබඳව ජයග්‍රාහකයින් සිය කෘතඥතාව පළ කළහ.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *