Sinhala

FitsAir ගුවන් ගමන් දැන් ඉන්දියාවේ චෙන්නායි වෙතටත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය.

මෙම නව සේවාව පාරිභෝගිකයින් සඳහා සුවපහසු ආසන සහ පහසු පියාසැරි වේලාවන් සමඟින් FitsAir A320 ගුවන් යානයකින් සිදු කෙරේ. හඳුන්වාදීමේ දීමනාවක් ලෙස, FitsAir විසින් සියල්ල අන්තර්ගත ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පතක් රුපියල් 55,400ක මිලකට සපයනු ලබයි.

FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර්  කාසිම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “චෙන්නායි වෙත දියත් කරන ලද අපගේ නව සේවාව තුලින් පාරිභෝගිකයින්ට ලාභදායී සහ සුවපහසු අත්දැකීමක් ලබා දීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. ඉන්දියාව සමඟ ඇති සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් රටවල් දෙක අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අපේ අරමුණයි.”

චෙන්නායි එහි සංස්කෘතිය, ආකර්ෂණීය සාප්පු සවාරි සහ විචිත්‍රවත් දේශීය ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.  එසේම චෙන්නායි,  දකුණු ඉන්දියාවේ කේන්ද්‍රස්ථානයක් වන අතර තමිල්නාඩුවේ අනෙකුත් නගරවලට පිවිසීමටද විශාල දුම්රිය හා මාර්ග සම්බන්ධතාවක් එහි පවතී.

චෙන්නායි වෙත දියත් කරන ලද මෙම නව ගුවන් වාරය, පාරිභෝගිකයින්ට වැඩි සංචාරක විකල්පයන් සහ වැඩිදියුණු කළ සම්බන්ධතාවයක් ලබා දීම උදෙසා FitsAir හි ව්‍යාපෘති ප්‍රයත්නයේ එක් පියවරකි. FitsAir එයාර්බස් ගුවන් යානා 3 කින් යුත් නවීන ගුවන් යානා මෙහෙයවන අතර ඉහළ නිපුණතා සහ පළපුරුද්ද සහිත සේවක කණ්ඩායමක් ඔවුන් සතුවේ.

තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී  සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයින්ට ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, කලාපයේ ප්‍රමුඛතම අඩු වියදමක් සහිත ගුවන් ගමන් සපයන්නා  වීමට FitsAir  අපේක්ෂා කරයි. මීළඟ කාර්තුවේදී නව ගමනාන්ත 3ක් දියත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වේ.

වැඩි විස්තර  www.fitsair.com හෝ පාරිභෝගික සහයක (+94) 117 940 940, WhatsApp (+94) 777 811 118 හරහා ලබා ගත හැකිය.

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *